හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ විමර්ශනය කඩිනමින් අවසන් කර ඊට සම්බන්ධ සැකකරුවන් සිටි නම් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා අද (29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය. Sri Lanka Latest News
ඉකුත් දිනයේ අධිකරණය ආශ්‍රිතව සිදුවූ සිදුවීම්වලින් අධිකරණයට අපහාසයක් සිදු වී තිබේදැයි විමර්ශන සිදුකර ඊට වගකිව යුතු පුද්ගලයින් කවුරුන්ද, ඔවුන් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද යන්න පිළිබඳව මීළඟ නඩු දිනයේ අධිකරණයට දැනුම්දෙන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා මෙහිදී නියම කළේය.
ඉන් අනතුරුව නඩුව ජනවාරි මස 28 වනදා කැඳවීමට නියම විය.










