ශ්රී ලංකාව සමග පොහොර ප‍්‍රශ්නයක පැටලී සිටින චීන සමාගම, එම ප‍්‍රශ්නය මේ වනවිට චීන රජයේ අවධානයට යොමු කර ඇති බව වාර්තා වේ.
එමෙන්ම, මෙම කරුණ සම්බන්ධයෙන්, ජාත්‍යන්තරය ඉදිරියේ ශ‍්‍රී ලංකාවට එරෙහිව දැඩි පියවර ගන්නා බවටද සමාගම සපථ කර තිබෙන බව පැවසේ.
චීනයෙන් ගෙන්වන ලද කාබනික පොහොර තොගයේ අහිතකර බැක්ටීරියා ඇති බව තහවුරු වූ බව ජාතික ශාක නිරෝධායනය ආයතනය තහවුරු කිරීමෙන් පසුව, ශ‍්‍රී ලංකා රජය එම පොහොර තොගය භාර ගැනීම ප‍්‍රතික්ෂේප කළේ ය.
කෙසේ වෙතත්, අදාළ පොහොර තොගයේ සාම්පල පරීක්ෂාවට ලක් කරන ලද තෙවන පාර්ශ්වයක් පවසා තිබුණේ, එම පොහොර සාම්පල තුළ අහිතකර බැක්ටීරියා අඩංගු නොවන බවයි.










