අප රටේ කලා ක්ෂේත්‍රයට අද්විතීය නිර්මල සේවාවක් ඉටු කල මහා දැවැන්ත පෞරුෂයක් ඇති යුග පුරුෂයකු ලෙස ජැක්සන් ඇන්තනි මහතා හැදින්විය හැකි බවත් ඔහුගේ මේ වියෝව අප සියලු දෙනාටත් රටටත් අතිශය පාඩුවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
කලා ක්ෂේත්‍රයේ නව නිර්මාණ හා නව මාදිලියේ කලා ප්‍රවණත ඉතාමත්ම නිර්මාණශීලී අන්දමින් සිදු කරන්න කටයුතු කිරීම සම්බන්ධයෙන් රටේ ජනතාව තුළ ඉමහත් ගෞරවයක් ඇති බවත් මෙසේ අවසානාවන්ත ලෙස හදීසියේම අප අතරින් වෙන් වූ එතුමාට මොක්සුව ප්‍රාර්ථනා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (11) අභාවප්‍රාප්ත ජැක්සන් ඇන්තනී මහතාගේ දේහයට ගෞරව දැක්වීමට එතුමාගේ නිවසට ගිය අවස්ථාවේදීය.










