සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතා මෙසේ පැවැසීය. Sri Lanka Latest News
කෙසේ නමුත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවේ ඇතිවන මුදල් හිඟය කල්තියා පුරෝකථනය කරමින් මුලික උපකල්පන දෙකක් භාවිතා කර තිබුණා. මෙවැනි විනාශයක් යළි ගොඩනැගිමේ පිරිවැය විනාශයේ පිරිවැයට වඩා වැඩියි. උදාහරණය විහිදහට උඩරට දුම්රිය මාර්ගය නැවත සකස් කරන්න වසරකට වැඩි කාලයක් ගත වන බව රජය ප්‍රකාශ කර තිබුණා. ඒ හරහා සංචාරක ව්‍යාපාරයට ඇති වන හානිය , ඒ හරහා මිනිසුන්ගේ ජන ජිවිතයට වන හානිය රජය විසින් ගණන්බලා නැහැ. ඒ නිසා මෙවැනි ව්‍යසනයකදී යළි ගොඩනැගිමේ පිරිවැය විනාශයේ පිරිවැයට වඩා වැඩියි. ඒ වගේම යළි ගොඩනැගිමේදී දිගු කාලින ප්‍රශ්නවලට ආමන්ත්‍රණය කරන්න සිදුවෙනවා. සංවර්ධනයේ සාරවත් අද්දැකිම් මුලිකරගෙනයි සජිත් ප්‍රේමදාස මහතා මෙවැනි සාර්ථක උපකල්පනයන් සිදුකරන්නේ.
ඒ වගේම ලෝක බැංකුවේ පුරකථනයන්ට වඩා එහාට ගොස් ව්‍යසනය හේතුවෙන් සිදුවුණ හානිය සහ වක්‍ර හානිය පිළිබඳව ගණන් බලා සමස්ථ පාඩුව පිළිබඳව ගණනයක් කිරීමක් ලෝකය හමුවේ තැබිය යුතුයි. ඒ වගේම ඩොලර් බිලියන 6 ක හෝ 7 ක සමස්ථ පාඩුවක් මෙම ව්‍යසනය හේතුවෙන් සිදුවි ඇති බව මේ වනවිට ගණනය කර තිබෙනවා. එය දළ දේශිය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 6 ත් 8 ත් අතර ප්‍රමාණයක් වෙනවා. ඒ අනුව සැබැ තත්ත්ය ලෝක බැංකු ඇස්තමේන්තුවට වඩා දෙගුණයක් වැඩිවී තිබෙනවා.
ඒ වගේම ආධාරක සමුලුවක් කැඳවා රටේ සමස්ථ පාඩුව පිළිබඳව ඉදිරිපත් කරන්න රජය කටයුතු කළ යුතුයි. නමුත් ඒ පිළිබඳව තොරතුරක් ආණ්ඩුවෙන් ලැබෙන්නේ නැහැ. ආධාරක සමුලුවක් පවත්වා සමස්ථ පාඩුව පිළීබඳව ඉදිරිපත් කරන්න රජය සුදානම් විය යුතුයි. ඒ සඳහා සමගි ජනබලවේගය මේ මොහොතේ ආණ්ඩුවට උදව්වක් කරන්නේ. ඒ වගේම ව්‍යවසයෙන් සිදුවුණ මුලු පාඩුව ඇස්තමේන්තුගත කර ගත යුතුයි. ලෝක බැංකු ඇස්තමේන්තුවෙන් පිටතට ගොස් ආර්ථික පාඩුවත් ගණනය කර ඇස්තමේන්තුව සිදුකළ යුතු වෙනවා. ශ්‍රී ලංකාව නැවත ගොඩනැංවිමේ ක්‍රියාවලියේදී ස්වභාවික උපද්‍රව වලට ඔරොත්තු දීමේ හැකියාවක් ඇතිවන ආකාරයට කටයුතු කිරිම පිළිබඳව , පුණරුත්ථානය සිදුකර ගන්නා ආකාරය පිළිබදව , ප්‍රතිසංස්කරණය කර ගන්නා ආකාරය සහ ප්රතිගොඩනැංවිමේ ක්‍රියාවලිය සකස් කර ගන්නේ කෙසේද යන්න ඉදිරිපත් කළ යුතුයි.
මේ අනුව රජය සියලුම පක්ෂවල සහභාගිත්වයෙන් සර්වපාක්ෂික සමුලුවක් කැදවන්න කටයුතු කරයි කියලා සමගි ජනබලවේගය විශ්වාස කරනු ලබනවා. එම සර්වපාක්ෂික සමුලුව හරහා ආධාරක සමුලුවට පදනම සකස් කර ගන්නැයි සමගි ජනබලවේගය ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ජාත්‍යන්තර ආධාරක සමුලුවේදී එක්සත් ජාතින්ගේ සංවිධානය සහ ඊට අනුබද්ධ ආයතන , ලෝක බැංකුව , ජාත්‍යන්තර මුල්‍ය අරමුදල , ආසියානු සංවර්ධන බැංකුව වැනි බහුපාර්ශ්විය ආයතනවලට ආරාධනා කළ යුතුයි. එමෙන්ම ඉන්දියාව , චිනය වැනි ද්විපාර්ශ්විය හිතමිතුරන්ට ආරාධනා කළ යුතුයි. කෙසේ නමුත් 2025 දෙසැම්බර් 3 වැනිදා රටේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ දෙයක්ද නැද්ද යන බොලද තර්කවල නොසිට රටගැන සිතා සැබැ ලෙස ආධාරක සමුලුවක් කැදවන්නැයි සමගි ජනබලවේගය රජයෙන් ඉල්ලා සිටිනවා. ඒ හරහා විපතට පත් ජනයා වෙනුවෙන් කඩිනමින් සහන සලසන්නැයි රජයෙන් ඉල්ලා සිටිනවා.
කෙසේ නමුත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළ දෙය ප්‍රායෝගිකව පෙනෙන්න තිබෙනවා. ඒ වගේම ප්‍රශ්නයක් කලින් හඳුනාගෙන ඒ සඳහා විසදුම් ඉදිරිපත් කිරීමේද හැකියාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට තිබෙනවා. නමුත් ඒ පිළිබඳව තිබෙන සමාජ කතිකාවත ප්‍රමාණවත් නැහැ. උදාහරණයක් ලෙස පසුගියදා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ඡාවක් පැවැත්වුණා. රටේ සිටින ඇතැම් නායකයන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමේදී ඔවුන් කියන දේ පිළිගන්නවා මිසක ඔවුන්ගෙන් ප්‍රශ්න කරන්නේ නැහැ. නමුත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවැරදි දත්ත ඉදිරිපත් කරමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන් දැනුම්වත් කරමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් ගිවිසුම තමාට බලය ලැබුණොත් යළි සාකච්ඡාවට භාජය කිරීමට කැමැති බව සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළා. සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ තර්කයට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන් එකඟ වුණා. බලය ලබාගැනිමෙන් පසු ඒ පිළිබඳව සාකච්ඡා කරන්න ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන් එකඟ වුණා. මෙවැනි සාකච්ඡා සිදුවන බව බොහෝ දෙනෙකු දන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස මහතා සිදුකරන සාකච්ඡාවල මානුෂිය තත්ත්වයක් තිබෙනවා. පොදුජනයා වෙනුවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිස සමඟ සාකච්ඡා කරන්න සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළා. නමුත් රටේ ජනතාව මේ සම්බන්ධයෙන් දැනුම්වත් නැහැ. රට නොදන්නා සජිත් ප්‍රේමදාසව එළියට ගන්නයි අපි උත්සහ කරන්නේ.‘‘










