යූටියුබ් වීඩියෝ මිලියනයකට වඩා ඉවත් කිරීමට කටයුතු කළ බව යූටියුබ් ආයතනය නිල වශයෙන් අද නිවේදනය කළේය.
කොරෝනා වයිරසය පිළිබද අසත්‍ය පුවත් ඇතුළත් කරමින් වීඩියෝ පළ කොට තිබීම මේ සදහා හේතු වී ඇත.
“ගෝලීය වසංගතයක් මධ්‍යයේ, සෑම කෙනෙකුම තමා සහ තම පවුල් ආරක්ෂාකාරීව තබා ගැනීම සඳහා ලබා ගත හැකි හොඳම තොරතුරුවලින් සන්නද්ධ විය යුතුයි.” යනුවෙන් එම සමාගම් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් පෙන්වා දී තිබේ.