• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රංවලගේ ප්‍රශ්නය බරපතළයි! ෂේක්ස්පියර් මෙන්න! Sri Lanka Latest News

December 21, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
රංවලගේ ප්‍රශ්නය බරපතළයි! ෂේක්ස්පියර් මෙන්න! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘මෙම පුද්ගලයා මෝඩයාගේ චරිතය රඟදැක්වීමට තරම් ප්‍රඥාවන්තයි. එය සිදුකිරීමට ඔහුට යම් ආකාරයක බුද්ධියක් අවශ්‍යයි. ඔහු සමග විහිළු කරන අයගේ මනෝභාවය ඔහු නිරීක්ෂණය කළ යුතුයි. මිනිසුන්ගේ ගුණාත්මකභාවය ඔහුගේ මාර්ගෝපදේශය වේ. එසේම ලෝකයේ තත්ත්වය ඔහුගේ පෙනුමයි…’ (Sri Lanka Latest News)
– මහා නාට්‍යකරු විලියම් ෂේක්ස්පියර්, දොළොස් වැනි රාත්‍රිය, ජවනිකාව 3, දර්ශනය 2.

ලොව පිළිගත් ශ්‍රේෂ්ඨ ඉංග්‍රීසි නාට්‍යකරුවකු මෙන්ම කවියකුද වන විලියම් ෂේක්ස්පියර්ගේ නාට්‍ය නිර්මාණයක් වන ‘දොළොස්වැනි රාත්‍රිය’ :(Twelfth Night) අදාළ කරගනිමින් ඉහත වදන් කිහිපය ගොනුවී ඇත. තමන්ගේ නිර්මාණයේ රඟන එක්තරා ප්‍රධාන චරිතයක් ගැන ඔහු එසේ විග්‍රහයක යෙදෙයි. අද මෙම වතගොතින් කියන්නට හදන්නේ කුමක්ද? එම කතාව රසවත්ය. මෙයට දින කිහිපයකට ඉහතදී අප රටේ සිදුවූ එක්තරා අතිශය සුවිශේෂ සිදුවීමක් ආශ්‍රිත කරගෙන මෙම කතාව කියා සිටින්නේය. එම සිදුවීම නම් මෙරටත්, ජාත්‍යන්තරයත් මහත් ආන්දෝලනයකට පත්කළ කතානායක අශෝක සපුමල් රංවලගේ ඉල්ලා අස්වීමයි. මෙම විශේෂිත සිදුවීම ජාත්‍යන්තර මාධ්‍ය රාශියක් විසින් වාර්තා කර තිබූ අතර, එහිදී ඇමෙරිකාවේ ප්‍රකට මාධ්‍ය ආයතනයක් වන ‘ග්ලෝබල් ස්ට්‍රැට් වීව්’ (Global Strat View) විසින් අපූරු විග්‍රහයක යෙදී තිබුණේය. එම මාධ්‍ය ආයතනයේ විදේශ කටයුතු කර්තෘ ධුරය දරන අසංග අබේගුණසේකර නමැති මාධ්‍යවේදියා විසින් මෙම ලිපිය සම්පාදනය කර තිබිණි. ඔහුගේ එම විග්‍රහය කුමක්දැයි සොයා බලමු.

මහා නාට්‍යකරු විලියම් ෂේක්ස්පියර්ගේ ‘දොළොස්වැනි රාත්‍රිය’ නාට්‍ය නිර්මාණයේ ප්‍රධාන චරිතයක් වන ‘වංචනිකයා’ ආශ්‍රිත කරගෙන, මෙය විග්‍රහ කරන්නට ලේඛකයා කටයුතු කර තිබීම හරවත් හා රසවත් උත්සාහයකි. සැබැවින්ම එම උත්සාහය සාර්ථක වී ඇති ආකාරයද දක්නට හැකිය. එය සොයා බලමු.

‘ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන අර්බුදයේ හදවත තුළ ෂේක්ස්පියර්ගේ ‘දොළොස්වැනි රාත්‍රියේ’ මෙම වදන් ගැඹුරින් දෝංකාර දෙයි. තමන්ගේ අධ්‍යයන සාක්ෂිපත්‍ර (සහතික පත්‍ර) සාවද්‍යකරණය කිරීමේ චෝදනා මධ්‍යයේ කතානායක අශෝක සපුමල් රංවලගේ ඉල්ලා අස්වීම, එම වංචාවේ තේමාව සහ හෙළිදරව් වූ සත්‍ය පිළිබිඹු කරයි. නාට්‍යකරු ෂේක්ස්පියර්ගේ නාට්‍යයේ වංචනිකයා මෙන් ව්‍යාජ මවාපෑම් මත ගොඩනැගුණු කතානායක රංවලගේ කෙටි නිල කාලය ශ්‍රී ලංකාවේ දේශපාලනමය නීත්‍යනුකූලභාවයේ බිඳෙනසුලු බව පැහැදිලිවම හෙළිදරව් විය. කෙසේ වෙතත් මෙම මහා අපකීර්තිය ඔහුගේ පුද්ගලික අසාර්ථකත්වයට වඩා වැඩි එකකි. එය වත්මන් ආණ්ඩුව තුළ ගැඹුරු ඉරිතැළීම් සහ පැළීම් සංඥා කරයි. එමෙන්ම පාලක සභාගය බිඳවැටීමේ අවසානයකට හෝ අද්දරකට ගෙන ඒමට කටයුතු කරනු ඇත. කතානායක රංවලගේ ඉල්ලා අස්වීම චීනයේ ‘පීපල්ස් ඩේලි’ (Global Strat View) මාධ්‍ය ආයතනය සහ තවත් ජාත්‍යන්තර මාධ්‍ය විසින් පුළුල් ලෙස ආවරණය කර ඇති අතර, ශ්‍රී ලංකාවේ නායකත්වය මුහුණ දෙන සදාචාරාත්මක සහ පාලන අභියෝග කෙරෙහි ගෝලීය අවධානය යොමුකර ඇත. ඔහුගේ බලයෙන් වැටීම, පවතින දේශපාලන අර්බුදය තුළ සංකේතාත්මකව මෙන්ම ප්‍රායෝගිකවද සැලකිය යුතු සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ සිය ධුර කාලය අවසන් වීමට පෙර ඉල්ලා අස්වූ තෙවැනි කතානායකවරයා ඔහු වේ. පළමුවැන්නා වූයේ 1983 අගෝස්තු 31 වැනිදා ඉල්ලා අස්වූ එම්.ඒ. බාකීර් මාකර් වන අතර, දෙවැන්නා වූයේ 1964 වසරේදී ඉල්ලා අස්වූ ආර්.එස්. පැල්පොලය. මතභේදය ඔහු ග්‍රහණය කරගැනීමට පෙර කතානායක රංවල පාර්ලිමේන්තු රැස්වීම්වල මුලසුන දැරුවේ සතියක පමණ කාලයකි.

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන අර්බුදයට අදාළව සිදුකෙරෙන මෙම විග්‍රහය තවදුරටත් මෙසේ කියයි.
‘මේ වනවිට ජාත්‍යන්තර මාධ්‍ය ආවරණය ශ්‍රී ලංකාවේ රජය අවිනිශ්චිත ආලෝකයකින් නිරූපණය කරමින් අපකීර්තිය උද්දීපනය කර ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට බහුතරයකින් බලයට පත්වූ මාක්ස්වාදී නැඹුරුවක් සහිත දේශපාලන පක්ෂයක් වන ජාතික ජන බලවේගය විසින් පිහිටුවන ලද පාලක පරිපාලනය තුළ අඛණ්ඩතාව සහ වගවීම නොමැතිකම පිළිබඳ පැහැදිලි මතක් කිරීමක් ලෙස යටකී කතානායකවරයාගේ ඉල්ලා අස්වීම පෙළගැස්වී ඇත. මෙලෙස ඉතිහාසයට එක්වූ කතානායකවරයාගේ නික්ම යෑම දැනටමත් ආර්ථික කඩාවැටීම හා පුළුල්ව පැතිරුණු සමාජ අසහනය සමග පොරබදමින් සිටින ජාතියක් තුළ මහජන කලකිරීම තවත් තීව්‍ර කර ඇත. ගෝලීය මාධ්‍ය මෙම අපකීර්තිය කෙරෙහි අවධානය යොමුකිරීමෙන් අවධාරණය කරන්නේ ජාත්‍යන්තරව එම ප්‍රතිරූපයට හානි පමුණුවමින් සිදුකෙරෙන ආණ්ඩුවේ ක්‍රියාවන් ජාතික දේශසීමාවෙන් ඔබ්බට විමර්ශනය කරන ආකාරයයි. ඉන්දියාවේ ‘ද ප්‍රින්ට් ඉන් ඉන්ඩියා’ මාධ්‍ය ආයතනය වාර්තා කළ පරිදි යටකී ඉල්ලා අස්වීමේ සිදුවීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මංගල ඉන්දීය විදේශ සංචාරයට දින කිහිපයකට පෙර සිදුවීම ශ්‍රී ලංකා රජයේ ගෝලීය ස්ථාවරය කැළැල් කරන බැව් ප්‍රකාශ කළේය. මෙම දේශපාලන පරාජය දැනටමත් අස්ථිර භූ දේශපාලනික වාතාවරණයක් තුළ ලාංකික ජාතිය තවදුරටත් හුදෙකලා කළ හැකිය…’

‘කතානායක රංවලගේ ඉල්ලා අස්වීමේ සුවිශේෂ සිදුවීම ඔහුගේ පෞද්ගලික වැරැදිවලින් ඔබ්බට විහිදේ. එය ශ්‍රී ලංකාවේ නායකත්වය තුළ ගැඹුරු සදාචාර ඛාදනය අවධාරණය කරයි. අවංකභාවය සහ විශ්වසනීයත්වය ඉල්ලා සිටින තනතුරක් වන සහ පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස රංවලගේ ක්‍රියාකලාපය, පාලක සභාගය තුළ ඇති සදාචාරමය පරිහානිය පිළිබඳ ප්‍රබල පණිවුඩයක් ලබාදී ඇත. විනිවිදභාවය වඩ වඩාත් අඩු දේශපාලන වටපිටාවක් තුළ ගැඹුරු සදාචාර ඛාදනය (පිරිහීම) අවධාරණය කරයි. විද්වත් ලේඛකයකු වන අර්ස්කින් මේ විසින් ලියා ඇති ‘පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටිය’(Parliamentary Practice by Erskine May) නමැති ග්‍රන්ථය ‘පාර්ලිමේන්තු ක්‍රියාදාමයේ බයිබලය’ ලෙසින් සඳහන් කරයි. එහි මෙසේ කියා සිටින්නේය.’

‘කතානායකවරයා සෑම විටම අපක්ෂපාතීව, නින්දා අපහාසවලට වඩා ඉහළින් ක්‍රියා කළ යුතු අතර, සාධාරණත්වය සහ අඛණ්ඩතාවයේ වටිනාකම් මූර්තිමත් කළ යුතුය. මෙම යුතුකමේ ඕනෑම කඩකිරීමක් පුද්ගලයාට පමණක් නොව, ඔවුන් නියෝජනය කරන ආයතනයටද සම්මුතියක් ඇතිකරයි…’

‘මෙය සුවිශේෂ අර්ථකථනයකි. අදාළ චෝදනාවල බර යටතේ රංවලගේ නික්ම යෑමෙන් පිළිබිඹු වන්නේ එම වගකීම බරපතළ ලෙස කඩකිරීමකි. ඔහුගේ ඉල්ලා අස්වීමෙන් ආණ්ඩුවේ පදනම කොතෙක් දුරට ඛාදනය වී ඇද්දැයි හෙළිදරව් වන අතර, සමස්ත පරිපාලනයම ගොඩනැගී ඇත්තේ සෙලවෙන බිමකදැයි මහජනතාවට ප්‍රශ්න කිරීමට ඉඩ ඇත. මෙම ඉල්ලා අස්වීම මගින් පාලක සභාගය තුළ පවතින අභ්‍යන්තර අසමගියද ඉස්මතු වේ. අපකීර්තිය අභ්‍යන්තරව කළමනාකරණය කිරීමට සහ පාලනය කිරීමට ඇති නොහැකියාව, ආණ්ඩුවේ සංහිඳියාවේ සහ සන්නිවේදනයේ සැලකිය යුතු අඩුපාඩුද පෙන්වා දෙයි. ආයතනයක් ලෙස පාර්ලිමේන්තුව සැලසුම් කර ඇත්තේ විවාද, සංවාද සහ තීරණ ගැනීමේ එක් සංසදයක් ලෙස සේවය කිරීමටය. කෙසේ වෙතත් කතානායකවරයා මතභේදයක පැටලී සිටින විට එය ඔහුගේ විශ්වසනීයත්වය පලුදු කරනවා පමණක් නොව, ව්‍යවස්ථාදායක මණ්ඩලයේම අධිකාරිය දුර්වල කරයි. මෙම අභ්‍යන්තර අස්ථාවරත්වය පාලක ආණ්ඩුව තුළ විශාල ව්‍යාකූලත්වයක් පිළිබිඹු කරයි…’

මෙම විශ්ලේෂණය සිදුකරන යටකී විදෙස් මාධ්‍ය ලේඛකයා ඉන් අනතුරුව වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගැනද යම් විග්‍රහයක යෙදෙයි.
‘වර්ධනය වන මෙම අස්ථාවර වාතාවරණය තුළ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛස්ථානයට නැගීමත් සමග විපක්ෂය වේගවත් වීමට පටන්ගෙන තිබේ. ඔහු ආණ්ඩුවේ දුර්වලතාවන් ප්‍රාග්ධනය කරගෙන ඇති අතර, පරිපාලනයේ අසාර්ථකත්වය නිසා කලකිරුණු අයගේ හඬක් ලෙස තමා ස්ථානගත කර ඇත. කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස අන් අයට සාපේක්ෂව කෙටි කාලයක් තුළ සැලකිය යුතු දේශපාලන ප්‍රබෝධයක් ගොඩනගාගෙන ඇත. විපක්ෂය වගවීම සහ ප්‍රතිසංස්කරණ සඳහා වන ඉල්ලීම් ඉදිරිපත් කරමින් ඉදිරියට යද්දී ඔහුගේ නායකත්වය ශක්තිමත් වෙමින් තිබේ. ප්‍රේමදාසගේ වැඩෙන බලපෑම ශ්‍රී ලංකාවේ විශාල දේශපාලන ප්‍රතිනිර්මාණයක් පෙන්නුම් කරයි. විපක්ෂය දිගින් දිගටම ප්‍රචලිත වන විට දේශපාලන ආඛ්‍යානය පාලනය කරගැනීමට ආණ්ඩුවට ඇති හැකියාව දුර්වල වෙමින් පවතී. වැඩිවන මහජන සහයෝගයත් සමග විපක්ෂය 2025දී ප්‍රබල බලවේගයක් නියෝජනය කරනු ඇත. රජයට අබියෝග කළ හැකිය…’

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ෂේන් වෝන්ගේ ගෙදර ක්ලීනින් වැඩට ගිහින් ඔස්ටේ්‍රලියාවම හොල්ලපු මාතර කොල්ලා! ලැම්බෝගිනි 4ක් තියෙනවා! වාහන ප්‍රමාණය 24ක්! ඔරලෝසුව ඩොලර් ලක්ෂ 4.5යි! Sri Lanka Latest News

Next Post

CIDය පාර්ලිමේන්තුවට ගිහින් ‘ආචාර්ය’ පරීක්ෂණ පටන්ගනී! I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.