ලක්ෂ 31ක හිග මුදලක් එකතු වී තිබීම හේතුවෙන් විදුලිබල මණ්ඩලය විසින් විසන්ධි කරනු ලැබූ මිහින්තලා පුද බිමේ විදුලි සබධතාව යළි ලබා දීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දිනයේ කටයුතු කොට ඇත. Sri Lanka Latest News
ඒ, ඊට අදාළ හිග මුදල වූ ලක්ෂ 41ක මුදල පියවීමෙන් අනතුරුවය.
මිහින්තලා පුදබිමේ විදුලිය විසන්ධි කොට ඇති බවට තොරතුරු වාර්තා වීමත් සමග විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ දින ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ සමගි ජන බලවේගය මැදිහත්ව එම මුදල ගෙවා දැමීමට කටයුතු කරන බවකි.
පසුව විපක්ෂනායකවරයාට සමීප ව්‍යාපාරිකයකු විසින් අදාළ මුදල ලබා දීමට ඉදිරිපත්ව ඇති බව දැනගන්නට ඇත.