සිංහල සිනමාවේ “බොක්ස් ඔෆිස් රජු” යන විරුදාවලියෙන් පිදුම් ලැබූ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වූ සුනිල් සෝම පීරිස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඒ මහතා 72 වන වියේ පසුවිය.
සුනිල් සෝම පීරිස් මහතා විසින් චිත්‍රපට 54කට අධ්‍යක්ෂණයෙන් දායක වී තිබේ.
ජය පිට ජය, දිවුරා කියන්නම්, ජය අපටයි, මමයි රජා, රජ වැඩකාරයෝ, යුක්තියට වැඩ, දිනුම, ඔබටයි ප්‍රියේ ආදරේ යන චිත්‍රපටි ඔහු විසින් අධ්‍යක්ෂණය කර ඇති චිත්‍රපට අතරින් කිහිපයකි.
විටෙක සුනිල් සෝම පීරිස් මහතා නළුවෙකු, නිෂ්පාදකයෙකු හා තිර කතා රචකයෙක් ලෙස ද කටයුතු කර තිබේ.










