• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවේ විකෘති මානසිකත්වයෙන් දරු පරපුරත්-පුරවැසි පරපුරත් විනාශ වෙනවා! සජබ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේ 10 වන අදියර අරන් සජිත් මිහින්තලේට යයි! ග්‍රාම සේවා වසම් 14,021ක්… කුඩා ගම්මාන 50,964ක්… රටම ආවරණය කරන වැඩක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

October 6, 2025
in Exclusive
Reading Time: 16 mins read
A A
ආණ්ඩුවේ විකෘති මානසිකත්වයෙන් දරු පරපුරත්-පුරවැසි පරපුරත් විනාශ වෙනවා! සජබ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේ 10 වන අදියර අරන් සජිත් මිහින්තලේට යයි! ග්‍රාම සේවා වසම් 14,021ක්… කුඩා ගම්මාන 50,964ක්… රටම ආවරණය කරන වැඩක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙරට අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් ඇති වුවහොත් නව අධ්‍යාපන ක්‍රමයක් හරහා නූතනවාදී දරු පරපුරක් ජන පරපුරක් නිර්මාණය කිරිම තුළ නූතන ලෝකයේ අභියෝගවලට මුහුණ දි නව තාක්ෂණය උපයෝගී කර ගෙන නවීන යන්ත්‍ර සූත්‍ර නිර්මාණය කර පුද්ගලයන් ලෙසත් රටක් ලෙසත් දියුණු විය යුතු බැවින් අධ්‍යාපනයේ ප්‍රතිව්‍යුහගතකරණයක් සිදුවිය යුතු බවත් එහි දී නව තාක්ෂණය, පරිගණක තාක්ෂණය, ඉංග්‍රීසි චීන හා හින්දි වැනි විදේශීය භාෂා ඉගෙන ගැනීම තුළ ලෝක වෙළෙදපොළේ ශ්‍රම සැපයුම ආක්‍රමණය කළ හැකි බවත් එහි දී කෘතීම බුද්ධිය රොබෝ තාක්ෂණය වැනි නවීන ක්‍රම වෙත යා යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

මේවා සේම ඉතිහාස විෂය ද අනිවාර්ය විය යුතු බවත් ඒ තුළින් අතීත රජ දවසේ සිදුවූ සංවර්ධනය, ඉපැරණි වාරි සංස්කෘතිය හා රාජ්‍ය පාලන සංස්කෘතිය ගැන දරුවන් දැනුවත් විය යුතු බවත් නව අධ්‍යාපන ක්‍රමයේදී හර විෂයක් ලෙස ඉතිහාසයට දී ඇති ප්‍රමුඛත්වය ඉවත් කිරීම නින්දාසහගත බවත් අප කළ යුත්තේ හොද පෞර්ෂත්වයක් තිබෙන සුහුරු දරුවන් නිර්මාණය කිරීම බවත් සුහුරු දරුවා හරහා සුහුරු සිසුවා සුහුරු පුරවැසිය හා සුහුරු රට නිර්මාණය කළ හැකි බවත් සමගි ජන බලවේගය මේ ප්‍රතිපත්ති ඉදිරිපත් කරන විට සුහුරු පන්තිකාමර දෙන විට ජනතාව ඒවා ප්‍රතික්ෂේප කළ බවත් දැරියන්ට හිමි සනීපාරක්ෂක පහසුකම් නොමිලේ දිය යුතු යැයි කියන විට එයට පහර ගසා වත්මන් රජය විකෘති මානසිකත්වයකින් රටේ දරු පරපුර විනාශ කරන්න විවිධ අමනෝඥ යෝජනා ඉදිරිපත් කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සුරංග රත්නායක මහතාගේ සංවිධානත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලය ආසනය සෙලෙස්තිමඩුව කොට්ටාසයේ පැවැති ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවා වැඩසටහන සහ සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් සදහා එක්වෙමිනි.

ඉතිහාස විෂය හර විෂයන් තුළින් ඉවත් කිරීම ඉන් එකක් බවත් ඊට අමතරව දෙමාපියන්ට ගුරුවරුන්ට වැඩිහිටියන්ට යම් දරුවෙක් වැරදි මාර්ගයක ගමන් කරනවා නම් ඒ දරුවාට කෘරත්වයෙන් තොරව හිංසනයෙන් තොරව යහපත් ආකාරයෙන් දරුවව හරි මගට යොමු කිරීම සත්භාවයෙන් වත් කළ නොහැකි බවට පනත් සම්මත කිරිමට යන බවත් ගුරුවරුන්ගේ දෙමාපියන්ගේ වැඩිහිටියන්ගේ අත් වැද නීතියට යට කර යහපත් සමාජයක් ගොඩනගන්න එන්න යැයි කියන බවත් තමා දරුවන්ට විරුද්ධව එල්ලවන හිංසන පීඩන කෘර ක්‍රියා අනුමත නොකරන බවත් සත්භාවයෙන් දරුවනාගේ අභිමානයට කැලලක් නොවන ලෙස දරුවන් යහමගට ගැනීමේ නිදහස තිබිය යුතු බවත් රජය එය ද ඉවත් කිරීම වැරදි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විකෘති මනස් ඇති විකෘති ක්‍රියාදාම රටේ ව්‍යාප්ත කර ජන සමාජය විනාශ කරන් ඉඩ දිය නොහැක

අද කුඩු පද්ධතිය පාසල් පද්ධතිය ආක්‍රමණය කර අවසන් බවත් ඊෂී කෑෂ් හරහා කුඩු බෙදන බවත් මේවා වැළැක්විය යුතු බවත් කුඩුකාරයන් අත්අඩංගුවට ගැනීම ප්‍රශංසනීය බවත් ඔවුන් අත්අඩංගුවට ගන්නවා සේම පාසල් පද්ධතියේ හා තරුණ පරපුර මේ කුඩු ජාවාරම්කාරයන්ගෙන් බේරා ගන්න දැඩි නීති ගෙන ආ යුතු බවත් රටේ සෑම ආගමක් තුළම සංස්කෘතියට ඔබින ශීලාචාර ශිෂ්ටසම්පන්න දරුවන් බිහි කිරීමේ අරමුණු ඇති බවත් ආගම් තුළ විකෘති අදහස් නැති බවත් ලොවට බිහි වන විට ජාති ආගම් කුල මල පන්ති පක්ෂ භේද නොමැති නිසා සෑම පුරවැසියකුටම ගරු කළ යුතු බවත් පුරවැසියන් ශිෂ්ටසම්පන්න සංස්කෘතිය පුරවැසියකු ආගමානුකූල පුරවැසියකු නිර්මාණය කළ යුතු බවත් විකෘති මනස් ඇති විකෘති ක්‍රියාදාම රටේ ව්‍යාප්ත කර ජන සමාජය විනාශ කරන් ඉඩ දිය නොහැකි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

අද රජයේ හැමදේම විකෘතියක් විතරයි

රජය අද කරන කරන හැමදේම විකෘතියක් බවත් සමාජ රටාවන් සමාජ සංස්කෘතීන් සුනුවිසුනු කරන ප්‍රතිපත්ති මේ අය යෝජනා කරන බවත් එම නිසා සදාචාරසම්පන්න ශිෂ්ට සම්පන්න ආගමානුකූ විනයගරුක යුක්තිගරුක පුරවැසියන් බිහි කරන සමාජ රටාව ඇති කර රජයේ විකෘති යෝජනාවලින් රටේ ජනතාව ආරක්ෂා කිරීමේ වගකීම සමගි ජන බලවේගය ගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද තරුණ තරුණිය්ගේ රැකියා ගැටලුවට විසදුම් ලැබුනාද

76 වසරක සාපය ගගා එක පෑන් පාරින් මේ සාපය නැති කරනවා කියූවත් අද වන විට ගොවියාට ගුණාත්මක පොහොර, බීජ, තෙල් බෙහෙත් නොලැබෙන බවත් එක පෑන් පාරීන් කිසි දෙයක් නොවූ බවත් මේවා ගොවියාට අද දරාගත නොහැකි බවත් අලි මිනිස් ගැටුමට තවමත් විසදුම් නොමැති බවත් රැකියා කරන්න පුලුවන් ඇගලුම් කර්මාන්තශාලා අද රට හැර යන බවත් කිසිදු කර්මාන්තශාලාවක්වත් අලුතින් බිහි නොවූ බවත් තරුණ තරුණියන්ගේ රැකියා ගැටලුවලට විසදුම් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ආණ්ඩුවේ 159 දැන ගෙන ද ඡන්දය දුන්නේ

ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 159 රටේ ජනතාව හදුනනවද කියා ප්‍රශ්න කරන බවත් මේ පුද්ගලයන් දැන හදුනාගෙන ද ඡන්දය දුන්නේ කියා ගැටලුවක් ඇති බවත් මේ නිසා අද වන විට ජනතාවට තමන්ගේ ගැටලු ප්‍රශ්න ඉදිරිපත් කරන්න කවුරුත් නොමැති නිසා විපක්ෂ නායකවරයාට ගැටලු ඉදිරිපත් කරන බවත් එම නිසා මෝස්තරයට ඡන්දය දීම සුන්දර සුරංගනා කතාවට රැවටීම සහ ප්‍රතිපත්ති නොදැන ඡන්දය දීමෙන් ඉදිරියේදීවත් ජනතාව වැළකී සිටිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දිවයින පුරා ග්‍රාම සේවා වසම් 14,021ක් කුඩා ගම්මාන 50,964ක් ඇතුළු සමස්ත රටම ආවරණය කරමින් සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා මොරටුමුල්ලෙන් ආරම්භ විය.

SendShareShare
Previous Post

මනම්පේරි දාලා ආණ්ඩුව ගහපු මඩෙත් අරන් ජොනී උසාවියට!  I Sri Lanka Latest News

Next Post

මොකද්ද මේ වෙන්න යන්නේ? උඩුනුවර සමූපාකාර ඡන්දයෙන් විපක්ෂය විශිෂ්ට ජයක් අරන්! මාලිමාවට එක ඡන්දයක්වත් නෑ!  I Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.