• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මව්රට හෙළිකරපු පොල්තෙල් වංචාව ගැන රනිල්ගේ පැත්තෙන් කතා නෑ! ආණ්ඩුව උත්තර දෙන්නෙත් නෑ! විපක්ෂයත් හිතාමතා මගහරිනවා! ආණ්ඩු මාරුවුණාට පස්සෙත් බදු නැතිව පොල්තෙල් ගේන වැඩේ දිගටම යනවා! දැන් ආණ්ඩුවට පාඩුව බිලියන 5කටත් වැඩියි! දේශීය ආදායම් එක කියනවා මුදල් අමාත්‍යංශයෙන් තවම උත්තරයක් නෑ කියලා! VIDEO I Sri Lanka Latest News

January 30, 2025
in Exclusive
Reading Time: 9 mins read
A A
Share on WhatsAppShare on Facebook

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේදී සිදුව ඇතැයි කියන පිරිපහදු නොකළ පොල්තෙල් ලංකාවට ගෙන්වා පිරිපහදු කොට බෙදාහැරීමේදී රජයට ගෙවිය යුතු රුපියල් බිලියන 5කට අධික මුදලක් නොගෙවා පැහැර හැර ඇති බවට කියන සිද්ධිය සම්බන්ධයෙන් පසුගියදා එස්.එම්. මරික්කාර් මහතා ආණ්ඩුවෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී ආණ්ඩු පක්ෂය වෙනුවෙන් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඊට පසුදින පිළිතුරු ලබා දෙන බව සදහන් කළද මේ දක්වා ඒ සම්බන්ධයෙන් කිසිදු පැහැදිලි කිරීමක් සිදුව නොතිබීම විශේෂ සිදුවීමකි.Sri Lanka Latest News

මේ සම්බන්ධයෙන් පළමු වරට ‘මව්රට’ පුවත්පත මගින් අතිවිශේෂ හෙළිදරව්වක් කරමින් කියා සිටියේ 2024 ජනවාරි පළමුවැනි දින සිට මෙසේ ආනයනික පිරිපහදු නොකළ පොල්තෙල් මත වැට් බදු පනවා ඇති බවට සදහන් කර තිබුණද එම වසර පුරාම මෙරටට පොල්තෙල් ගෙන්වන මහාපරිමාණ සමාගම් 3කින් බිලියන 5කට ආසන්න මුදලක් අයකරගෙන තිබුණේ නැති බවකි.

මෙහි ඇති අනෙක් විශේෂත්වය වන්නේ වික්‍රමසිංහ මහතාගෙන් පසු අනුර කුමාර දිසානායක මහතා බලයට පත්වුණද තවමත් බදු මුදල් අය කර ගැනීමට පියවර ගෙන නොතීබීමත්, ඉකුත් නොවැම්බර් මස හා දෙසැම්බර් මසද මේ අයුරින්ම බදු නොගෙවා පිරිපහදු නොකළ පොල්තෙල් මෙරටට ආනයනය කොට තිබීමත්ය.

අප මේ බව හෙළිකිරීමෙන් පසු මෙරට සියලුම මුද්‍රිත මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍යද ඒ සම්බන්ධයෙන් වාර්තා කිරීමට පියවර ගෙන තිබිණ.

එහිදී එස්.එම්. මරික්කාර් මහතා අප පුවත්පත මගින් කළ හෙළිදරව්ව මෙන්ම අනෙකුත් මාධ්‍යද කළ හෙළිදරව් කිරීම් පාර්ලිමේන්තුවේ ගෙනහැර දක්වමින් මේ පිළිබද ප්‍රශ්න කරද්දී ආණ්ඩුව වෙනුවෙන් පිළිතුරු දුන් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා කියා සිටියේ මුදල් අමාත්‍යංශ නිලධාරීන් සමග සාකච්ඡා කොට මේ පිළිබද පැහැදිලි කිරීමක් ඊට පසුදිනම ඉදිරිපත් කරන බවකි.

නමුත් අමාත්‍යවරයා මේ දක්වාම එම පැහැදිලි කිරීම සිදුකොට නොමැත.

ආණ්ඩුව විසින් ජනතාව කන බොන දෙයට පවා බදු පිට බදු ගසමින් ජනතාව පීඩාවට පත් කරද්දී බිලියන 5ක් අයකරගැනීමට ඇති හැකියාව අතහැර දැමීම සම්බන්ධයෙන් මේ දක්වා විපක්ෂය නිහඩව සිටීම පුදුම සහගත කාරණාවකි.

එමෙන්ම පුදුමයට කරුණ වන්නේ වගකිවයුතු විපක්ෂයෙන් වශයෙන් සමගි ජන බලවේගය පමණක් නොව, රනිල් වික්‍රමසිංහ පාර්ශ්වයද, විපක්ෂයේ අනෙකුත් පක්ෂ වන පොදුජන පෙරමුණ හෝ දෙමළ ජාතික සන්ධානය හෝ වෙනත් මන්ත්‍රීවරුන් හෝ ඒ පිළිබද වචනයක් හෝ කතා නොකිරීමය.

ඒ හේතුවෙන් බිලියන 5ක බදු මුදලක් නොගෙවා පැහැර හැරීමේ සිදුවීම පසුපස සිටින පුද්ගලයන් සමග විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සබධතා ඇති බවට වූ බරපතළ සැකයක් මේ වනවිට සියලු පාර්ශ්වයන් වෙත මතුව තිබේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් පැහැදිලි කරගැනීම සදහා අප දේශීය ආදායම් දෙපාර්තමේන්තවේ කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.ඒ.එස්. චන්ද්‍රසේකර මහත්මියගෙන් විමසීමක් කළෙමු.

එහිදී ඇය සදහන් කර සිටියේ තමන් ඒ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් කිරීමට කමිටුවක් පත්කොට ඇති බවත්, ඔවුන්ගේ පරීක්ෂණයට තමන් බාධා නොකරන බවත්ය. එමෙන්ම වැඩිදුර තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් නාපාන මහතාගෙන් විමසීමක් කරන ලෙසටය.

ඒ අනුව අප නාපාන මහතාගෙන් විමසද්දී ඒ මහතා කියා සිටියේ ඒ පිළිබදව විමසිය යුත්තේ මුදල් අමාත්‍යංශයෙන් යැයි කියාය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඒ පිළිබද විමසීමක් කොට ඇති නමුදු තවමත් මුදල් අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක් එවා නොමැති බවද නාපාන මහතා කීය.

මරික්කාර් පාර්ලිමේන්තුවේ කළ හෙළිදරව්ව!

‘මව්රට’ රටට හෙළිදරව් කළ බිලියන ගණනක බදු නොගෙවා ලංකාවට පොල්තෙල් ආනයනය පාර්ලිමේන්තුව දක්වාම යයි! රනිල්ගේ කාලේ පටන් ගත් වැඩේ සැප්තැම්බර්-ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් මාසවලත් වෙලා! මරික්කාර් වැඩේ ඇදලා ගනී! රනිල්ගේ ලියුමකුත් එළියට එයි! VIDEO I Sri Lanka Latest News

අමාත්‍ය වසන්ත පසුදින පිළිතුරු දෙන බව කී හැටි!

මරික්කාර් පොල්තෙල් බදු ප්‍රශ්නය පාර්ලිමේන්තුවේ අදිද්දී ඇමැති වසන්ත නැගිටියි! හෙට විශේෂ ප්‍රකාශයක් කරන බව කියයි! VIDEO I Sri Lanka Latest News
මිනිස්සු කන හාල්වලටත් බදු! දරුවන්ගේ පාසල් උපකරණවලටත් බදු! 2024 ජනවාරි සිට සියලු දේට බදු ගහද්දී බදු ගහන්නේ නැතිව ලංකාවට පොල් තෙල් ගෙනාවේ කොහොමද? මාස 10ට කිලෝ 38814918ක් ගෙනල්ලා! ආණ්ඩුවට පාඩුව කෝටි 5000යි! කවුද බලවතා මේකට අවසර දුන්න? Sri Lanka Latest News

මව්රට කළ හෙළිදරව්ව!

SendShareShare
Previous Post

මේක හොරු රකින විපක්ෂයක් ! සජිත් වහාම රටට කියන්න සජබෙ ඉන්නේ රනිල් එක්කද මහින්ද එක්කද කියලා! VIDEO I Sri Lanka Latest News

Next Post

2011 වසරේ වෙච්ච සිද්ධියකට අත්අඩංගුවට ගත් හිටපු පරිපාලන අමාත්‍යංශ ලේකම් මායාදුන්නේට ඇප ලැබෙයි!  Sri Lanka Latest News‍

MORE NEWS

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News
Exclusive

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

වැඩේ කැතයි අනුර..! අරගලයකින් පසු බලය ගත්ත අනුර මෙහෙම කරද්දි තවත් කැතයි..! අලුත් ව්‍යවස්ථාවක් ගේනවා.. විධායක බලතල අතාරිනවා කියපු අනුර කරද්දි අතිශය කැතයි! අධිකරණය රැකගන්න ඕනම බලවේගයක් එක්ක එකතු වෙනවා! ගෝඨාව එළවන්න පාරට බැස්ස ජන අරගල සන්ධානය මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥවරු විශේෂ මාධ්‍ය හමුවක! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

Load More
සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News
Exclusive

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

ඉන්දියාවේ 'නීට්' විභාගය සම්බන්ධයෙන් ඇති වූ විරෝධතා අතරතුර පොලිසිය ක්‍රියා කළ ආකාරය පිළිබඳ පෙත්සම් විභාග කරමින්, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය වැදගත් නිරීක්ෂණ...

Read more
කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

වැඩේ කැතයි අනුර..! අරගලයකින් පසු බලය ගත්ත අනුර මෙහෙම කරද්දි තවත් කැතයි..! අලුත් ව්‍යවස්ථාවක් ගේනවා.. විධායක බලතල අතාරිනවා කියපු අනුර කරද්දි අතිශය කැතයි! අධිකරණය රැකගන්න ඕනම බලවේගයක් එක්ක එකතු වෙනවා! ගෝඨාව එළවන්න පාරට බැස්ස ජන අරගල සන්ධානය මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

වැඩේ කැතයි අනුර..! අරගලයකින් පසු බලය ගත්ත අනුර මෙහෙම කරද්දි තවත් කැතයි..! අලුත් ව්‍යවස්ථාවක් ගේනවා.. විධායක බලතල අතාරිනවා කියපු අනුර කරද්දි අතිශය කැතයි! අධිකරණය රැකගන්න ඕනම බලවේගයක් එක්ක එකතු වෙනවා! ගෝඨාව එළවන්න පාරට බැස්ස ජන අරගල සන්ධානය මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper