වෛද්‍යවරුන් සඳහා ඉදිරි අයවැයේ දී සැලකිය යුතු වැටුප් වර්ධකයක් ලබාදීමට ජනාධිපතිවරයා එකඟතාව පළ කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.Sri Lanka Latest News
එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වාදෙන්නේ වැටුප් ගැටලුව හේතුවෙන් බොහෝ වෛද්‍යවරුන් රට හැරයාමට පෙළඹී ඇති බවය.
කොළඹ අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව කියා සිටියේය.










