• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෙදර සින්න වී දරුවන්ට කන්න දෙන්න බැරිව ජීවිතයෙන් සමුගත්ත පියෙක්… අනියම් සැමියා සමග දීග කන්න අවුරුදු පහේ දරුවා මහ පාරේ දාලා ගිය මවක්… අනියම් සැමියා සමග සැමියාව එලොව යවන්න බිරිඳ ගැහුව ප්ලෑන් එක… දෙයි හාමුදුරුවනේ…! අපේ රටට මොකක්ද මේ වෙන්නේ…?

May 3, 2023
in Exclusive, News
Reading Time: 8 mins read
A A
ගෙදර සින්න වී දරුවන්ට කන්න දෙන්න බැරිව ජීවිතයෙන් සමුගත්ත පියෙක්… අනියම් සැමියා සමග දීග කන්න අවුරුදු පහේ දරුවා මහ පාරේ දාලා ගිය මවක්… අනියම් සැමියා සමග සැමියාව එලොව යවන්න බිරිඳ ගැහුව ප්ලෑන් එක… දෙයි හාමුදුරුවනේ…! අපේ රටට මොකක්ද මේ වෙන්නේ…?
Share on WhatsAppShare on Facebook

රටක ආර්ථිකය, සංස්කෘතිය, දේශපාලනය වැනි ප්‍රධාන ක්ෂේත්‍ර පිරිහීම යනු එම රට විනාශ වීමේ සලකුණු බව කිව හැකියි. අප රටද අද ඇත්තේ ඉහත සඳහන් කළ සියලු ක්ෂේත්‍රයන් තුළ කඩාවැටීමකට හෙවත් පරිහානියකට මුහුණ දෙමිනි. දිනෙන් දින වැඩිවන වංචා, දූෂණ, මනුෂ්‍ය ඝාතන එම පරිහානියේ එක් පැතිකඩක් ලෙසඳ හඳුන්වා දිය හැකිය.

අද සමාජයේ බොහෝදෙනකු පසුවන්නේ මානසික අතතියකිනි. ජීවිතයේ ප්‍රශ්නවලට මුහුණ දීමේ ශක්තිය ඔවුන් තුළ හීන වී ඇත. ආර්ථික ගැටලුවලින් හෙම්බත් වූ ඔවුන්ගේ සතුට අවාසනාවන්ත ලෙස ගිලිහිලා ගිහින්. නමුත් ඊට පිළියම් යොදන්නට බලධාරීන් සතුව නිසි ක්‍රමවේදයක් නොමැති වීම කනගාටුවට කරුණක්. ඒ නිසාම ණය බරින් සහ විවිධ ආර්ථික ගැටලු හේතුවෙන් පීඩාවට පත් පවුල්වල වටිනා ජීවිත ගණනාවක්ම පසුගිය කාලයේ අප රටට අහිමි වී ගියා. ඒ වගේම ජීවන බර දරාගත නොහැකි නිසාම සොරකමට යොමුවූ පුද්ගලයන් ගැනද අසන්නට ලැබුණා. ජීවත් වීමේ අරගලයට මුහුණ දීගත නොහැකි වුණාම, දරුවන්ට කන්න අඳින්න දෙන්න, ඔවුන්ව සතුටු කරන්න බැරිවුණාම කරන්නට වෙනත් කිසිදු දෙයක් ඉතිරිව නොතිබූ තැන ජීවිතයෙන් සමුගන්නට තීරණය කළ පියකු පිළිබඳ කනගාටුදායක පුවතක් පසුගිය දවසක නිට්ටඹුව ප්‍රදේශයෙන් අපට අසන්නට ලැබුණා.

පසුගිය 22 වැනිදා පෙරවරු 9.10ට පමණ එලෙස ජීවිතය හානි කරගෙන තිබුණේ නිට්ටඹුව පින්නගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 41 හැවිරිදි දෙදරු පියෙක්. රඹුක්කන සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියකට ගම්පහ සහ දාරළුව අතර ප්‍රදේශයේදී ඔහු දුම්රියට පැන තිබුණා. ඔහු ගැටුණු දුම්රියෙන්ම ඔහුගේ සිරුර ගම්පහ දුම්රිය ස්ථානය දක්වා රැගෙන එන්නට දුම්රිය නියාමකයන් ඇතුළු මගීන් කටයුතු කර තිබුණා. අධික ණය බර හේතුවෙන් හෙම්බත්ව සිටි මේ දෙදරු පියා තම ආදරණීය බිරියට සහ දරු දෙදෙනාට ලියූ ලිපියක්ද ඔහුගේ පසුම්බියේ තිබී සොයාගැනීට පොලිසිය කටයුතු කර තිබුණා. එම ලිපියේ සඳහන්ව තිබුණේ මෙවැන්නකි.

‘ඔයා මාත් එක්ක අවුරුදු 17ක්ම හැම දුක සැපක්ම විඳ දරාගත්ත ගැහැනියක්. ඒ දරාගැනීම ගැන අදටත් මම පුදුම වෙනවා. ඔයාට මේකත් ඒ වගේම දරාගන්න පුළුවන් වෙයි. සමාවෙන්න, මේ මගේ ගොං මෝඩ තීරණයට. මට තවත් ඉවසන්න බැහැ. මං දන්න එකම දෙයක් තියෙනවා. ඒ, මං ඔයාට ගොඩාක් ආදරෙයි…!’

බිරියට එලෙස සටහනක් තැබූ මේ අසරණ පියා, තම දියණියටද මෙවැනි සටහනක් ලියා තිබුණා.

‘ආදරණීය සෙසදි, ඔයාට ගොඩක් බැන්නට මං ඔයාට ගොඩක් ආදරෙයි. අම්මවයි මල්ලිවයි බලාගන්න. හොඳට ඉගෙන ගන්න. අම්මට කවදාවත් බොරුවක් කරන්න එපා. එයාට තවත් දරාගන්න හයියක් නැහැ. මට වෛර කරන්න එපා කියලා කියන්න බැහැ. ඒත් පුළුවන් නම් මට සමාවෙන්න…’

එවැනි අනුවේදනීය සටහනක් තබා මේ ආදරණීය තාත්තා ජීවිතයෙන් සමුගන්න තීරණය කරන්නට ඇත්තේ දිනෙන් දින ඔහුගේ හිස මතට පැටවෙන ජීවන බර දරාගත නොහැකි වූ තැන විය හැකියි.

ඔහුගේ බිරිය, සිය ස්වාමියාගේ සියදිවි නසාගැනීම සම්බන්ධයෙන් හැඬූ කඳුළින් පොලිසියට මෙසේ පවසා තිබුණේ තම නිවෙස සහ ඉඩම පෞද්ලික ආයතනයකට උකස් කර පසුව එය එම ආයතනයට සින්න වූ බවයි. ඒ නිසා ඔවුන්ට එම නිවෙසින් පිටවීමට සිදුවූ බවත්, ඊට අමතරව විවිධ පුද්ගලයන්ට විශාල ණය ප්‍රමාණයක්ද ගෙවීමට තිබූ නිසා තම සැමියා දැඩි මානසික පීඩාවකට පත්ව සිටි බවයි.

තාත්තා කෙනෙක් බොහෝ දේ මතුපිටට නොපෙන්වා හිත තුළම විඳදරාගන්නවා. ජීවිතේ සියලු බර කරට ගන්නවා. පුළුවන් තරම් ජීවිතයේ බර අදිනවා. ඒ බර දරුවන්ගේ කර පිට කවදාවත් පටවන්නේ නැහැ. දරුවන්ට හැම දේම ගෙනත් දෙනවා. ඒත් ඒ දේවල් ඉටුකරන්න ‘මුදල’ නම් සාධකය බාධාවක් වූ තැන ඒ තාත්තා පත්වන්නේ කොයි තරම් මානසික වේදනාවකටද? ඒ තාත්තා දහස් වරක් හිතෙන් විඳවනවා. බිරිය සහ දරුවන්ව ජීවත් කරවන්න, ගෙදර තියෙන අඩුපාඩු සපුරා දෙන්න මේ තාත්තා කොයි තරම් නම් වෙහෙසක් දරනවාද? මේ ආදරණීය තාත්තාට තමන්ගේ හිතේ කැකෑරෙන වේදනාව තම බිරිඳටවත් කියාගන්න බැරිවෙන්න ඇති. දරුවන් ඉල්ලන දේ ගෙනත් දෙන්න බැරිව යන්න ඇති. මේ සියලු දුක් වේදනා ඔහුගේ හදවතේ තියෙන්නට ඇති. ඒ දහසක් ප්‍රශ්න දරාගන්න බැරි තැන දුම්රියට පැන්න එක හරියැයි සාධාරණීකරණය කරන්න අපට කිසිසේත්ම බැහැ. ඒත් තමන්ගේ දරුවන් කුසගින්නේ ඉන්නකොට, බොහෝ දුක් මහන්සියෙන් ගොඩනගාගත් නිවෙස සින්න වී යනකොට දැනෙන වේදනාව දරාගැනීමේ අන්තිම අඩියට ඔහු පත්වෙන්නට ඇති.

ඒත් වේලක් හැර වේලක් කාලා හරි ඒ වේදනාව ඉවසගෙන ජීවත් වීම තමයි කළ යුත්තේ. නැත්නම් සිදුවෙන්නේ තවත් පවුලක් අසරණ වීමක් පමණයි. අපි හැමෝටම ජීවිතයේ අනන්තවත් ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙන්න සිදුවෙනවා. නමුත් කොයි තරම් ගැටලු ආවත් ජීවිතයෙන් පලායෑම ඒ කිසිවකට විසඳුම නෙවෙයි. දුර්ලභව ලැබුණු මේ වටිනා මනුෂ්‍ය ජීවිතය නැතිකරගත් පමණින් සියලු ප්‍රශ්න අවසන් වනවා යැයි සිතනවා නම් එය මුළාවක්මයි. ඒ නිසා ජීවිතය ඉදිරියට එන ප්‍රශ්නවලට මුහුණ දෙන්න තරම් ආත්ම ශක්තියක් කුඩා දරුවාගේ පටන් වැඩිහිටියා දක්වාම ගොඩනගාගත යුතු බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි.

ඒ සිදුවීම එලෙස අවසන් වෙද්දී අනියම් පුරුෂයා සමග එක්ව තම ස්වාමිපුරුෂයා ඝාතනය කළ කාන්තාවක් පිළිබඳ පුවතක්ද අසන්නට ලැබුණේ ආණමඩුව නෑබඩවැව ප්‍රදේශයෙන්. ඔවුන් කලක් තිස්සේ හොර රහසේ පෙමින් වෙළී සිට ඇති බව අනාවරණ වී තිබෙනවා. ඒ අතර කාලයේ ස්වාමියාව ඝාතනය කිරීමට ඔවුන් සැලසුම් කර තිබුණේ ඉන් පසුව අනියම් සැමියා සමග සතුටින් ජීවත් වීමේ අපේක්ෂාවෙන් විය හැකියි. කෙසේ වෙතත් මොවුන් දෙදෙනා මෙම ඝාතනය සැලසුම් කළේ ඒ පිළිබඳ කිසිදු බරපතළකමක් නොදැන, ඔවුන්ගේ හැඟීම්වලට වහල් වෙමිනි.

බිරිඳ සිය අනියම් සැමියා (ස්වාමි පුරුෂයාගේ මිතුරා) සමග එක්ව ස්වාමිපුරුෂයා ඝාතනය සැලසුම් කර තිබුණේ මීගමුව ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකුට රුපියල් ලක්ෂයක මුදලක් ලබාදී තම මිතුරා ඝාතනය කිරීමට කොන්ත්‍රාත්තුවක් ලබා දෙමිනුයි. ඉන් පසුව ඇය ඇගේ උපන්ගම වූ වැලිමඩ බලා පිටත්ව ගොස් තිබුණා.

එදින රාත්‍රියේ පළමු කඩු පහර තම මිත්‍රයාට කොන්ත්‍රාත්කරුවන් සමග එක්ව එල්ල කරන විට ඒ පහර වැදී තිබුණේ අනියම් සැමියාගේ අතටය. ඒ මොවුන්ගේ සැලසුම වැරදුණු නිසාය. මේ නිසා අනියම් සැමියාගේ අතේ ඇඟිලි කැපීගොස් ඇත. එම අවස්ථාවේ සැමියාගේ ඥාතියකුද යාබද කාමරයේ නිදාගෙන සිටියේ මොවුන් නොදැනුවත්වය. ඔහුට මේ කලබලය ඇසී ඔහුද පැමිණ මේ රණ්ඩුවට මැදිහත් වී ඇත. ඒ අනුව දෙවැනුව එල්ල කළ කඩු පහරද ස්වාමිපුරුෂයාට එල්ල වී නැති වුණත් සිදුවූ තුවාල නිසා අසල්වැසියන් ඔහුවද රෝහලට රැගෙන ගොස් ඇති බවයි අනාවරණ වී තිබුණේ.

කෙසේ වෙතත් අවසානයේ පොලිසිය සිදුකළ විමර්ශනවලින් අනතුරුව සැකකාර බිරිය සිද්ධිය පිළිබඳ සියලු තොරතුරු අනාවරණ කර තිබුණා.

තමන් එක්ක අවුරුදු ගණනක් දුක සැප බෙදාගෙන ජීවත්වුණු, තමන්ව පෝෂණය කළ ස්වාමිපුරුෂයාව, තම දරුවන්ගේ පියාව මරාගන්න තරම් හිතක් මේ කාන්තාව තුළ ඇතිව තිබුණේ අනියම් පෙමක පැටලී ඇය කාමාශාවෙන් මත්වී සිටි නිසාද? ඒ අනියම් පහස සැපයක් ලෙස සිතූ නිසාද? ඇය මැවූ සිහින ලෝකය ලස්සනයි කියා සිතුව නිසාද? මේ සියල්ලටම පිළිතුර ඇත්තේ ඇය ළඟයි. අද සමාජය දරුණු ලෙස පිරිහීමට පත්වෙලා. මිනිස්සු කරන්නේ මොනවද කියලා ඔවුන්වත් දන්නේ නැහැ. සුළු ආශ්වාදයක් හමුවේ ජීවිත කාලයම අඳුරු කරගන්නට මෙවැනි අය පෙලඹෙන්නේ ධර්මය ගැන, කර්මය ගැන, සදාචාරය ගැන අබ මල් රේණුවක තරම්වත් හැඟීමක් නැති නිසාම නේද?

තවත් මෙවැනිම හිතක් පපුවක් නැති අම්මෙක් කළ නරුම ක්‍රියාවක් වාර්තා වුණේ කුට්ටිගල බෝගොල්ආර ප්‍රදේශයෙන්. ඒ, තමන් දසමසක් කුස තියන් හදපු අවුරුදු පහක තම දරුවාව මහ මඟ දමාගිය කාන්තාවක් පිළිබඳ පුවතක්. ඇය, අනියම් සැමියා සමග දීග කන්නට ඇති ආශාවෙන් මේ පාපතර ක්‍රියාව සිදුකර තිබුණා. ඇය අනියම් සැමියා සමග ත්‍රිරෝද රථයකින් පැමිණ කුට්ටිගල බෝගොල්ආර අතුරු මාර්ගයේ පාළු ස්ථානයක දරුවා දමාගොස් තිබුණු අතර, දරුවා හඬමින් සිටියදී අසල සිටි කාන්තාවක් එය දැක කුට්ටියල පොලිසියට දැනුම් දී තිබුණා.

ඒ අනුව පොලිසිය මැදිහත්ව දරුවා රෝහල්ගත කිරීමටයි කටයුතු කර තිබුණේ. එහිදී දරුවා පවසා තිබුණේ අම්මා, බාප්පා සමග ත්‍රිරෝද රථයෙන් පැමිණ තමාව මහමඟ දමාගිය බවයි. කෙසේ වෙතත් මේ දරුවා තමන් මහ මග දමා යන විට ත්‍රිරෝද රථය පසු පස දිවගොස් ඇති බවද වාර්තා වුණා. තම මවට තවත් කුඩා දරුවකු සිටින බවද, ඒ දරුවා අම්මා අරන් ගිය බවද ඔහු පොලිසියට පවසා තිබුණා.

දරුවාගේ සිරුරේ තැළීම් පහර කිහිපයක සලකුණු දක්නට ලැබී ඇති අතර, ඒවා මව සහ මවගේ අනියම් සැමියා විසින් කෝටු පහර දීම නිසා ඇතිවූ ඒවා බව දරුවා පොලිසියට පවසා ඇත.

සැකකාර යුවල ජීවත්ව සිට තිබුණේ ඇඹිලිපිටිය රෝහල අසල කුලී නිවෙසක වන අතර, සිද්ධියෙන් පසු පොලිසිය එම නිවෙස සොයාගිය නමුත් ඒ වන විටත් ඔවුන් එම නිවෙස අතහැර ප්‍රදේශයෙන් පලාගොස් තිබුණු බවද වාර්තා වුණා.

දරුවාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, මේ සැකකාර යුවල සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇත.

ඉකිගසා පුංචි දරුවකු හඬාවැටෙද්දී අම්මා කෙනෙක් මොන හිතකින්ද යන්නේ? තමන්ගේ දරුවා මහමඟ දාලා යනකොට ඒ දරුවා හඬ හඬා ත්‍රිරෝද රථයේ පසුපස ලුහුබඳිද්දී අම්මා කෙනෙක් යන්නේ මොන හිතකින්ද? මෙවැනි අය ‘අම්මා’ කියන උතුම් නමටත් නිගාවක් නොවේද?

මේ අතර තවත් මෙවැනි කනගාටුදායක සිදුවීමක් වාර්තා වුණේ නුගේගොඩ මිරිහාන ප්‍රදේශයෙන්. එහිදී ඥාති සොහොයුරන් අතර ඇතිවූ බහින්බස් වීමකදී එක් අයකුට පිහියකින් ඇන ඝානතය කර තිබුණා. එලෙස මියගොස් තිබුණේ 34 හැවිරිදි සජිත් මධුසංක නමැති DJ සංගීත ශිල්පියෙකි.

පසුගිය 23 වැනිදා ඥාති දෙපාර්ශ්වය මත්පැන් සාදයක් පවත්වා ඇති අතර, පසුව ඇතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් මෙම ඝාතනය සිදුකර ඇති බවයි වාර්තා වුණේ. ඝාතනය සිදුකර පලාගිය පුද්ගලයා මත්තේගොඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක් අසලදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය අනාවරණය කර තිබුණා. පොලිසිය සඳහන් කළේ පිහි ඇනුමෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයකු බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි. පිහි ඇනුමෙන් මියගොස් තිබුණේ කෝට්ටේ මිරිහාන ගල්වල පාරේ පදිංචිව සිටි අයෙකි.

මියගිය පුද්ගලයාගේ මව හැඬූ කඳුළින් පැවැසුවේ මෙවැන්නකි.

‘මගේ ලොකු පුතා DJ කරන්න යනවා. DJ කරන්න ගිහිල්ලා මට කිව්වා අම්මේ මම එනකොට පාන්දර 5 විතර වෙනවා කියලා. කොහොම හරි දෙක හමාර තුන විතර වෙනකොට පුතා ඇවිල්ලා ගේ ළඟ මල්ලියි එයයි යාළුවායි කතා කර කර හිටියා. මම කිව්වා දැන් ඇති එන්න ගේ ඇතුළට කියලා. ඒත් මල්ලිගේ වෙඩින් එකේ DJ එක ගැන තමයි කතා කළේ. මම දෙපාරක්ම කිව්වා දැන් ඇති ගිහින් නිදාගන්න කියලා හෙට ගමනක් යන්න තියෙනවා කියලා. හරි හරි අම්මා ගිහින් නිදාගන්න, අපි එන්නම් කියලා කිව්වා. එහෙම කියලා මෙයා ෆෝන් එක අරන් උඩහ පැත්තට ගියා. ඒ යනකොට තමයි ඇවිත් පිහියෙන් ඇනලා තියෙන්නේ. අපි යනකොට වැටිලා හිටියේ.’

මව එසේ වැළපෙද්දී මියගිය තරුණයාගේ පියා පවසා සිටියේ මෙවැන්නකි.

‘අපේ පුතා එක්ක ටික කාලයක ඉඳලා මෙයාලා තරහයි. ඒ අපේ තාත්තාගේ නංගිගේ පුතා. උගේ අතකුත් නැහැ. රෑ දෙකහමාරට විතර කඩේට යනකොට රණ්ඩු වෙලා තියෙන්නේ. පාන්දර 3ට විතර රණ්ඩුව ඇහිලා ඇදලා අරගෙන බේරන්න යනකොට ආයෙ ගිහිල්ලා රණ්ඩු වෙලා තමයි පිහියෙන් ඇනලා තියෙන්නේ. මගේ පුතාගේ මුණේ පැත්තකටයි පපුවටයි තමයි ඇනලා තියෙන්නේ මගේ මස්සිනාටත් ඇනලා තිබුණා…’

මේ ඝාතනය සිදුකළ පුද්ගලයා දෙණියාය ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පානදුර ආරච්චිගේ වාසනා විපුල පෙරේරා නමැති අයෙක් බව හඳුනාගෙන ඇති අතර, මිරිහාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනු ලබයි.

යාපනය ඩෙල්ෆ්ට් දූපතේ පිහිටි නිවෙසක සිටි පුද්ගලයන් 5 දෙනකු සාහසික ලෙස ඝාතනය කර තිබුණේ මුළු රටේම අවධානය ඒ වෙත යොමුකරමින්. පිරිමි පුද්ගලයන් දෙදෙනකු සහ කාන්තාවන් තිදෙනකු එලෙස ඝාතනයට ලක්ව තිබූ අතර, ඔවුන් වේලායුදම්පිල්ලේ නාගේනදරත්නම් (77), නාගනාධි බාලසිංහම් (82), බාලසිංහම් කන්මනිපිල්ලේ (76), කාත්ගිගේසු නෆෙස්වරි (83) මහදේවන් (75) ලෙස හඳුනාගෙන ඇත.

ඝාතකයා කලක් ජර්මනියේ ජීවත්ව පසුව එරටින් පිටුවහල් කර එවූ අයකු බවත් ඔහු මෙම නිවෙසේ තාවකාලිකව රැඳී සිටි අයකු බවත් පොලිස් විමර්ශනවලදී හඳුනාගැනුණා. යාපනය ප්‍රදේශයේ සඟව සිටියදී අත්අඩංගුවට ගත් ඔහු මෙම ඝාතනයන් සඳහා යොදාගත් පිහිය සහ ඔහුගේ ඇඳුම් අසල පිහිටි ළිඳකට දමාගොස් තිබියදී පොලිසිය විසින් සොයාගත් අතර, ඔහු සතුව පවුම් 26ක රන් භාණ්ඩද තිබී සොයාගැනීමටයි පොලිසිය කටයුතු කළේ. නිවැසියන් සතුව තිබූ රන් ආභරණ සහ මුදල් කොල්ලකෑමට යෑමේදී නිවැසියන් විසින් සැකකරු හඳුනාගැනීම හේතුවෙන් නිවැසියන්ව ඝාතනය කළ බව ඔහු පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබුණා.

මේ සියලු කරුණු කාරණාවලින් පැහැදිලි වන්නේ අද වන විට අප රටේ ඇතැමුන් දැඩි මානසික ව්‍යාකූලත්වයෙන් කටයුතු කරන බවයි. ආර්ථික, සමාජයීය ප්‍රශ්න හේතුවෙන් අසරණ වූ ඔවුන් තමන් කරන්නේ මොනවාද යන්න ගැනවත් වැටහීමක් නැති අයයි. එවැනි පුද්ගලයන් නිසා ඔවුන්ගේ යැපෙන්නන්, දරුවන් මෙන්ම අසල්වාසීන්ද පත්ව ඇත්තේ ව්‍යාකූල තත්ත්වයකටයි.

කෙනෙක්ට ජීවත්වෙනකොට කෙනෙක්ව එපාවෙන්න පුළුවන්. ඔයාට ඔයාවම එපාවෙන්න පුළුවන්. ඒත් ඔබව අත්‍යාවශ්‍ය අය තවත් ඉන්නවා කියන එක අමතක කරන්න එපා. අම්මා තාත්තා බිරිඳ දරුවන් අසල්වැසියන් කියන ඇතැම් දේකින් ඔබේ හිත රිදෙන්න පුළුවන්. ඒත් ජීවිතය ගැන තීරණයක් ගන්න හදිසි වෙන්න එපා. ක්ෂණික තීරණ ගත්තාම වෙන දේවල් ගැන දහස්වරක් හිතන්න. අපි වෙනුවෙන් ජීවත් වෙන්න බැරි වෙන්න පුළුවන්. අනිත් අය ගැන හිතලා ජීවත් වෙමු. අනෙකාගේ ජීවිතය ආරක්ෂා කරමු. ජීවිතවල වටිනාකම තේරුම් ගනිමු. ජීවිතයක් හරි බේරාගන්න උදව් කරන්න. මේ කාලයේ බොහෝ දෙනෙක් ජීවත් වන්නේ ඉතා අමාරුවෙන්. ඔබට ඔවුන් වෙනුවෙන් මුදලින් උපකාර කරන්න බැරි වෙන්න පුළුවන්. ඒත් ඔවුන්ගේ හිත හැදෙන්න එක වචනයක් හරි කියන්න පුළුවන් නම් ඒක මහා පින්කමක් වේවි.

මේ සමාජයේ ඇවිලෙන අවුළුවන දේවල් බොහෝමයි. ධර්මයට ළංවෙන්න. ඕනෑම ප්‍රශ්නයකට ස්ථිර විසඳුම ඇත්තේ ධර්මය තුළ පමණමයි. ඕනෑම ප්‍රශ්නයක්, ඕනෑම ගින්නක් නිවන්න ධර්මයට පුළුවන්…



නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

මාධ්‍ය පාලනයට විකාශන අධිකාරී පනත්-ප්‍රතිත්‍රස්ත පනත් ගේන්න ආණ්ඩුව ලෑස්ති වෙනවා! විපක්ෂයේ සියලු දෙනාම වගේම මාධ්‍යයත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කරන්න එකතු වෙමු! විපක්ෂනායකවරයාගෙන් සියලු මාධ්‍යයට ආරාධනාවක්! VIDEO

Next Post

කාටත් බැරිවුණු ක්‍රීඩා පනත හදන්න සාගල සූදානම් වෙයි! ක්‍රීඩා ඇමැති ගෙන්වා සාකච්ඡා ආරම්භ කරයි!

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.