ගුරුවරුන් සඳහා ගාල්ලේ හෝටලයක සංවිධානය කර තිබු සාකච්ඡාවක් සහ සාදයක් දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණය කිරිමේ මධ්‍යස්ථානයේ මැදිහත්වීමෙන් නතර කර තිබෙනවා. Sri Lanka Latest News
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන වජිර අබේවර්ධන රමේෂ් පතිරණ සහ හිටපු මන්ත්‍රී මනුෂ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව සහ සාදය සුදානම් කර තිබූ බව ගාල්ල දිස්ත්‍රික්නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිල්ලක් ලැබී තිබුණා.
ඒ අනුව ක්‍රියාත්මක වූ මැතිවරණ ආරවුල් නිරවුල් කිරිමේ මධ්‍යස්ථානයේ නිලධාරින් අදාළ රැස්වීම පැවති ස්ථානයට ගොස් එය තහනම් කොට රැස්ව සිටි පිරිස විසුරවා හැරිමට කටයුතු කර තිබෙනවා.
මිට පෙරත් හිටපු මන්ත්‍රීවරුන් වන මනුෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දුට මෙවැනි දේ නොකරන ලෙසට මැතිවරණ කොමිසම අවවාද කර තිබුණා.










