පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ “ආචාර්ය” නාමයක් සටහන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පාර්ලිමේන්තු නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.Sri Lanka Latest News
ඊයේ (20) පාර්ලිමේන්තුවට පැමිණි එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම්වරයා ඇතුළු නිලධාරීන් තිදෙනෙකුගෙන් ඒ පිළිබඳ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තා විය.
තමාට නොමැති ආචාර්ය නාමයක් පාර්ලිමේන්තු වෙබ් අඩවියේ තම නම ඉදිරියේ වැරදියට සඳහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙලෙස ඊයේ දිනයේ පාර්ලිමේන්තු නිලධාරීන් පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට පියවර ගෙන ඇත.










