• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව සමාජ මාධ්‍යයට වාරණ දාලා-තහංචි පනවලා රටට ලැබෙන්න තියෙන ඩොලර් ටිකත් නැති කරන්නයි යන්නේ! බදු පිට බදු ගහලා ව්‍යවසායකයන් රටින් යන තැනට පත් කරලා! සජිත් ස්වර්ණාභරණ නිර්මාණ ශිල්පීන් ළඟටම ගිහින් ප්‍රශ්න කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

September 24, 2023
in Exclusive
Reading Time: 13 mins read
A A
ආණ්ඩුව සමාජ මාධ්‍යයට වාරණ දාලා-තහංචි පනවලා රටට ලැබෙන්න තියෙන ඩොලර් ටිකත් නැති කරන්නයි යන්නේ! බදු පිට බදු ගහලා ව්‍යවසායකයන් රටින් යන තැනට පත් කරලා! සජිත් ස්වර්ණාභරණ නිර්මාණ ශිල්පීන් ළඟටම ගිහින් ප්‍රශ්න කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අපනයනකරුවන් හා නිෂ්පාදකයන් එකිනෙකට පහසුවෙන් වේගයෙන් සම්බන්ධ විය හැකි එකම මාධ්‍ය ඩිජිටල් මාධ්‍ය හා තාක්ෂණය වුනත් අද වන විට රජය සමාජ මාධ්‍ය ක්ෂේත්‍රයට මරු පහරක් එල්ල කරමින් සමාජ මාධ්‍ය වාරණය කිරිමට උත්සාහ කරන බවත් අන්තර්ජාල දත්ත සුරක්ෂිතභාවය තහවුරු කරනවා කියා සමාජ මාධ්‍යයට වාරණ, තහංචි හා කොන්දේසි දමා ජනතාවගේ නිදහස සීමා කිරීමට උත්සාහ කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ බදු පිට බදු බර පැටවිම නිසා බොහෝ සමාජ මූලික කර ගත් කර්මාන්ත හා ආයතන අප රට හැරයාමේ අවදානමක් මතුව ඇති බවත් රජය රටේ කර්මාන්ත දියුණු කර ඩොලර් උත්පාදනය කරනවා වෙනුවට රටේ කර්මාන්ත විනාශ කිරීමේ වැඩපිළිවෙළක නිතර වන බවත් සමාජ මාධ්‍ය වාරණය හරහා තිබෙන ඩොලර් ටික පවා අහිමි වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමාජ මාධ්‍ය යනු රටේ පුරවැසියන් ලක්ෂ 220ම භුක්ති විදින අදහස් ඵල කිරීමේ නිදහස ඇති මූලික අයිතියක් බැවින් එය සුරක්ෂිත කිරීමට සැවොම එකා මෙන් එකට එකතු විය යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ බෙලිදෙණිය ප්‍රදේශයේ ස්වර්ණාභරන නිර්මාණය කරන ව්‍යවසායකයන් සහ නිර්මාණශිල්පීන් හමුවී ඔවුනගේ ප්‍රශ්න හා ගැටලු සාකච්ඡා කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මේ රටේ විවිධ කර්මාන්ත කරන දක්ෂතාව නිපුනතාව හැකියාව තිබෙන කර්මාන්ත ගම්මාන විශාල ප්‍රමානයක් තිබුණත් අවසානාවකට මෙන් ස්වර්ණාභරන කර්මාන්තය ඇතුළු අනෙකුත් කර්මාන්තවලට අවශ්‍ය මූල්‍ය පහසුකම් නොමැති බවත් අඩු පිරිවැයකින් මුදල් ලබා ගත හැකි ක්‍රමයක් නොමැති බවත් පොලි අනුපාත පවා වැඩි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම රටක් ලෙස නව තාක්ෂණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට ගිය කාලයක් තිබුණත් මේ වන විට නැවතත් ආපස්සට යාමක් සිදුවන බවත් රටක් ලෙස සංවෘත නොවී ලෝකයා එක්ක ගනුදෙනු කරන විවෘත රටක් ඇති කළ යුතු බවත් ඒ තුළින් නව ක්‍රමවේද හා ක්‍රමෝපායන් අප රටට ලබා ගැනීමට කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තවද මූල්‍ය සම්පත අඩු වීම තුළ උපකරන හිගයක් ඇති බවත් මේ වන විට රට බංකොලොත් වී ඇති නිසා අනෙකුත් රටවල් සමඟ තරග කල නොහැකි තත්ත්වයක් ඇති වී ඇති බවත් රටක් ලෙස නැවත ගොඩ ඒමට නම් ස්ථායිකරණය හා වර්ධනය එකට යා යුතු බවත් වෙන වෙනම නොයා යුතු බවත් ස්ථායිකරණයයි වර්ධනයයි වෙන වෙනම යවමින් වත්මන් රජය සෑම දෙයක් මතම අධික බදු බරක් පටවා ඇති බවත් මෙය වෙනස් විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එසේම ලබන පාර්ලිමේන්තු සැසිවාරයේදී බුද්ධික පතිරන මැතිතුමාගේ මූලිකත්වයෙන් යුත් ආංශික අධික්ෂණ කාරක සභාවට ස්වර්ණාභරණ සකස් කරන පුද්ගලයන් ද ගෙන්වා ඔවුන්ගේ අදහස් ලබා ගැනීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තවද බංකොලොත් රටේ ඩොලර් නැහැ කිය කියා හඩා වැළපෙනවා වෙනුවට කැට හෙල්ලා හොල්ලා ඩොලර් හොය හොය යන්නේ නැතිව වසා දමා ඇති මැනික් හා ස්වර්ණාභරන අධිකරණයට අයත් ශාලාව නැවත සවිබල ගන්වා අප රටට ඩොලර් ලබා ගත හැකි ස්වර්ණාභරන අපනයන කේන්ද්‍රීය කර්මාන්ත පුහුනුවකට එය යොදා ගත හැකි බවත් රජයට ඒ සදහා මුදල් නොමැති නම් රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළ හැකි බවත් ඒ තුළින් තරුණ පරම්පරාවට පුහුණුව ලබා දීමට කටයුතු කළ හැකි බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

අතමැදිකරුවන් නිසා නිෂ්පාදනකරුවා හා අවසාන වෙළෙඳපොළ අතර ඇති සබදතා පළුදු වී ඇති නමුත් ඩිජිටල් තාක්ෂණය උපයොග්ී කර ගෙන නිර්මාණකරුවා හා අපනයනකරුවා එක්ට සම්බන්ධ කළ හැකි වැඩපිලිවෙළක් සකස් කල හැකි බවත් අප රටේ ඇති අපනයන සංවර්ධන මණ්ඩලය මේ ගැන අවධානය යොමු නොකිරීම ලැජ්ජා බවත් ජපානය පවා දැවැන්ත සංවර්ධනයක් අත්කර ගත්තේ ඔවුන්ගේ අපනයන සංවර්ධන මණ්ඩලයෙන් වුනත් අප රටේ ආයතනය එකතැන පල් වෙමින් සිටින බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

බෙලිදෙනිය ගම්මානයට පැමිණියේ ජනප්‍රිය දේශපාලන ගමනක් අරමුණු කර ගෙන නොව මෙරට ස්වර්ණාභරණ කර්මාන්තය දියුනු කිරීමේ අරමුණින් බවත් විපක්ෂ නායකවරයා මෙහි දී වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙම සංචාරය අතරතුර බෙලිදෙණිය ප්‍රදේශයේ ස්වර්ණභරණ නිර්මානය කරන තරුන ව්‍යවසායකුගේ කර්මාන්තශාලාවක් නිරීක්ෂණය කිරිමට ද එක් විය. එහි දී මෙම ක්ෂේත්‍රයේ දැනට පවතින අඩුපාඩු රැසක් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අවධානයට ලක් විය.

SendShareShare
Previous Post

රනිල්-බයිඩන් හමුව කැන්සල් වුණේ නැද්ද? මාධ්‍ය ඒකකය එළියට දාපු ෆොටෝ එක මොකද්ද? Sri Lanka Latest News

Next Post

බස් එකකට පැන්න 4 දෙනෙක් බස් එකේ හිටපු ලංගම ඩ්‍රයිවර් කෙනෙක්ට පහර දී වාහනයක දාගෙන පැනලා ගිහින්! තවම කිසිම තොරතුරක් නෑ! I Sri Lanka Latest News

MORE NEWS

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට ඉදිරිපත්ව ඇති යෝජනාව සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ නීතීඥ සංගමයද සිය විරෝධය...

Read more
මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.