• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

2024 ප්‍රතිඵලය මෙන්න! ඉතිහාසගත ජයක් අනුරට! සජිත් අන්තිම මොහොතේ පරාදයි! නාමල් සුනේ සුන්! ෆොන්සේකාට ඇපත් නෑ! විජයදාසත් ඉවරයි! පියදාස හොඳටම කරලා! දිලිත්ට ලක්ෂයයි! Sri Lanka Latest News

September 30, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්වී අවසන්ය. ඒ, ශ්‍රී ලංකා ඉතිහාසය වෙනස් කරමින් ප්‍රථම වාමාංශික පක්ෂයක දේශපාලන නියෝජිතයා ජනාධිපතිවරයා බවට පත්කරමිනි. මෙවර ප්‍රධාන පක්ෂ කිසිවක් නැති ඡන්ද ලැයිස්තුවක් පැමිණි අතර, එම ඡන්ද ලැයිස්තුවේ වඩාත් වැඩි ආකර්ෂණය දිනාගත් පුද්ගලයා ජනාධිපතිවරයා බවට පත්වුණා. නමුත් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණු නම් ලැයිස්තුවේ මෙතෙක් ජනාධිපතිවරණ සඳහා ඉදිරිපත් වී ඇති අපේක්ෂකයන් සිවුදෙනකුම තරග කරන්නට සූදානමින් සිටියා. අනුර කුමාර දිසානායක, රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස සහ සරත් ෆොන්සේකා කියන අපේක්ෂකයන් සිවුදෙනායි ඒ විදියට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වුණේ. මේ සිවුදෙනාගෙන් ජනාධිපතිවරණයකදී අඩුම ඡන්ද ප්‍රමාණයක් ලබාගත් අපේක්ෂකයා බවට පත්ව සිටියේ අනුර කුමාර දිසානායක. ඒ අය අතරින් රනිල් වික්‍රමසිංහ කීප වතාවක් ජානධිපතිවරණවලට ඉදිරිපත් වුණා. ඒ වගේම සජිත් ප්‍රේමදාස එක් වතාවක් ජානාධිපතිවරණයට ඉදිරිපත් වුණා. සරත් ෆොන්සේකා තවත් එක් වතාවක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා. මේ තුන්දෙනාගේම විශේෂත්වය වුණේ ඔවුන් අවසාන මොහොත වනතෙක් ජානාධිපතිවරයා වේ යැයි විශ්වාස කරන මට්ටමේ ප්‍රතිඵල ලබාගෙන අවසාන මොහොතේදී තමන්ගේ ජානාධිපතිවරණ සිහිනය බොඳකර ගත් අය වීම. ඒ අය අතරින් එක් අයෙක් පමණක් වරක් ජානාධිපතිවරයෙක් බවට පත්වෙලා හිටියා.

ඊට අමතරව ජානාධිපතිවරයෙක්ගේ පුත්‍රයෙකු වුණු නාමල් රාජපක්ෂ මෙවර ජානාධිපතිවරණයට ඉදිරිපත් වුණා. ප්‍රධාන දේශපාලන පක්ෂ කීපයක් නියෝජනය කරමින් ලංකාවේ අධිකරණ අමාත්‍ය ධුරය ඇතුළු ප්‍රධාන අමාත්‍ය ධුර කිහිපයක් දැරූ විජයදාස රාජපක්ෂත් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා තිබුණා. ඒ වගේම ලංකාවේ ජානාධිපතිවරණ කිහිපයකදීම තමන් සහයෝගය ලබාදුන් කණ්ඩායම ජයග්‍රහණය කරවපු ශ්‍රී ලංකාවේ ප්‍රධාන මාධ්‍ය ආයතනයක හිමිකරුවා වුණු ඉතා දක්ෂ ව්‍යවසායකයකු ලෙස රටේ නමක් දිනාගෙන ඉන්න දිලිත් ජයවීර මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා තිබුණා. ඊට අමතරව නම් ලැයිස්තුව 39ක් බවට පත්වුණා. ඒ නිසා මෙවර තමයි ජානාධිපතිවරණ ඉතිහාසයේ දිගම නම් ලැයිස්තුව ජානාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරලා තිබුණේ. ඒ අය අතරින් කවුරු ජනාධිපතිවරයා බවට පත්වේවිද කියලා විශාල තරගයක්, විශාල සටනක් මේ රටේ දියත් වෙමින් තිබුණා.
ඉතිහාසය අනුව නිවැරැදිව යමින් සාමාන්‍යයෙන් සිදුවෙන ආකාරයටම වැඩිම ඡන්දදායකයන් ප්‍රමාණයක් මෙවරත් ඡන්දය දෙන්න සූදානමින් සිටියා. ඒ අය අතරින් ලක්ෂ 9කට ආසන්න ප්‍රමාණයක් මෙවර ජානාධිපතිවරණයේදී නව ඡන්ද ලෙසත් සඳහන් වෙලා තිබුණා. මෙවර ජනාධිපතිවරණය සඳහා ඡන්දදායකයන් ලෙස 1,71,40,354 දෙනෙක් ඡන්දය භාවිත කළා. ගෘහ ගණන 64,70,670ක් ලෙස සටහන් වෙලා තිබුණා. ඒ කියන්නේ ඡන්ද කොට්ඨාස 13,314කදී ඡන්ද මධ්‍යස්ථාන 13,421ක් පිහිටුවලා ඒවායේදී ඡන්ද ප්‍රකාශ කිරීමට තමයි සාමාන්‍යයෙන් සිදුවුණේ. වැඩිම ඡන්දදායකයන් ප්‍රමාණය හිටියේ ගම්පහ දිස්ත්‍රික්කයේ. ඒ, 18,81,129ක් විදියට. ප්‍රධාන වශයෙන් ලක්ෂ 10 ඉක්මවූ මැතිවරණ දිස්ත්‍රික්ක ලෙස මෙවර කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර සහ කුරුණෑගල සටහන්ව තිබුණා.

යාපනය, කිලිනොච්චිය, මන්නාරම, වවුනියාව වගේ දිස්ත්‍රික්කවල ඡන්ද බලප්‍රදේශවලින් ඉතා අඩු ඡන්දදායකයන් ප්‍රමාණයක් තමයි ඉදිරිපත් වුණේ. මේ අතරින් පොළොන්නරුව 3,51,000ක්, මොනරාගල 3,99,000ක් විදියටයි සඳහන් වෙලා තිබුණේ. මේ ඡන්ද ලබාදීම සම්බන්ධයෙන් ඉතා විනිවිදභාවයකින් යුක්ත මැතිවරණයක් මෙවර පවත්වන්නට හැකියාව ලැබුණා. මෙවර තමයි ඉතිහාසයේ කිසිම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා නොවූ ඡන්දයක් විදියට හඳුන්වන්න පුළුවන්කම තියෙන්නේ. මේ මැතිවරණයේදී බොහෝ විට අප බලාපොරොත්තු වුණා ඡන්දදායකයන් 1,30,000ක පමණ ප්‍රමාණයක්වත් අඩුම තරමින් ඡන්දය ප්‍රකාශ කරයි කියලා. නමුත් සාමාන්‍ය අනුමාන පවා වෙනස් කරමින් මෙවර ඡන්දදායකයන් ප්‍රමාණය 1,36,19,916ක් තමයි ප්‍රකාශිත ඡන්ද අගය ලෙස සඳහන් වෙලා තිබුණේ. එය වෙනදා දකිනවාට වඩා ඉතා අඩු ප්‍රතිශතයක්. ප්‍රතිශතයක් ලෙස ගත්විට 79.46%ක්.

මෙම ජනාධිපතිවරණයේදී ප්‍රධාන වශයෙන් අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ අතරයි මුල් ඡන්ද ගොඩ බෙදිලා ගියේ. ඉන් රනිල් වික්‍රමසිංහ 22,99,767ක් ඡන්ද ලබාගනිමිනුත්, සජිත් ප්‍රේමදාස 43,63,035ක් ඡන්ද ලබාගනිමිනුත් පරාජයට පත්කරමින් අනුර කුමාර දිසානායක 56,34,915ක් මනාප ලබාගත්තා. අනුර කුමාර දිසානායක ලබාගත් ඡන්ද ප්‍රතිශතය 42.31%ක් වෙද්දී සජිත් ප්‍රේමදාස ලබාගත් ඡන්ද ප්‍රතිශතය 32.76%ක් බවට පත්වුණා. රනිල් වික්‍රමසිංහගේ ඡන්ද ප්‍රතිශතය 17.27%ක් ලෙසයි සඳහන් වෙලා තිබුණේ. නාමල් රාජපක්ෂ 3,42,781කට සීමා වුණා. බොහෝ දෙනකුට අදහාගන්න බැරි විදියේ ප්‍රතිඵලයක් සටහන් කරමින්. ඉතින් මේ ප්‍රතිඵලයත් සමග ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වෙනවා අනුර කුමාර දිසානායක මහතා. මෙවර විශේෂත්වයක් වන්නේ ප්‍රථම වතාවට දෙවැනි මනාපය ගණන් කරන්නට සිදුවීම. දෙවැනි මනාපය ගණන් කරන්න සිදුවෙන බව ‘මව්රට’ අපි ඡන්දයට කලින්ම ප්‍රකාශ කරලා තිබුණා ඔබ දකින්නට ඇති. අපි විශ්වාස කළා මේ ප්‍රතිශතය 50%ක් ලබාගැනීමට නොහැකි බව. බොහෝ දෙනෙක් අනුමාන කරමින් ප්‍රකාශ කරලා තිබුණා 70%ක්, ලක්ෂ 70ක් ඡන්ද ලබාගන්නා බව. නමුත් අප නිශ්චිතවම කිව්වා මේ මැතිවරණයේදී 50%ක ඡන්දයක් ලබාගන්න නොහැකියි, දෙවැනි මනාපය ගණන් කරන්නට සිදුවෙනවා කියලා. ඒක අපි ගිය සතියේ අපේ අවසාන ඉරිදා පත්තරේ විස්තර සහිතව පළකරලා තිබුණා. ඉතින් මේ තත්ත්වයත් එක්ක අපි දන්නවා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා බවට පත්වෙන්න සුපුරුදු ක්‍රමවේදයෙන් එහාට ගිහිල්ලා දෙවැනි මනාප ගැනලා, දෙවැනි මනාපය ප්‍රකාශ කරන්නට සිදුවුණා. අපි දැක්කා හැම මැතිවරණ දිස්ත්‍රික්කයකදීම දෙවැනි මනාපයෙන් සජිත් ප්‍රේමදාස ඉදිරියෙන් ඉන්න බව. නමුත් මේ පරතරය ලක්ෂ 13ක් වීම නිසා එම ඡන්ද ලක්ෂ 13 පරතරය පියවා ගන්නට හැකියාවක් ලැබුණේ නෑ අපි සඳහන් කරපු ඡන්ද ප්‍රමාණය අනුව. ඒ නිසා මෙවර ජනාධිපතිවරණයේදී ඉතාම විශේෂ ප්‍රතිඵලයක් සඳහන් වූ බව තමයි අපි දැක්කේ.

ජනාධිපතිවරණ ඉතිහාසය වෙනස් කරමින් මෙවර ගම්පහ දිස්ත්‍රික්කය ඉතා තීරණාත්මක ඡන්ද ප්‍රතිඵලයක් නිර්මාණය කරලා තිබුණා. ගම්පහ දිස්ත්‍රිකකයේ ඡන්ද ප්‍රතිඵලය දිහා අපි බැලුවොත් එතැනදී අනුර කුමාර දිසානායක 8,09,410ක් මනාප ලබාගනිද්දී දෙවැනි තැනට පත්වූ සජිත් ප්‍රේමදාසට ලබාගන්න පුළුවන්කම ලැබුණේ 3,49,550ක් විතරයි. මේක අගයක් විදියට ගත්තම ලක්ෂ හතරහමාරක විතර ඡන්ද වෙනසක් තිබුණා මේ දෙදෙනා අතර. ලක්ෂ හතරහමාරක ඡන්ද වෙනස නිර්මාණය වෙද්දී ප්‍රකාශිත ඡන්දවලින් 2,16,028ක් රනිල් වික්‍රමසිංහට ලැබීමත්, 41,193ක් නාමල් රාජපක්ෂට ලැබීමත් එක්ක අපිට පැහැදිලිව පෙනෙන්න තිබුණු කාරණාව තමයි 55.50%ක ප්‍රතිශතයක් එහිදී අනුර කුමාර දිසානායකට ලැබීම. යම් හෙයකින් අනුර කුමාර දිසානායකට මේ ඡන්ද ප්‍රතිශතය නොතිබුණා නම් ඡන්දයේ තත්ත්වය වෙනස් වෙන්න තිබුණා. මේ අතරින් ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ ආසනය 62.13%කින් අනුර කුමාර දිසානායක දිනාගත්තා. එය විශේෂ ප්‍රතිඵලයක් බවට පත්වුණා. එයට හේතුව තමයි මෙතෙක් කිසිවෙක් බලාපොරොත්තු නොවුණු ආකාරයේ ප්‍රතිඵලයක් ඒ හරහා නිර්මාණය වීම.

ඒ වගේම බොහෝ දෙනෙක් ඉතා වුවමනාවෙන් බලා හිටපු මැතිවරණ කොට්ඨාසයක් වුණේ ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව ආසනය. මීගමුව ආසනයෙන් 45,206ක් අනුර කුමාර දිසානායක ලබාගනිද්දී 24,484කට සීමා වෙනවා සජිත් ප්‍රේමදාස. 9,284ක් පමණයි ලැබෙන්නේ රනිල් වික්‍රමසිංහට. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කය තමයි මෙවර ජනාධිපතිවරයාට විශිෂ්ටතම ප්‍රතිඵලයක් නිර්මාණය කරලා දෙන්නට වැඩි දායකත්වයක් ලබාදුන්නු මැතිවරණ දිස්ත්‍රික්කය බවට පත්වුණේ. එම මැතිවරණ දිස්ත්‍රික්කයේ ප්‍රතිඵලය නිකුත් වෙන්නේ අවසාන වශයෙන්. ඒ නිසා සියලු දෙනාම බලාගෙන හිටියා මේ ප්‍රතිඵලය කුමන ආකාරයකින් විසඳෙයිද, මොන විදියේ ප්‍රතිඵලයක් ලැබේවිද කියන එක ගැන.

ඒ වගේම අපි දැකපු තවත් දෙයක් තමයි කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රතිඵලය. කොළඹ දිස්ත්‍රික්කයේදී 50%ක් ලබාගන්න කිසිදු අපේක්ෂකයකුට හැකියාව ලැබෙන්නේ නෑ. නමුත් 6,29,963ක මනාප ප්‍රමාණයක් අනුර කුමාර දිසානායක ලබාගැනීම මෙවර විශේෂත්වයක්. ඒ වගේම අනුර කුමාර දිසානායකගේ ප්‍රතිඵලය උඩු යටිකුරු කරන්න සමත් වෙච්ච මැතිවරණ කොට්ඨාස කිහිපයක් තිබුණා. ඉන් එකක් වෙන්නේ මහරගම. මහරගමදී තුන්වැනි තැනට සජිත් ප්‍රේමදාස පත්වෙනවා. එහි විශේෂත්වය වෙන්නේ රනිල් වික්‍රමසිංහ 21.56%ක් ලබාගෙන සජිත් ප්‍රේමදාස අභිභවා යමින් ඉදිරියට පැමිණීම. එහිදී 58,692ක් ලබාගනිද්දී අනුර කුමාර දිසානායක, 17,174යි දෙවැනියා වෙච්ච සජිත් ප්‍රේමදාසට ලැබෙන්නේ. මේ මැතිවරණ කොට්ඨාසයෙන් ඔහු දෙවැනියා නොවුණත් සමස්තයක් විදියට දෙවැනියා වුණේ ඔහු නිසා මේ ඡන්ද ප්‍රතිඵලයෙන් අපිට පැහැදිලිව පෙනෙනවා 41,000ක විතර විශාල පරතරයක් නිර්මාණය කරගන්නට එවර සජිත් ප්‍රේමදාස පරදමින් හැකියාව ලැබෙනවා අනුර කුමාර දිසානායකට. ඒ වගේම හෝමාගම ප්‍රතිඵලයත් ඉතා විශේෂ ප්‍රතිඵලයක් බවට පත්වුණා. එහිදී රනිල්ගේ සහ සජිත්ගේ ප්‍රතිඵලය වෙනස් වුණේ ඡන්ද 600කටත් වඩා අඩු ගණනකින්. 91,770ක මනාප ප්‍රමාණයක් දිනාගන්න අනුර කුමාර දිසානායක සමත් වෙද්දී ඔහු 56.74%ක් ලබාගනිමින් වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබාගත්ත මැතිවරණ කොට්ඨාසය බවට පත්කර ගත්තේ හෝමාගම ඡන්ද බල ප්‍රදේශය. එහිදී අපිට පෙනුණා ඡන්ද 60,000කට ආසන්න පරතරයකින් අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කිරීම. මෙන්න මේ විශාල අගයන්ගෙන් ජයග්‍රහණය කරපු මැතිවරණ දිස්ත්‍රික්ක කිහිපයයි ඔහුට තිබුණේ. ඔහුගේ මෙන්න මේ ප්‍රතිඵලය තමයි ඔහුව ඉතාම ඉහළට ඔසවා තබන්නට සමත් වූ ප්‍රතිඵලය බවට පත්වුණේ.
ඒ වගේම අපි දැක්කා මැද කොළඹ වගේ ආසනවලදී අනුර කුමාර දිසානායක, රනිල් වික්‍රමසිංහ අභිභවා යෑමක්. අපි විශ්වාස කළේ නෑ කිසි විටෙක රනිල් වික්‍රමසිංහ මැද කොළඹින් මේ තරම් විශාල පසුබෑමක් ලබාගනීවි කියලා. නමුත් ළඟ ළඟ තමයි ඔවුන්ගේ ඡන්ද ප්‍රමාණයන් ගිහිල්ලා තිබුණේ. 20,220ක් අනුර කුමාර දිසානායක දිනාගනිද්දී, 9,397කට මැද කොළඹ ආසනයෙන් රනිල් වික්‍රමසිංහ සීමා වුණා. නමුත් සජිත් ප්‍රේමදාස එහිදී විශාල ප්‍රතිශතයකින් ජයග්‍රහණය කරලා තිබුණු බව අපි දැක්කා. ඒ වගේම මෙවර විශේෂත්වයක් වුණේ සියලු දෙනාම බලාගෙන හිටපු අනුරාධපුරයේ ඡන්ද ප්‍රතිඵලය. බොහේ දෙනෙක් හිතාගෙන හිටියා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉතා ඉහළ ජයග්‍රහණයක් ලබාගන්න හැකියාව ලැබේවි කියලා අනුර කුමාර දිසානායකට. ඒකට හේතුව වුණේ ඔහුගේ උපන් ගම එය වීම. නමුත් 2,85,944කට අනුර කුමාර දිසානායක අනුරාධපුරයෙන් සීමා වෙද්දී සජිත් ප්‍රේමදාස 2,02,289ක් ලබාගත්තා. ප්‍රතිශතය වුණේ 47.37%ක් සහ 33.51%ක්. පරතරය ඡන්ද 83,000කට ආසන්න වූ බව අප සඳහන් කළ යුතුයි.

කොහොම නමුත් මෙවර ජනාධිපතිවරණයට විශේෂිත පුද්ගලයන් විශාල ප්‍රමාණයක් සහභාගි වූ බව අපි මේ ලිපිය පටන් ගනිද්දීම කිව්වා. නමුත් මෙසේ සහභාගි වූ පුද්ගලයන් අතරින් විශාල ප්‍රතිඵල සඳහා යා හැකිව තිබුණේ කීප දෙනකුට පමණයි. ඔබ දන්නවා මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ ප්‍රධාන පෙළේ අපේක්ෂකයන් විශාල මුදලක් මේ ජනාධිපතිවරණය සඳහා වැය කළ බව බොහෝ තැන්වල සඳහන්ව තිබුණා. නමුත් මේ විශාල මුදල් සම්භාරයක් වියදම් වූවාට අපේක්ෂකයන්ට නිසි ආකාරව ඡන්ද ලබාගැනීමට හැකි වුණාද කියන එක බොහොම ගැටලුසහගත තැනකට පත්වුණා. මෙවර ජනාධිපතිවරණයේදී වඩාත් කතාබහට ලක්වූ චරිත වුණේ නාමල් රාජපක්ෂ, දිලිත් ජයවීර, අරියසේලන් පාක්‍යසෙල්වම්, සරත් ෆොන්සේකා, කේ.කේ. පියදාස, විජයදාස රාජපක්ෂ වගේ අය. මේකේ විශේෂත්වයක් තියෙනවා. මේකේ පළමු කාරණාව තමයි නාමල් රාජපක්ෂ. ඔහු ලංකාවේ හිටපු ජනාධිපතිවරයකුගේ පුතෙක්. ඔහුගේ බාප්පත් හිටපු ජනාධිපතිවරයෙක්. ඒ වගේම පොහොට්ටුව කියලා කියන්නේ විශාල ජනාදරයක් දිනාගත්ත දේශපාලන පක්ෂයක්. ජනාධිපතිවරයෙක් බිහිකරපු පක්ෂයක්. පොහොට්ටුව හදලා ඉල්ලපු පළමු මැතිවරණයෙන්ම ඔවුන් ජයග්‍රහණය කරනවා. ඒ නිසා පොහොට්ටුවෙන් නාමල් රාජපක්ෂ මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා. නමුත් ඔහුට මුළු ලංකාවෙන්ම ලබාගන්න පුළුවන් වුණේ මනාප 3,42,781ක් විතරයි. එය ප්‍රතිශතයක් විදියට ගත්තම ශ්‍රී ලංකාවෙන්ම 2.57%ක ප්‍රතිශතයක්. ඔවුන් කලින් අනුර කුමාර ඇතුළු කණ්ඩායමට විහිළු කරමින් හිටියා නිතරම 3%යි කියලා. මෙවර ඔවුන්ට 3%ක් ලබාගන්නත් තවත් දශමස්ථාන 4.3ක අඩුවක් තියෙනවා. ඒ නිසා නාමල් රාජපක්ෂලාගේ පරාජය බරපතළ ඛේදජනක එකක් බවට පත්වුණා. ඒ වගේම අපි දන්නවා නාමල්ගේ පරාජය කියන කාරණාවත් එක්ක අනාගත දේශපාලනය මොන වගේ කරන්න වෙයිද මේ අයට කියන එක ගැන ලොකු ප්‍රශ්නයක් රටේ නිර්මාණය වුණා. අපි දන්නවා නාමල් රාජපක්ෂට මේ ඡන්දෙන් වැඩිම මනාව ලැබෙන්නේ 5000ක් ලැබුණු දිවුලපිටියෙන් විතරයි. එහෙම නැත්නම් ඔහුට කිසිම ඡන්ද බලප්‍රදේශයක ඡන්ද 10,000ක් ලබාගැනීමට හැකියාවක් ලැබුණේ නෑ. ඇතැම් තැන්වල 5 වැනි තැනට, 6 වැනි තැනට පත්වෙන්නත් නාමල් රාජපක්ෂට සිද්ධ වුණා.

ඒ වගේම අරියනේත්‍රන් පාක්‍යසෙල්වම් කියන ද්‍රවිඩ පොදු අපේක්ෂකයා මනාප 2,26,343ක් ලබාගන්නේ. ඇතැම් ආසනවල ඔහුට ලැබුණු ඡන්ද ප්‍රමාණය බින්දුවයි. අපි දැක්කා උතුරේ සමහර ආසන ඔහු ජයග්‍රහණය කළා. අපිට හොඳටම තේරෙනවා උතුරට තවමත් දකුණේ අපේක්ෂකයා ගැන තියෙන විශ්වාසය ගෞරවය පිළිබඳ ප්‍රශ්නයක් නිර්මාණය වෙලා තියෙනවා කියලා. ඒ නිසා තමයි අරියනේත්‍රන් පාක්‍යසෙල්වම්ලා කොහේදෝ ඉඳන් අහනින් පාත්වෙලා හදිසියේම ඇවිල්ලා විශාල මනාප ප්‍රමාණයක් ලබාගන්නේ. මේ 2,26,343 ඔහුට ලැබීමත්, ඔහු නොපැමිණියානම් ලැබෙන්නේ කාටද කියන එකත් අපට ගණන් හදලා බලන්න පුළුවන්. එහෙම ගණන් හැදුවාම එබට තේරේවි මෙවර ප්‍රතිඵලයට අරියනේත්‍රන් පාක්‍යසෙල්වම් බලපෑවේ කොච්චර වැදගත් විදියටද කියලා. අපි දන්නවා තවමත් උතුර මේ සඳහා නිසි උපක්‍රම පාවිච්චි කරන්නේ නැහැ. නමුත් දකුණු ඉන්දියාව විසින් දේශපාලනයේදී කරන ඉතා පළපුරුදු උපක්‍රමයක් තමයි ප්‍රසිද්ධ ද්‍රවිඩ නළුවෙක්ව දේශපාලනය සඳහා ඉදිරිපත් කිරීම. ලංකාවේ එහෙම කරන්නේ නැහැ. නමුත් එහෙම දෙයක් වුණොත් සමහර විට කොළඹ ඡන්දත් පාක්‍යසෙල්වම්ට ගියා වගේ සමහර විට මැතිවරණ ප්‍රතිඵලය වෙනස් වෙන්න පුළුවන්.

දිලිත් ජයවීර දේශපාලනයට එන්නේ පළමු වතාවට. මේ තමයි ඔහුගේ ප්‍රථම ඡන්දය. ඔහු හදාගන්න දේශපාලන පක්ෂය ඉතාම අලුත්. ඔහු එන්නේ කිසි කෙනෙක් නොදන්නා පක්ෂයකින්. ඒ වගේම ලංකාවේ එක්කෝටි හැත්තෑ එක්ලක්ෂයක් වෙච්ච ඡන්දදායකයන් අතරින් දිලිත්ව දන්නා ප්‍රමාණය සාමාන්‍යයෙන් ලක්ෂ 5ක් 6ක් වෙන්න පුළුවන්. පසුව ඔහු විසින් කරන ලද දේශපාලන ව්‍යාපාරය සහ ඔහු විසින් කරන ලද සමහර දේශපාලන කටයුතුත් එක්ක ඔහු ලංකාව පුරාම විවිධාකාරයේ රැස්වීම් සංවිධාන කරමින් ජනතාව ආමන්ත්‍රණය කරමින් යම් දේශපාලන ක්‍රියාවලියක නිරත වුණා. එම ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් විදියට ඔහුට පුළුවන් වෙනවා ප්‍රථම ඡන්දයෙන් 1,22,396ක මනාප ප්‍රමාණයක් ලබාගන්න. නමුත් ඔහුට ශ්‍රී ලංකාවෙන් ප්‍රතිශත අගයක් ලෙස 1%ක් ලබාගැනීමට තාමත් හැකියාව ලැබිලා නැහැ. 1%ක් ලබාගන්න බැරිවීමත් එක්ක අපි හොඳටම දන්නවා මේ මනාප ප්‍රමාණයෙන් අඩුම තරමෙන් ජාතික ලැයිස්තු ආසනයකටවත් යන්න හැකියාවක් නෑ. ඒකට හේතුව කුමක්ද කියන එක ගැන අපි කතා කළොත් පැහැදිලිව පේන කාරණයක් තමයි කොළඹ, ගම්පහ ඇතුළු ප්‍රධාන නගරවල හැර අනෙක් තැන්වල ඔහුව ඒ තරම් දැනගෙන හිටියේ නෑ කියන එක. හැබැයි විශේෂත්වය උතුර, ඒ වගේම නැගෙනහිර, නුවරඑළිය මේ හැම තැනම ඉන්න ජනතාවට අයිති මනාප ප්‍රමාණයේ වටිනාකම කොළඹ උගත් ඡන්දයක වටිනාකම හා සමානයි උතුරේ ද්‍රවිඩ තරුණයෙක්ගේ ඡන්දයට. ඒ වගේම නුවරඑළියේ දලු කඩන කාන්තාවකගේ ඡන්දයට. ඉතින් ඒ නිසා දේශපාලනය කරනවා නම් ඒ ඒ අපේක්ෂකයන්ට ඉතා පැහැදිලිව සිද්ධ වෙනවා තමන්ගේ දේශපාලන ක්‍රියාන්විතය හොඳින් උතුරට දකුණට නැගෙනහිරට දැනෙන ආකාරයෙන් සිද්ධ කරන්න.

කොහොම නමුත් මේ මැතිවරණයේදී ප්‍රධාන පෙළේ අපේක්ෂකයෙක් වෙච්ච රට දන්න, හඳුනන අපේක්ෂකයෙක් වෙච්ච සරත් ෆොන්සේකාට ලබාගන්න පුළුවන් වුණේ ඡන්ද 22,407ක් පමණයි. එය රටේම ඡන්ද භාවිතයෙන් 0.17%ක්. ඔහුට කලින් දිසානායක මුදියන්සේලාගේ බණ්ඩාරනායක කියන අපේක්ෂකයා 30,660ක් ලබාගෙන තිබුණා. මේ හැමෝටම උඩින් දිලිත් ජයවීර ළඟට ඡන්ද ලබාගත්තේ කේ.කේ. පියදාස. කේ.කේ. පියදාසට පුළුවන් වුණා මේ ලැයිස්තුවේ 7 වැනි තැනට පත්වෙන්න. කේ.කේ. පියදාස ඡන්ද 47,543ක් අරගත්තා. නමුත් සරත් ෆොන්සේකාව ඉක්මවා යමින් ඔහු ඡන්ද ලබාගනිද්දී පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධාන පෙළේ මන්ත්‍රීවරයෙක් වෙච්ච, මුළු රටම දන්න විජයදාස රාජපක්ෂට ලැබුණේ ඡන්ද් 21,306යි. අනුරුද්ධ පොල්ගම්පොළ ඡන්ද 15,411යි. සරත් කීර්තිරත්න ඡන්ද 15,107යි. මේ තත්ත්වය යටතේ කුඩය ලකුණෙන් තරග වැදුණු නුවන් බෝපගේට ලැබෙන්නේ ඡන්ද 11,091යි. මෙය 0.08%ක ප්‍රතිශතයක්.
මේ ජනාධිපතිවරණයේදී ඔබ කවුරුත් බලාගෙන ඉන්න ඇති අවසාන ස්ථානයට පත්වුණේ කවුද කියන එක. තැන්තම් 39 වැනි ස්ථානයට පත්වුණේ කවුද කියන එක. ඔහු තමයි ඒ.එස්.පී. ලියනගේ. ඒ.එස්.පී. ලියනගේට ඡන්ද 1,860ක් පමණයි ලැබිලා තියෙන්නේ. ඒ.එස්.පී. ලියනගේගේ ආයතනවල, සමහර විට මීට වඩා ප්‍රමාණයක් රාජකාරි කරනවත් ඇති කියලා අපට හිතෙනවා. මෙම තත්ත්වය යටතේ අබුබකර් මොහොමඩ් ඉන්ෆාස්ටත් ඡන්ද 6,531ක් ලැබෙනවා. කාලයක් තිස්සේ ජනාධිපතිවරණවලට ඉදිරිපත් වුණු සිරිතුංග ජයසූරියට මෙවර ලැබුණේ ඡන්දේ 8,954යි. ඔහු ලංකාවේ ඉන්න ප්‍රධාන පෙළේ වාමාංශික දේශපාලකයෙක්. නමුත් ඔහුටත් මේ ජනාධිපතිවරණයේදී විශාල ප්‍රතිඵලයකට යන්න ලැබෙන්නේ නැහැ.

දැන් ජනාධිපතිවරණය ඉවරයි. හැම දේම සාමාන්‍ය අතට පත්වෙමින් තියෙන්නේ. කොහොම නමුත් මහ මැතිවරණයක් ළඟම එනවා. මෙම මැතිවරණ ප්‍රතිඵලය බොහෝ දෙනකුට පාඩම් උගන්නාවි. අවබෝධ කරන්න බොහෝ දේ තිබේවි. ඒ නිසාවෙන් ජනාධිපතිවරණ ඉතිහාසයට එකතු වුණු තවත් එක් ජනාධිපතිවරණ ප්‍රතිඵලයකින් පස්සේ මහ මැතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂකයන්ට කියවා ගන්නයි මේ ලිපිය ලිව්වේ. දැන් ඉස්සර වගේ ලේසි වෙන්නේ නෑ. ඉදිරි මහ මැතිවරණයේදිත් මෙවැනි ප්‍රතිඵල අදහාගත නොහැකි ප්‍රතිඵල විශ්වාස කළ නොහැකි ප්‍රතිඵල වෙනස් වෙන ප්‍රතිඵල අලුත් වෙන ප්‍රතිඵල ඔබට ලැබේවි. අපි ඒ හැම වෙලාවක අපේක්ෂකයෝ එක්ක නෙවෙයි ජනතාවත් එක්ක ඉන්නවා.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

පොඩි මිනිස්සුන්ගෙන් ඇවිත් රට කරවපු අය! කෙහෙල්වත්තේ ප්‍රේමදාස! ලක්ෂඋයනේ මෛත්‍රී! තඹුත්තේගම අනුර! Sri Lanka Latest News

Next Post

අනුරට මිනිස්සු ඡන්දේ දුන්නේ මෙන්න මේ ප්‍රතිපත්ති ප්‍රකාශයටයි! Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.