විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට පැවරී ඇති බලතල ප්‍රකාරව පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එච් එම් ෆවුසි මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තීන්දු කොට තිබේ
ඊට අදාළ ලිපියට මීට සුළු වේලාවකට පෙර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අත්සන් කරනු ලැබ ඇතැයි වාර්තා වේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැති විවාදයේදී සමගි ජන බලවේගය විසින් ගනු ලැබූ තීන්දුවට පිටින් ගොස් කටයුතු කිරීම සම්බන්ධයෙන් ෆවුසි මහතාට චෝදනා එල්ල වී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබේ.










