සක්වල සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ වැඩසටහනේ තවත් එක් අදියරක් ලෙස පුත්තලම දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයකට සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ වැඩසටහන් සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දා එක් වූ අවස්ථාවේ දී පුත්තලම නාත්තන්ඩිය මහවැව තෝඩුවාව සාන්ත අන්තෝනි මහා විද්‍යාලය ඉගෙනුම ලබන දක්ෂ දරුවකුගේ නව තාක්ෂණික නිර්මාණ පිළිබඳ දක්ෂතා දැක ගැනීමට ද අවස්ථාව ලැබුණි.Sri Lanka Latest News
එම පාසලේ ඉගෙනුම ලබන නෙතුජ ප්‍රනාන්දු නම් සිසුවා විසින් 2023 වසරේ අන්තර් පාසල් රොබෝ සහ නව නිපැයුම් තරගාවලිය සඳහා ඉදිරිපත් කළ රොබෝ නිර්මාණයට වයඹ පළාතේ 3 වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වී ඇති අතර ඒ සඳහා ඔහු ඉදිරිපත් කරන ලද රොබෝ නිර්මාණය සකස් කිරීම සඳහා රුපියල් 20000ක මුදලක් වැය වී තිබේ. මෙම දරුවාගේ පියා ධීවර කර්මාන්තයේ නිරතවන්නකු වේ.
ඒ අනුව නෙතුජ ප්‍රනාන්දු සිසුවාගේ දක්ෂතාව තවදුරටත් වැඩිදියුණු කර ගැනීමට සහ තවත් රොබෝ යන්ත්‍රයක් නිර්මාණය කර තරග ජයග්‍රහණය කිරීම සඳහා රුපියල් 25000ක මුදලක් පරිත්‍යාග කළේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එවැනි පරිත්‍යාගයක් සිදු කරන ලද්දේ එම සිසුවා තවදුරටත් දිරිමත් කිරීමට සහ ඔහුගෙන් තවත් සිසුන් ආභාෂය ලැබීම අරමුණු කර ගෙන ය.
මෙහි දී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ මෙම සෑම පරිත්‍යාගයක් පිටුපසම ඇති ප්‍රතිපත්තිය වන්නේ පවතින අධ්‍යාපන ක්‍රමයෙන් පාසල් දරුවන්ටත් රටටත් ඉදිරි ගමනක් යා නොහැකි නිසා අප රටේ පවතින නිදහස් අධ්‍යාපනය තවදුරටත් ශක්තිමත් කිරීම, යාවත්කාලීන කිරිම හා නූතනවාදී කිරීම බව යි.