• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තෙල් පෝලිම් නැති වුණත් ඉන්ධන භාවිතය 50%කින් අඩුවෙලා! මිනිස්සුන්ගේ කරපිට බර පටවලා රට ස්ථායිකරණය කළාලු! මේ රටේ තියෙන්නේ ජනතාවාදී පාලනයක් නෙමෙයි… තිරිසන් අමානුෂීයවාදී පාලනයක්! 2019 වගේ ආයෙත් පුහු වීරයෙක්ට රැවටෙන්න එපා! මීට කලින් බස් රථයක් දුන් හම්බන්තොට සහිරා ජාතික පාසලට සජිත් ස්මාර්ට් පන්ති කාමරයකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

April 16, 2024
in Exclusive
Reading Time: 15 mins read
A A
Share on WhatsAppShare on Facebook

අවුරුදු සමයේ රටෙන් හරි අඩක් දුප්පතුන් වී අවුරුදු මේසය පවා හරියාකාරව සකස් කර ගැනීමට නොහැකි වී ඇති බවත් විරැකියාව වැඩි වී කර්මාන්ත ශාලා වැසී යාම නිසා රටෙන් හරි අඩක් දැඩි පීඩනයකින් සිටින බවත් මේ රටේ 50%ක් කටුක දුක්ඛිත ජීවිතයත් ගත කරන විට හැමදේම හරි කියා කියන පිරිසක් සිටියත් මේ ස්ථායීකරණය ජනතාවට දුකක් ලබා දි ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

සමස්ත පාසල් දරුවන් සිටියදී ප්‍රාථමික දරුවන්ට පමණක් ආහාර ලබා දීම, දුප්පත්කම තුරන් කිරීමට වැඩපිළිවෙළක් නොමැති වීම, රැකියා නිර්මාණය කරන ආයෝජන නිර්මාණය නොවීම ඇතුළු සෑම අතකින්ම රට කඩා වැටී ඇති නිසා දුගී කම වර්ධනය වී බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මිනිසුන්ගේ ජීවිතවලට මුහුණ දෙන අභියෝග වැඩි කර හැමදේම ස්ථායිකරණය වී ඇති බව පවසන බවත් තෙල් පෝලිම් නැති වුවත් ඉන්ධන භාවිතය අඩු වී ඇති බවත් ජනතාව අසහනය⁣ට පත්වීම තුළ පෝලිම් නැති බවත් වර්තමානයේ රටේ ඇත්තේ ජනතාවාදී පාලනයක් නොව තිරිසන් අමානුෂීයවාදී පාලනයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 156 වැනි අදියර යටතේ අද හම්බන්තොට සහිරා ජාතික පාසලට රුපියල් ලක්ෂ 11ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මේ අවස්ථාවේ දී විද්‍යාලයේ නර්තනය ඉගෙන ගන්නා සිසු සිසුවියන් සඳහා වන නර්තන ඇඳුම් උපකරණ ලබා ගැනීමට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය. දෙරණ ලිට්ල් ස්ටාර් වැඩසටහනේ ලංකාවෙන්ම 4වැනි ස්ථානය ලබා ගත් දරුවකුට ලැප්ටොප් පරිගණකයක් ද ලබා දුන්නේය.

ඊළඟ අවුරුදු සමරන්නේ සංවර්ධන යුගයක

ඊළඟ අලුත් අවුරුද්ද සමරන්නේ IMF එකත් සමග සාකච්ඡා කර ජනතාවාදී මානුෂියවාදී ගිවිසුමක් සමග මේ රටේ ආර්ථිකය ගොඩනගන සංවර්ධන යුගය ආරම්භ කරමින් බවත් දැනටමත් IMF එකත් සමග මේ ගැන සාකච්ඡා කර ඇති බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ ආර්ථිකය සංකෝචනය කරන කුඩා කරන විසදුමක් නොව සැමට සුබසාධනය සෞභාග්‍ය උදා කරන ආර්ථික වර්ධනයක් අවශ්‍ය බවයි.

2019 වගේ නැවතත් පුහු වීරයක්ට රැවටෙන්න එපා

මීට වසර 5කට පෙර ජනතාව රැවටී බංකොලොත් වූ බවත් මෙවර අප තීරණ ගත යුත්තේ පවතින බංකොලොත් භාවයෙන් ගොඩ එනවාද නැතිනම් පවතින බංකොලොත්භාවයෙන් තවත් බංකොලොත්භාවයට පත් වනවාද කියා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තමාගේ ජනතාවාදී වැඩ අවතක්සේරු කරන්නේ අමනෝඥයෝ

සමහර කණ්ඩායම් ජනතාවට වැඩක් කරන විට විවිධ ලේබල් අලවමින් සිටින බවත් බස් මෑන් යැයි තමාට ලේබල් අලවන අය මේ බස්වලින් සිදු වූ සේවාව ගැන සොයන ලෙස කියනා බවත් මේ බස් එක නිසා පාසල්වලට විශාල සේවාවක් සිදුවන බවත් අමනෝඥයෝ කොට්ඨාසයකට බස් රථ ලබා දීම විහිලුවක් සහ ඊර්ෂයාවක් වී ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

කාඩ්බෝඩ් සමාජවාදීන්ගේ දරුවන් යන්නේ පෞද්ගලික පාසල්වලට

තමා පාසල්වලට අගයක් එකතු කරන විට එය බෙදිල්ලක් ලෙස කාඩ්බෝඩ් සමාජවාදීන් හැදින්වුවත් තමන්ගේ දරුවන් යන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල වලට බවත් තමන්ගේ දරුවන්ට එසේ සැලකුවත් රටේ දරුවන්ට අගයක් එකතු කර ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දෙන විට මහ පාරට බහින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ දූපත් මානසිකත්වයෙන් මිදෙමු

තමතමන්ට ඕන විදිහට සිංහල පමණයි දමිල පමණයි කියා දූපත් මානසිකත්වයෙන් සිටිනවාට වඩා ජාත්‍යන්තර ශ්‍රම වෙළෙද පොලේ ඉල්ලුමට සරිලන ලෙස විෂය නිර්දේශ නිර්මාණය විය යුතු බවත් තවදුරටත් වැහුණු සංවෘත රටක් නොවිය යුතු බවත් කණ්නාඩිය ඉදිරිපිට ජය වේවා කියන රටක අධ්‍යාපනය සාර්ථක නොවන නිසා අධ්‍යාපනයේ වෙනසක් සිදු විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 156 ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1702ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

ඊශ්‍රායලයට ගහපු උණුසුම මැද්දේ ඉරාන ජනාධිපති 24 ලංකාවටත් එනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

අදත් දෙකෙන් පස්සේ හොඳටම දෙනවා! I Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.