ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායක ධූරය පසුපෙළ තරුණ මන්ත්‍රීවරයකු වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වෙත ලබා දීමට පියවර ගෙන ඇත.
අද දින ඒ සම්බන්ධයෙන් වූ ලිපිය අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් තෙන්නකෝන් මන්ත්‍රීවරයා වෙත ලබා දී ඇති බව වාර්තා වේ.
මීට පෙර එම තනතුරේ කටයුතු කළේ මහජන පක්ෂය නියෝජනය කළ අසංක නවරත්න මහතාය.
අසංක නවරත්න මහතා පසුගිය කාලය පුරා ආණ්ඩුව ඇතුළේ කැරලිකාර පිල නියෝජනය කිරීමට පියවර ගෙන තිබිණ.