අග්‍රාමාත්‍යවරයාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ ක්‍රීඩා කරනු ලබන රගර් තරගයක් සදහා ප්‍රේක්ෂක සහභාගීත්වය තහනම් කර ඇති බව වාර්තා වේ.
අදාල රගර් තරගය පැවැත්වෙන්නේ හෙට දිනයේ දී ය.
ඒ, මහනුවර ක්‍රීඩා සමාජය සහ CH & FC අතරය.
හෙට තරගය සදහා CH & FC නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය පුත් රෝහිත රාජපක්ෂ සහභාගී වීමට නියමිතය.
තරගය පැවැත්වීමට නියමිතව තිබී ඇත්තේ කොළඹ තුරග තරග පිටියේ දී ය.
පසුව එය වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගනයට මාරු කර ඇත.
ඊට අමතරව, තරගය , ප්‍රේක්ෂකයන් සදහා තහනම් කිරීමද සිදු කර තිබේ.