මෙරට ට අලුත් ක්‍රීඩා පනතක් හඳුන්වාදීම පිළිබඳව සාකච්ඡාවක් ඊයේ (02) පවත්වා තිබෙනවා. ඊට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සහභාගී වී ඇති අතර මුලසුන දරමින් සාකච්ඡාව මෙහෙයවා ඇත්තේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක යි
“නව ක්‍රීඩා පනතක් හඳුන්වාදීම පිළිබඳ සාකච්ඡාවක් 02 දින ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී පැවැත්වුනි.
මේ සම්බන්ධයෙන් පත් කරනු ලැබූ කමිටුවේ සභාපති වශයෙන්, මා මෙහිදී පවතින පනත සංශෝධනය කර නව පනත ඉදිරිපත් කිරීමට අවශ්‍ය මූලික ක්‍රියාමාර්ග පිළිබඳව අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡා කරන ලදී” යි සාගල රත්නායක මහතා ඒ සාකච්ඡාව පිළිබඳව සඳහන්කර තිබෙනවා.










