• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහනුවර උඩුයටිකුරු කරන්න ලෑස්තියි! මාර්තුවේ Kandy Season..! දිගනට සංචාරක කලාපයක්! තරු පහේ ජාත්‍යන්තර හෝටලයක්! සුපිරි සම්මන්ත්‍රණ ශාලාවක්! ආහාර සැණකෙළියක්! නයිට් බසාර් එකක්! ඇඩ්වෙන්චර් පාර්ක්! දහඅට වංගුවේ ජාත්‍යන්තර මැරතන් තරගයක්! පොල්ගොල්ලේ ඔරු පැදීම්!  I Sri Lanka Latest News

December 17, 2024
in Exclusive
Reading Time: 13 mins read
A A
නුවර අධිවේගය ඉක්මනින් ඉවර කරන්න, මහනුවර නගරය ඉක්මනින් විශාල දියුණුවක් කරන්න, අද නුවරදී රැස්වුණු කැබිනට් මණ්ඩලය ඒකමතිකව තීරණය කරලා!
Share on WhatsAppShare on Facebook

මහනුවරට දෙස් විදෙස් සංචාරකයින් වැඩි වශයෙන් ගෙන්වා ගැනීම සඳහා සෑම වසරකම මාර්තු මාසය මහනුවර සංචාරක මාසය kandy season ලෙස හදුන්වා දීමටත් මහනුවර දිගන ප්‍රදේශය සංචාරක කලාපයක් kandy tourist zone ලෙස සංවර්ධනය කිරීමටත් රජයට යෝජනා කර තිබෙන බව මධ්‍යම පළාත් කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ REDA සභාපති ආනන්ද ස්ටීවන් මහතා පවසයි.Sri Lanka Latest News

මහනුවර නගරය තුල ඇති ආගමික සංස්කෘතික බැඳීම් හේතුවෙන් නගරය තුල සංචාරකයින් ආකර්ෂණය දිනා ගන්නා ඇතැම් ක්‍රියාකාරකම් හදුන්වා දිය නොහැකි බැවින් මෙසේ නගරයෙන් පිට ප්‍රදේශයක සංචාරක කලාපයක් ඇති කිරීම තුලින් මහනුවර ජනතාවට ඉහළ ආර්ථික ප්‍රතිලාභ අත්කර දිය හැකි බවද ඒ මහතා පවසයි.

මහනුවර යටිනුවර වීදියේ පිහිටි REDA ආයතනයේ දී පසුගිය දා පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ආනන්ද ස්ටීවන් මහතා මේ බව පැවැසීය.

එහිදී වැඩිදුරටත් සිය අදහස් දැක්වූ සභාපති වරයා මෙසේද පැවැසීය .

පළාතේ ජනතාවගේ සමාජ ආර්ථික දියුණුව වෙනුවෙන් කැප වන REDA ආයතනය ආයෝජන ප්‍රවර්ධනය, කෘෂිකර්ම ,සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සංවර්ධනය,සංචාරක කර්මාන්තය දියුණු කිරීම වැනි රටේ දළ දේශීය නිෂ්පාදනය ඉහළ නංවන ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නගා තිබෙනවා.

අයෝජන ප්‍රවර්ධන වැඩසටහන් යටතේ මහනුවරට සියලු පහසුකම් සහිත ජාත්‍යන්තර මට්ටමේ සංචාරක හෝටලයක් ඉඳිකිරීමටත් එකවර විශාල පිරිසකට අසුන් ගත ජාත්‍යන්තර මට්ටමේ සම්මන්ත්‍රණ ශාලාවක් ඉඳි කිරීමත් අපි සැලසුම් කර තිබෙනවා.ඉන්දියානු රජය එම කටයුතු සඳහා ආධාර උපකාර කිරීමට කැමැත්ත පල කර තිබෙනවා . ඉන්දියාව ඇතුළු ආසියානු රටවල ඉහළ පෙලේ සමාගම් ඔවුන්ගේ වාර්ෂික සම්මේලන පැවැත්වීම සඳහා වෙනත් රටකට යාම අද ලෝකයේ ව්‍යාපාර වල ස්භාවයයි.එවැනි පිරිස් තෝරා ගනු ලබන්නේ ස්භාව සෞන්දර්ය අතින් පෝෂිත නිස්කලංක පරිසරයක් සහිත ප්‍රදේශ.මහනුවර අවට ප්‍රදේශය ඊට උචිත ප්‍රදේශයක්.අපි අවශ්‍ය පහසුකම් ලබා දෙනවා නම් එම පිරිස මහනුවරට ගෙන්වා ගැනීමට හැකියි.තමිල්නාඩු ජනතාවට ඉන්දියාවේ දිල්ලි නුවරට යන වියදමට වඩා අඩු වියදමින් මධ්‍යම පළාතට එන්න පුලුවන්.ඔවුන් කැමැති මේ පළාතට අපි පහසුකම් සපයනවා නම් ඉහළ ප්‍රතිලාභ ලබා ගැනීමට හැකියාව තිබෙනවා .

සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් යටතේ අපි පළාතට එන දෙස් විදෙස් සංචාරකයන්ට විවිධ අත්දැකීම් ලබාදීමට පියවර ගනිමින් සිටිනවා.මහනුවර නගරයේ ජෝර්ජ් ඊ.ද.සිල්වා උද්‍යානයේ ආහාර සැණකෙළියක් පැවැත්වීමටත් රාත්‍රි කාලයේ සංචාරකයන්ට නගරයේ සුන්දරත්වය විද ගැනීම සඳහා රාත්‍රි වෙළෙඳ පොලක් පැවැත්වීමටත් කටයුතු සූදානම් කර තිබෙනවා.බොහෝ දෙනෙකු සිතා සිටින්නේ සංචාරක කර්මාන්තය කියන්නේ කන බොන එක විතරක් කියලයි.සංචාරකයන් ඇලුම් කරන කොපමණ දේ තිබෙනවා ද අපි ප්‍රයෝජනයට නොගන්නා.රටේ සංස්කෘතියට ජන ජීවිතයට බාධා නොවන අයුරින් එම ඉසව් සංවිධානය කළ හැකියි .

රටේ සංවර්ධන ක්‍රියාවලිය වෙනුවෙන් කටයුතු කරන රටේ අනෙකුත් අමාත්‍යාංශ සමග අත්වැල් බැඳගෙන එම කටයුතු වලට සවියක් වෙමින් REDA ආයතනය මගින් සිදු කරන සංවර්ධන කටයුතු පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපති ආනන්ද ස්ටීවන් මහතා..

මාර්තු මාසයේ යෙදෙන ලෝක සතුටු දිනය වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික්කය පුරා තෝරා ගත් සංචාරක ආකර්ෂණය දිනා ගත් ස්ථාන වල ඇඩ්වෙන්චර් ස්පෝර්ට් adventure sports පරණ කාර් රථ පෙළපාලි classic car perade චිත්‍රපට ප්‍රදර්ශන ඇතුළු අංග රැසක් ක්‍රියාත්මක කිරීමට අපි සැලසුම් කර තිබෙනවා .Mice tourism අංශ කෙරෙහි අපි වැඩි අවධානයක් යොමු කරනවා.කාලයක් පුරා මහනුවර නගරය ආශ්‍රිතව සංචාරක ගමනාන්තය දියුණු කිරීමට ඇති බාධා හදුනා ගනිමින් visit kandy for happiness  යන තේමාව යටතේ අපි කටයුතු කිරීමට සැලසුම් කර තිබෙනවා.ඊට අමතරව පොල්ගොල්ල ජලාශයේ ඔරු පැදීමේ ක්‍රීඩාව ප්‍රචලිත කිරීමටත් මහියංගනය දහ අට වංගුව මාර්ගයේ ජාත්‍යන්තර මට්ටමේ මැරතන් තරගයක් පවත්වන්නටත් සියලු අංශ සමග සාකච්ඡා කරනවා.

මහනුවර මාතලේ ප්‍රදේශ වල කුළු බඩු නිෂ්පාදකයන් දිරිගැන්වීම සඳහා කුළු බඩු විකුණුම් මධ්‍යස්ථානයක් ඇති කර අතරමැදි හූරා කෑමකින් තොරව ගොවියාට තම නිෂ්පාදන අළෙවි කිරීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීම අපේ තවත් ප්‍රමුඛ ඉලක්කයක්.මධ්‍යම පළාත යනු සියලු සම්පත් වලින් අනූන පළාතක්. විවිධ හේතු නිසා පළාත හැර ගොස් වෙනත් පළාත් වල ව්‍යාපාර කරන ආයෝජකයින්ට යළි.තමන්ගේ ආයෝජන සදහා යළි මෙහි එන්නැයි කියා මා ආරාධනා කරනවා.කිසිදු අනවශ්‍ය රස්තියාදු කිරීම් වලින් තොරව ඒ කටයුතු සඳහා අවශ්‍ය පසුබිම සකසන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් අබේකෝන් මහතා අපිට උපදෙස් දී තිබෙනවා.මේ රට පොහොසත් රටක් බවට පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට උපරිම ශක්තියක් වීම අපේ අරමුණයි .

මධ්‍යම පළාත් කලාපීය ආර්ථික සංවර්ධන ආයතනය, ( REDA )  මගින්  ක්‍රියාත්මක මාතලේ හෝටල්  හා සංචාරක පාසල මගින් පාඨමාලා රාශියක් ක්‍රියාත්මක වේ. 2022 වර්ෂයට අදාළව Hotel Operation (හෝටල් කළමනාකරණය) පාඨමාලාවේ 7 වන කණ්ඩායම සදහා සිසු   සිසුවියන් බදවා ගැනීම පසුගියදා (14)  මාතලේ හෝටල් පරිශ්‍රයේ දි ආරම්භ කරන ලදි. මෙම පාඨමාලාව සදහා සිසු සිසුවියන් 60  දෙනෙකු  ඇතුළත් කර ඇත. දේශීය හා විදේශීය රැකියා සදහා විශාල ඉල්ලුමක් පවතින අංශයක් ලෙස හෝටල් ක්ෂේත්‍රය හදුනා ගෙන ඇති අතර මධ්‍යම පළාතේ තරුණ ප්‍රජාවගේ අනාගතයට අත්වැලක් සපයනු වස් ව‍aත්තීය කොමිෂන්  සභාවේ ලියාපදිංචි ආයතනයක් ලෙස , මධ්‍යම පළාත් කලාපීය ආර්ථික සංවර්ධන ආයතනය මගින් මෙම පාඨමාලාව මෙහෙයවනු  ලැබේ .

ජර්මනියේ රැකියා අවස්ථා සඳහා German language වැඩසටහනක් ද REDA ආයතනය විසින් ක්‍රියාත්මක කර ඇත. ජාත්‍යන්තර පිලිගැනීමක් ඇති care giver පුහුණු පාඨමාලා වැඩසටහන් පේරාදෙණිය රොහල සමග සිදු කිරීමට ද කටයුතු කරන බව සභාපති ආනන්ද ස්ටීවන් මහතා පැවැසීය .

කොත්මලේ ප්‍රදේශයේ ගස් 12500 සිටුවීමේ නියමු ව්‍යාපෘතියක් ද ක්‍රියාවට නංවන බවත් එමගින් පරිසරය මුදා හැරෙන කාබන් පාලනය කිරීම එම ව්‍යාපෘතියේ අරමුණ බවද පළාතේ ජනතාවට කිසිවෙකුට අත නොපා ජීවන් වෙමින් අත මිට සරු හෙට දවසක් උදා කර දීම වෙනුවෙන් ඔවුන්ගේම ව්‍යාපාර ආරම්භ කිරීමට කුකුල් පැටවුන් සහ පොල් පැළ බෙදා දීම් නොකඩවා සිදු කරන බවද ඒ මහතා පැවැසීය .

REDA ආයතනය විසින් පසුගිය දා  පොල් පැල හා කුකුල් පැටවුන් බෙදා දුන් අවස්ථාව 

කැන්ඩි ප්‍රයිම් නිව්ස්

SendShareShare
Previous Post

මේ පාර කතානායක ධූරය වෛද්‍යවරයෙක්ට!  I Sri Lanka Latest News

Next Post

නැවත වතාවක් කතානායකවරයකුට විරුද්ධව විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමට සිදු නොවේවා..!!! අලුත් කතානායක වෛද්‍ය ජගත්ට විපක්ෂනායක සජිත් එක්කළ සුබපැතුම! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News
Exclusive

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News
Exclusive

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News
Exclusive

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

Load More
ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News
Exclusive

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

පසුගිය දින කිහිපය පුරා ලංකාවේ සමාජ මාධ්‍ය පරිශීලකයන් අතර දැඩි කතාබහට ලක්වූ, එසේම බොහෝ දෙනකුගේ අතින් දැඩි විවේචනයට සහ චරිත...

Read more
ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.