ඉකුත් කොරෝනා සමයේ ග්‍රාම නිලධාරීවරුන් කැපවී රාජකාරී සිදු කළද ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් ආණ්ඩුව මෙතෙක් නිසි පිළිතුරු ලබා දී නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කර සිටියේය.
පාර්ලිමේන්තුවේදී ඒ පිළිබද ආණ්ඩුවේ අවධානය යොමු කරවූ විපක්ෂනායකවරයා අවම වශයෙන් සේවා ව්‍යවස්ථාවක් හෝ ඔවුන්ට සකස් කර නොමැති බවද පෙන්වා දුන්නේය.
එම නිසා වහාම මෙම ගැටලුවලට විසදුම් ලබා දෙන ලෙසද විපක්ෂනායකවරයා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.










