ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ගුඩ් ෂෙපර්ඩ් දේවස්ථානයේ දේව මෙහෙයක් පවත්වන අතරතුරදී අගරදගුරු මාරි එමානුවෙල් පිහි ඇනුමකට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.Sri Lanka Latest News
ඔහු පිහි ඇනුමට ලක්වන ආකාරය පිළිබඳ දැක්වෙන නිර්මාණය කරන ලද වීඩියෝවක් අන්තර්ජාලයේ සීඝ්‍රයෙන් හුවමාරු වන බවත් එම වීඩියෝවේ අගරද ගුරුවරයා අල්තාරය මත දී පිහි ඇනුමට ලක්වන අයුරු දැක්වෙන බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේය.
සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් සැකකරු අගරදගුරුවරයාට සහ තවත් පුද්ගලයන් සිව් දෙනෙකුට පිහියෙන් ඇන ඇති බවත් නිව් සවුත් වේල්ස් පොලිසිය ප්‍රකාශ කළේය.
නමුත් පිහි ඇනුමට ලක්වූවන්ගේ තත්ත්වය බරපතල නොවන බවද නිව් සවුත් වේල්ස් පොලිසිය පැවසුවේය.









