වත්මන් ආණ්ඩුව යටතේ මර්දනයට ලක්වූ මාධ්‍යවේදීන් රැසක් සිටින බවත්, ආණ්ඩුව මාධ්‍ය මර්දනයක නිරතව සිටින බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී අනාවරණය කර සිටියේය.
වහාම මෙම මර්දනය අත්හිටවන ලෙසත්, භාෂණයේ නිදහස තහවුරු කරන ලෙසත් විපක්ෂනායකවරයා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළේය.
එම මාධ්‍යවේදීන්ගේ නාමලේඛනය සභාගත කිරීමටද විපක්ෂනායකවරයා කටයුතු කළේය.










