රේන්බෝ සහ නිව් රේන්බෝ විදේශ රැකියා ආයතන දෙක නිසා අගතියට පත් 640කට වැඩි ප්‍රමාණයක් සිටින බවත් මේ අයගෙන් කෝටි 86-90ක පමණ වංචාවක් සිදුව ඇති නිසා මේ වංචාව නිසා අසහනයට පත් අයට නොමිලේ නීති සහාය ලබා දෙන බවත් ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සමගි ජන බලවේගය පෙනී සිටින බවත් මේ ගැටලුව නැවත වරක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. Sri Lanka Latest News
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද නුගේගොඩ ගංගොඩවිල උසාවිය අසල දී රේන්බෝ හා නිව් රේන්බෝ විදේශ රැකියා නිසා අගතියට පත් පාර්ශ්වයන් විසින් පැවැත්වු සාමකාමී විරෝධතාව හා එක්වෙමිනි. මීට අදාළ නඩු කටයුතු ද අද පැවැත්විණි
මේ වන විට මෙම වංචාවට අදාළව එක් අයකු පමණක් අත්අඩංගුවට ගත්තත් තවත් අය සිටින නිසා ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස රජයට බලපෑම් කරන බවත් මෙවැනි වංචනික ආයතනවලට විදේශ රැකියා ක්ෂේත්‍රයේ වංචා නතර කිරීමට සියලු පියවර ගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
යුක්තිය සාධාරණත්වය ඉටු කිරීමට ඕනැම අවස්ථාවක තමා පෙනී සිටින බවත් මෙය බරපතල සමාජ ගැටලුවක් බවත් අමාරුවෙන් මුදල් උපයන මිනිසුන්ගේ මුදල් මංකොල්ලකන පුද්ගලයන් වෙනුවෙන් විධිමත් නීති පද්ධතියක් නිර්මාණය කළ යුතු බවත් අද මේ අගතියට පත් අයට නොමිලේ නීති සහ ලබා දෙන්නේ සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

















