• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පළමුව රට! 2024 දෙවනුව! GOTA SPECIAL (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

August 1, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
පළමුව රට! 2024 දෙවනුව! GOTA SPECIAL (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)
Share on WhatsAppShare on Facebook

“මම 2024 ජනාධිපතිවරණයට ආයෙත් වතාවක් තරග වදින්න තීන්දු කරලයි තියෙන්නෙ.”

මේ පසුගිය සතියේ ගෝඨාභය මාධ්‍ය ප්‍රධානීන් සමග පැවැත්වූ සාකච්ඡාවකදී ප්‍රසිද්ධියේම කියපු කතාවය. ගෝඨාභයගේ මේ ප්‍රකාශයත් සමග විශාල ලෙස කලබලයට පත්වුණේ වෙන කවුරුවත් නොව 2024 ජනාධිපති වෙන්න හීන දකිමින් සිටි විපක්ෂයේ නායකයන්ය. මොකද විපක්ෂය පසුගිය අවුරුද්දක කාලය පුරාම ‘සර් ෆේල්’ කියන ස්ලෝගන් එක හදාගෙන රටෙ වටේම කැම්පේන් කළේ 2024 ජනාධිපතිවරණය ගේමක් නැතුව ගොඩ දාගන්නටය.

විපක්ෂය හිතාගෙන හිටියේ මේ, “සර් ෆේල්” කැම්පේන් එක නිසා ගෝඨා තමන්ගේ නිල කාලය අවසන් වීමටත් ප්‍රථම ජනාධිපති ධුරය අතහැරලා ගෙදර යයි කියාය.

“මේ කැම්පේන් එකට ගෝඨාට මුහුණ දෙන්න බෑ. අපි කැට තියලා කියන්නේ ගෝඨා එයාගෙ පළවෙනි ටර්ම් එකවත් ඉන්නෙ නෑ. අවුරුදු පහ ඉවර වෙන්න කලින් ගෝඨා මේක දමල ගහලා ගෙදර යනවා.”

විපක්ෂය ඇඟිලි ගැන ගැන හිටියේ ගෝඨාගේ ඒ ගෙදර යන දවස අත ළඟ යැයි හිතමින්ය.

හැබැයි “මම ආයෙමත් 2024 තරග කරනවා” යනුවෙන් ගෝඨා කළ ප්‍රකාශයත් සමගම විපක්ෂයේ මේ හීන එක රැයින් සුනු විසුනු වී ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි.

“සාමාන්‍යයෙන් ලංකාවේ විධායක ජනාධිපති ධුරයට පත් අති බහුතරයක් දෙනා තමන්ගේ පළමු නිල කාලයේ පළමු අවුරුදු හතර සම්පූර්ණ කරන්නේ රට ගැන සිතමින් නොව, තමන්ගේ ඊළඟ දේශපාලන න්‍යායපත්‍රය ගැන සිතමින්ය. එහෙමත් නැත්නම් ඊළඟ ජනාධිපතිවරණය දිනන්නේ කොහොමද කියන එක ගැන හිතමින්ය. ඒ නිසා පළමු අවුරුදු හතරේ කරන්නේ විපක්ෂය මර්දනය කර, විපක්ෂයේ තටු කපා ඊළඟ ජනාධිපතිවරණයට ඉල්ලන්න පාර කපාගැනීමය.

මේක මුලින්ම පටන්ගත්තේ වෙන කවුරුවත් නොව, විධායක ජනාධිපති ධුරය රටට හඳුන්වා දුන් ජේ.ආර්.ය. එදා ජේ.ආර්. 78 ජනාධිපති ධුරයට පත්වෙලා මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කර විපක්ෂය භේදභින්න කර අවුරුදු හතරෙන් ජනාධිපතිවරණයට යන්න සැලැස්ම සකස් කළේය. ජේ.ආර්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා වෙනස් කොට නැවතත් ජනාධිපතිවරණයට ගිහින් ජයග්‍රහණය කළේ ඒ අවුරුදු හතරේ ගහපු ඒ ගේම් එක නිසාය.

ජේ.ආර්.ට පස්සේ ජනාධිපති ධුරයට පත්වූ ප්‍රේමදාසට එය කරගත නොහැකි විය. මොකද විපක්ෂයෙන් ගහන්න ඉස්සෙල්ලා ප්‍රේමදාසට ආණ්ඩුව ඇතුළෙන්ම ගැහිල්ල පටන් ගත්තේය. ලලිත්, ගාමිණී ප්‍රේමදාසට විරුද්ධව දෝෂාභියෝගයක් අරගෙන ආවේය. ඊටත් අමතරව ප්‍රේමදාස හදිසියේම ඝාතනය වීමත් සමග විපක්ෂය මර්දනය කරන වැඩේ ප්‍රේමදාසට කරගන්නට නොහැකි විය.
ඊළඟට බලයට පත්වුණේ චන්ද්‍රිකාය. චන්ද්‍රිකා සැලසුම් කළේ හදිසි ජනාධිපතිවරණයකට ගිහින් තමන්ගේ දෙවැනි නිල කාලය භුක්තියට ලියාගන්නටය. ජයග්‍රාහී මානසිකත්වය හදාගැනීම සඳහා චන්ද්‍රිකා ඒ වෙලාවේ තීන්දු කළේ කඩින් කඩ ඡන්ද තියා තමන්ගෙ පැත්තට රැල්ල හදාගන්නටය. ඒ අනුව මුලින්ම චන්ද්‍රිකා වයඹ පළාත් සභා මැතිවරණය පැවැත්වූවාය. එය ලංකා ඉතිහාසයේ වාර්තා වූයේ එතෙක් මෙතෙක් පැවැති දූෂිතම ඡන්දය ලෙසය. එහිදී විශාල ඡන්ද කොල්ලයක් චන්ද්‍රිකා විසින් සිදුකළාය.

ඉන් අනතුරුව චන්ද්‍රිකා දකුණෙන් පටන් අරන් කඩින් කඩ පළාත් සභා පවත්වමින් විපක්ෂය දුර්වල කිරීමට පියවර ගත්තාය. චන්ද්‍රිකා දෙවැනි වතාවට ජනාධිපතිවරණය දිනාගත්තේ විපක්ෂය දුර්වල කොට එහෙම හදාගත්ත රැල්ලකින්ය. අවසාන මොහොතේ චන්ද්‍රිකා ඉලක්ක කර ටවුන්හෝල්වලදී පිපිරුණු කොටි බෝම්බයද ඒ ජයග්‍රහණයට විශාල පිටිබලයක් සපයා තිබිණ.

චන්ද්‍රිකාට පසු මේ රටේ ජනාධිපතිවරයා වූ මහින්දත් කඩින්කඩ පළාත් සභා මැතිවරණ පවත්වා ඊළඟ ජනාධිපතිවරණය ජයග්‍රහණයට පසුබිම සකසා ගැනීමට පියවර ගත්තේය. නමුත් මහින්දට වැඩිය විපක්ෂය දුර්වල කිරීමට වුවමනා නොවූයේ මේ රටට තිස් වසරක් පුරා ශාපයක් වූ යුද්ධය තම පළමු ධුර කාලය තුළම අවසන් කර දැමීමට සමත් වීමත් සමග ජනතාව මහින්දව කරේ තබාගෙන ගොස් දෙවැනි වතාවටත් ජයග්‍රහණය කරවීම නිසාය.

මහින්දගෙන් පසු 2015 ජනාධිපති පුටුවේ වාඩිගත් මෛත්‍රිපාල පළමු දවසේ සිටම සිය මුළු නිල කාලයම වැය කළේ ඊළඟ ජනාධිපතිවරණයට තරග වදින්නේ කොහොමද කියන එක හදාගන්නටය. මෛත්‍රී ආරම්භයේ සිටම තමන්ට ඒකට ඇති ලොකුම තර්ජනය ලෙස දැක්කේ විපක්ෂයේ අපේක්ෂකයන් නොව, ආණ්ඩුව ඇතුළේම සිටි තම අගමැතිවරයා වූ රනිල්ය. ඒ නිසා මෛත්‍රී කළේ ආරම්භයේ සිටම රනිල්ට චෝදනා එල්ල කිරීමය. රනිල්ගේ දේශපාලනය විනාශ කිරීමට ජනාධිපති කොමිෂන් සභා පත්කිරීමය. යහපාලන ආණ්ඩුව විනාශ වී ගියේ දෙන්නාගේ මේ ගහගැනිල්ල නිසාය.

ඒ විදියට බලන විට මහින්ද හැරුණු විට අනෙක් හැම ජනාධිපතිවරයකු වගේම තමන්ගේ පළමු නිල කාලය ගත කළේ ජනතාවගේ සංවර්ධනයට නොව, විපක්ෂය දුර්මුඛ කොට දැමීමටය.
හැබැයි ගෝඨාභය ඒ අතින් වෙනස්ම ජනාධිපතිවරයෙකි. මොකද ජනාධිපති පුටුවේ වාඩිවීමෙන් පසු ගෝඨා විපක්ෂයේ තටු කපන්නට ගියේ නැත. ඒ වගේම වෙනත් කිසිදු ජනාධිපතිවරයකුට මුහුණ දෙන්නට නොවුණු ආකාරයේ ලෝක වසංගතයකට මුහුණ දීමටද ගෝඨාට සිදුවිය. මේ නිසා ගෝඨා විපක්ෂය ගැන සිතුවේවත් නැත. ඊළඟ ජනාධිපතිවරණය ගැන සිතුවේද නැත. කොරෝනා ආරම්භ වූ දා සිටම මේ වසංගතයෙන් රට මුදාගැනීමට ගෝඨා සැලසුම් සකස් කළේය. රටේ ජනතාව මේ වසංගතයෙන් මුදාගෙන රට සංවර්ධනය කරන ආකාරය කල්පනා කළේය.
අනෙක් ජනාධිපතිවරු එක්ක ගත් විට ගෝඨා වෙනස් කියන්නේ ඒකය. තමන් ඊළඟ ජනාධිපතිවරණයට ඉල්ලනවා කියා ගෝඨා කියන්න ඇත්තේ විපක්ෂය රට ඇතුළේ අරන් යන කැම්පේන් නිසා රාජ්‍ය සේවකයන් වැඩ නොකර සිටිනු ඇති බවට මැති ඇමැතිවරුන්ගෙන් ආ අදහස් නිසා විය යුතුය.

“ඔබතුමා ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවද?”

වතාවක් මාධ්‍ය ගෝඨාගෙන් ප්‍රශ්න කරද්දී ගෝඨා දුන්නේ හරි අපූරු පිළිතුරකි.

“ඒක තීන්දු කරන්නේ මේ රටේ ජනතාව”

ගෝඨා කියා සිටියේ එහෙමය.

මීට කලින් ජනාධිපතිව සිටි කිසිවකු ඒ තීන්දුව ජනතාවට භාරදුන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් කළේ තමන් ඒ තීන්දුව ගෙන ඊට අනුව ජනතාව හැඩගැස්සවීමය. ඒ අතින් බලන විට ගෝඨා මේ කර ඇත්තේ තමන් තීරණය කළ යුතු තීන්දුව ජනතාවට භාරදී තිබීමය. අනෙක් ජනාධිපතිවරුන් එක්ක ගත් විට ගෝඨා වෙනස් කියල කියන්නේ අන්න ඒ නිසාය.

විමලසිරි ජයලත්

SendShareShare
Previous Post

විහාරමහාදේවියේ පැය 24 පුරාම හමුදාවෙන් ඇස්ට්‍රසෙනිකා! දහස් ගණනක් පෝලිමේ!

Next Post

මාලඹේ සිවිල් ඉංජිනේරුවාගේ සිරුර හයිවේ එකේ ජිප් එකක් ඇතුළේ!

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.