ගෝඨාභය රාජපක්ෂ රජය භූමදානය ආදාහනය ගැටලුව අවස්ථාවේ දි ජනතාවගේ ඡන්දයෙන් පත් වූ මහජන නියෝජිතයන් තමන්ගේ ආගම සංස්කෘතිය ජනතාවගේ සිරිත් විරිත් අමතක කර දැමූ බවත් පෞද්ගලික වරදාන වරප්‍රසාදවලට ආගම දහම පාවා දුන් බවත් ආත්මය පවා පාවා දී ජාතිවාදය වැපිරූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
ජාති වාදය නිසා රටම විනාශ වූ බවත් එම නිසා ජාතිවාදය ආගම්වාදය ආගම්භේදය ජාති භේදය ප්‍රචලිත වී තිබු යුගය නැති කරන බවත් සැම ජාතියක්ම ජන කොට්ඨාසයක්ම මේ දුර්දාන්ත ආණ්ඩුවේ වැඩ නිසා දුක් විදින බවත් සියලු දෙනාම කම්පනයට ලක්ව ඇති මොහොතක දුක කදුල වේදනාව ඉවත් කර සෞභාග්‍ය සම්පන්න ජන ජිවිතයක් උදා කිරීමේ වගකීම බාර ගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
2024 ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ 29 වැනි විජයග්‍රාහී ජන රැළිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් (30) නාච්චිදූව නගරයේ දී අතිසාර්ථක අන්දමින් පැවැත්විණි. මෙහි දී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ය.
පක්ෂ මාරු කරන දේශපාලනයට නැවතීමේ තිත
සැප්තැම්බර් 21 නිර්මාණය වන සමගි ජන බලවේග රජයක් තුළ පැත්තෙන් පැත්තට පක්ෂ මාරු කරන ක්‍රමය තහනම් කරන බවත් එම තහනම් කරන නීතිරීති ගෙන එන බවත් අධිකරණයට ගන්න පුළූවන් තීන්දු තීරණ ශක්තිමත්ව ගැනීමට අවශ්‍ය නීති රීති ටික සම්පාදනය කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
නිවසක් නොමැති ජනතාවට නිවසක්
තමා කිසිදු අවස්ථාවක පුද්ගලික වරදාන වරප්‍රසාද කොන්දේසි මත මන්ත්‍රීවරුන් සම්බන්ධ කර නොගන්නා බවත් ප්‍රතිපත්ති මත සියලු දෙනා සම්බන්ධ කර ගන්නා බවත් ගම්හදා නගර හදා රට හැදීම ප්‍රතිපත්තිය බවත් ඉඩමක් නිවසක් නොමැති ජනතාවට ඉඩම් ටික නිවෙස් ටික ලබා දීමට ගම් උදාව ක්‍රියාත්මක කරන බවත් උඩරට වතු හා පහතරට වතු, ග්‍රාමීය නාගරික, මධ්‍යම පාන්තික ජනතාවට, ආපදාවකින් හානි වූ ජනතාවගේ නිවාස වැඩසටහන් එකට එකතු කර ජාතික නිවාස ප්‍රතිපත්තියක් සම්පාදනය කර තමන්ගේම නිවසක ජීවත් වීමේ අයිතිය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
දුප්පත්කම නැති කරන්න නව වැඩසටහනක්
දුගි දුප්පත්කම තුරන් කරන්න නව වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් මාස 24ක් තුළ දුගී දුප්පත්කමින් මිදෙන්න මාසෙට රු. 20000ක ශක්තියක් ලබා දී මාස 24ක් තුළ දුප්පත්කමින් මිදෙන්න සදාකාලික දිලිදු ආධාර මත යැපෙන් නැති අභිමානවත් පරපුරක් නිර්මාණය කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
කිලෝ 50 පොහොර මිටය රු. 5000ට ලබා දීමත් ස්ථාවර මිලක් ලබා දීමත් ගොවි ණය කපා හැරීමත් කිව්ආර් කෝඩ් එක කේන්ද්‍ර කර ගෙන ගොවි ධිවර ත්‍රීරෝද රථ හා පාසල් බස් සේවයත් ශක්ති හාල් මෝල් හිමියන්ට ඉන්ධන සහනාධාර ලබා දීම ඇතුළු සහන රැසක් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.



















