සමගි විදේශගත ශ්‍රී ලාංකික බලවේගයේ ජාත්‍යන්තර කමිටු පිහිටුවීමේ වැඩසටහන යටතේ පළමු වැඩසටහන මේ දිනවල ක්‍රියාත්මක වෙමින් තිබේ.
එම අවස්ථාවටල සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජේ.සී. අලවතුවල, හෙක්ටර් අප්පුහාමි යන මහත්වරු එක්ව සිටියහ.
එහි පළමු කමිටුව ඉතාලියේ මිලානෝ නුවර දී පිහිටු වූ අතර දෙවැනි කමිටුව ඉතාලිය ෆිරෙන්සි නගරයේ දී පිහිටුවනු ලැබීය.
විශාල පිරිසක් එම අවස්ථාවන්ට සහභාගී වී සිටි අතර සමගි ජන බලවේගයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සහ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රගතිය වෙනුවෙන් කටයුතු කරන ආකාරය පිළිබද මේ කමිටු පිහිටුවීමේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්විය.



















