• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හැත්තෑහතේ වැඩපිළිවෙළ දිගටම ගියා නම් රට අද සංවර්ධනය වෙලා! JRගේ උපන්දිනයට රනිල් අමෙරිකාවේ සිට පණිවුඩයක් එවයි! VIDEO I Sri Lanka Latest News

September 18, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
හැත්තෑහතේ වැඩපිළිවෙළ දිගටම ගියා නම් රට අද සංවර්ධනය වෙලා! JRගේ උපන්දිනයට රනිල් අමෙරිකාවේ සිට පණිවුඩයක් එවයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දිවංගත හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා 1977 දී ආරම්භ කළ සමාජ ආර්ථික ප්‍රතිසංස්කරණ ඒ අයුරින් ම කාලානුරූපව ඉදිරියට ගෙන යන්නට අපට හැකි වූයේ නම් ශ්‍රී ලංකාව අද සංවර්ධිත රාජ්‍යයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.Sri Lanka Latest News

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (17) දිනට යෙදී ඇති දිවංගත හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 117 වන ජන්ම දින සමරුම වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරමිනි.

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරයට සහභාගීවීම සඳහා ජනාධිපතිවරයා ඇමෙරිකා එක්සත් ජනපදයේ නිල සංචාරයක නිරත වන බැවින් ජේ.ආර්. ජයවර්ධන ජන්ම දින සැමරුම නිමිත්තෙන් මෙලෙස විශේෂ පණිවිඩයක් යොමු කර තිබිණි.

ජන්ම දින සමරුම් උත්සවය ඊයේ (17) පස්වරුවේ කොළඹ 07 ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයේ දී පැවැත්වුණු අතර එහි ප්‍රධාන සමරු දේශනය හිටපු කතානායක කරු ජයසූරිය මහතා විසින් සිදු කළේය.

ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයේ පාලක මණ්ඩල සභික ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ ජ්‍යෙෂ්ඨ මුණුබුරු ප්‍රදීප් ජයවර්ධන මහතා විසින් කරු ජයසූරිය මහතා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

ජනාධිපතිතුමාගේ පණිවිඩය ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයේ වැඩබලන ලේකම් ජනරාල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් පී. චාමිකා මුම්මුල්ලගේ මහත්මිය විසින් සභාවට ඉදිරිපත් කළ අතර එම සම්පූර්ණ ප්‍රකාශය මෙසේය,

ජේ. ආර්. ජයවර්ධන යනු මෙරට සමාජ ආර්ථිකයේ පෙරළියක් කළ මහා විප්ලවවාදියා ය. එතුමන් 1977 දී ආරම්භ කළ සමාජ, ආර්ථික ප්‍රතිසංස්කරණ ඒ අයුරින්ම කාලානුරූපව ඉදිරියට ගෙන යන්නට අපට හැකි වූයේ නම්, අද අප සංවර්ධිත රාජ්‍යයකි.
නමුත් රටේ ඇති වූ කැරළි කෝලහාල, ත්‍රස්තවාදය වැනි අර්බුද සහ ජේ. ආර්. දර්ශනය මනාව අවබෝධ කර ගැනීමට අසමත් වීම ආදී විවිධ හේතු මත අපට ඒ සමාජ ආර්ථික ප්‍රතිසංස්කරණ සියයට සියකක්ම සාර්ථක කර ගැනීමට නොහැකි විණි.
එවක සංවෘත ආර්ථික හා සමාජවාදී ආර්ථික පිළිවෙත් අනුගමනය කළ ඉන්දියාව, චීනය, වියට්නාමය ආදී අප කලාපීය රටවල් සිය සමාජ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කරලීමේදී ජේ. ආර්. ක්‍රමය හැදෑරූහ. ඒ සියලු රටවල් අවබෝධයෙන් යුතුව සිය ප්‍රතිපත්ති කාලානුරූපව හැඩගස්සවා ගනිමින් ඉදිරියට ගියහ.

ජේ. ආර්. දේශපාලනයට පිවිසියේ 1938 දී ශ්‍රී ලංකා කොංග්‍රස් පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයකු වශයෙනි. එතුමන් 1946 වර්ෂයේ එක්සත් ජාතික පක්ෂය ආරම්භ වන විට පක්ෂයට එක්ව, ශ්‍රී ලංකාවේ පළමු කැබිනට් මණ්ඩලයේ මුදල් අමාත්‍යවරයා බවට පත්විය. අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මැතිතුමන්ගේ අභාවයෙන් පසුව 1973දී ජේ. ආර්. ජයවර්ධන මැතිතුමන් එක්සත් ජාතික පක්ෂ නායකයා බවට පත්විය.
1977 මැතිවරණයෙන් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා බවට පත් ජේ. ආර්. ජයවර්ධන මැතිතුමන් විසින් ජාතික ව්‍යවස්ථාවක් මඟින් විධායක ජනාධිපති ක්‍රමය ඇති කළේය. 1978 දී පළමු විධායක ජනාධිපති ලෙස පත්වීමෙන් පසු නීති සම්පාදක අගනුවර වන කොළඹ, ජයවර්ධනපුරට ගෙන ගිය එතුමන් ශ්‍රී ලංකාවේ ආගමික, සංස්කෘතික, අධ්‍යාපනික හා වාණිජමය දියුණුවට කැපවෙමින් සමාජ සාධාරණත්වය හා මනුෂ්‍යත්වය වෙනුවෙන් තම ජීවිතයම කැප කළ ජනාධිපතිවරයෙකි.
එමෙන්ම ශ්‍රී ලංකා රාජ්‍යය නූතනවාදී රාජ්‍යයක් බවට පත් කිරීමේ නව සමාජ ක්‍රමය නිර්මාණය වූයේ ද ජයවර්ධන ජනාධිපතිතුමාගේ දේශපාලන ආර්ථික ප්‍රතිසංස්කරණ ඔස්සේය.
නොබැදි ජාතීන්ගේ සංවිධානයේ සයවන මහ ලේකම් තනතුර දරමින් එතුමන් තම රට වෙනුවෙන් කරන ලද සේවයන් අතිමහත්ය. එම මතකය ස්මරණය කිරීම අගය කළ යුතුය.
මෙවන් සුවිශේෂී සමාජ මෙහෙවරක නිරත වූ ජේ. ආර්. ජයවර්ධන මැතිතුමන්ගේ 117 වන අනුස්මරණය වෙනුවෙන් මාගේ ගෞරව ප්‍රණාමය පූර්වක මතකය මෙසේ සටහන් කරමි. එතුමන් රට වෙනුවෙන් ඉටු කළ උදාර සමාජ මෙහෙවර සිහිපත් කිරීමට කැපවී ඇති ජේ. ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයේ පාලක මණ්ඩලයේ ලේකම් ජනරාල් ඇතුළු කාර්ය මණ්ඩලයට ද මාගේ ස්තුතිය පුද කරමි.

හිටපු කථානායක කරු ජයසුරිය මහතා
නිර්පාක්ෂික පුද්ගලයෙක් වශයෙන් අද මෙම අවස්ථාවට සම්බන්ධ වීමට ලැබීම පිළිබඳව මම සතුටට පත්වෙනවා.
පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලිකරණය කළ යුතුයි කියන මතය ජේ.ආර්. ජයවර්ධන මහතා ඉදිරිපත් කළා. එම ආයතන නැවත සංශෝධනය කළ යුතුයි යන්න එතුමාගේ දර්ශනය වී තිබුණා. ඒ වගේම රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන එකට එක්ව වැඩ කළ යුතුයි කියන මතය එතුමා තුළ තිබුණා.ඒ තුළින් රටේ තරුණ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබා දීම එතුමාගේ අරමුණ වුණා. අද චීනය ආර්ථිකමය වශයෙන් ශක්තිමත් වී තිබෙන්නේ මෙම හවුල්කාරී ව්‍යාපාර නිසා.
යම් කාලවලදී මෙරට පාලකයන් පත් කරනටත්, ඉවත් කරන්නටත් විධායක ජනාධිපති ක්‍රමයට හැකියාව ලැබුණා. ජයවර්ධන මැතිතුමා යම් තීන්දුවක් ගත්තා නම් එම තීන්දුව වෙනස් කරන්නේ නැහැ. එසේ වෙනස් කළා නම් එය සිදු කළේ ජනතාවාදී පාලනයක් ඇති කිරීම සඳහා පමණයි.
ජපානයේ ජනතාව අදද ජේ.ආර්. ජයවර්ධන මහතාට ගරු කරනවා. එදා එතුමා ජපානය වෙනුවෙන් ජාත්‍යන්තරය හමුවේ පෙනී සිටියා.
එතුමාගේ රාජ්‍ය පාලනයේ දී එතුමා සමඟ හොඳ තරුණ කණ්ඩායමක් සිටියා. එතුමා තරුණයන්ට අවස්ථාවක්, මෙන්ම බලයක් ලබා දුන්නා.
ඒ වගේම ජේ.ආර්. ජයවර්ධන මහතා මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල දියුණුවත් ඇති කිරීමට කටයුතු කළ නායකයෙක්.
ජයවර්ධන මැතිතුමා සතුව උසස් නායකත්ව ලක්ෂණ තිබුණා. එබැවින් වත්මන් දේශපාලන නායකයන්ට එතුමාගේ චරිතය මනා ආදර්ශයක් බව කිවයුතුයි.

ජේ.ආර්. ජයවර්ධන මහතා ජනතාව වෙනුවෙන් සේවය කළත් කිසිවිටෙක ප්‍රසිද්ධිය බලාපොරොත්තු වුණේ නැහැ. කොළඹ ක්‍රමයේ මහ මොළකරු වුණෙත් එතුමායි.
මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් සහ ප්‍රවාහන ක්ෂේත්‍රය වෙනුවෙන් එතුමාගේ පාලන කාලය තුළ සුවිශේෂී වැඩකොටසක් සිදු වූ අතර ජල විදුලි බලාගාර ඇති කිරීම ඇතුළු සේවා රැසක් එතුමාගේ පාලන කාලය තුළ සිදු වුණා.
එසේම එතුමා විදෙස් රටවල් සමග පැවැත්වූ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා රටට ඉතා වැදගත් වුණා. එතුමා ලෝකයේ විවිධ රටවල් සමඟ වෙළඳ සබඳතා පුළුල් කර ගත්තා. කොළඹ ක්‍රමය තුළින් එම වෙළඳ සබඳතා තවදුරටත් ශක්තිමත් වු බව කිවයුතුයි.
කීර්තිමත් නායකයෙකු වූ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා මේ රටට කළ සේවය පිළිබඳ අප ප්‍රණාමය පුද කර සිටිනවා.

ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයේ පාලක මණ්ඩල සභික ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ ජ්‍යෙෂ්ඨ මුණුබුරු ප්‍රදීප් ජයවර්ධන මහතා
රටේ අභියෝගාත්මක කාලසීමාවක, ඒ වගේම එම අර්බුදයට විසඳුම් සොයමින් සිටින අවස්ථාවක තමයි අද මෙම සමරු උත්සවය පවත්වන්නේ.
මෙම තත්ත්වයට වගකිව යුත්තේ විධායක ජනාධිපති ක්‍රමය කියා අද සමාජයේ ඇතැම් පාර්ශ්ව කථා වෙනවා. එක ආණ්ඩුවක් හැරෙන්න අනිත් සියළුම ආණ්ඩුවලට සිය ධුර කාලය සම්පූර්ණ කරගන්න හැකියාව ලැබුණේ මෙම විධායක ජනාධිපති ක්‍රමය නිසයි. විධායක ජනාධිපති ක්‍රමය නිසා තමයි උතුරේ යුද්ධය අවසන් කරන්න හැකි වුණේ. ඒ වගේම රටේ ස්ථාවරත්වය පවත්වා ගැනීමටත් හැකියාව ලැබුණා.
අද රටේ බොහෝ ප්‍රශ්නවලට විසඳුම් ලබාදිමට වත්මන් රජයට හැකියාව ලැබී තිබෙනවා. ඒවෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගන්නා නිර්භීත තීන්දු අප අගය කරනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට ගොඩනැගීමට ගෙන යන වැඩපිළිවෙළට අප සම්පූර්ණ සහය ලබාදෙනවා. එතුමාට විධායක බලය තිබෙනවා. එනිසා රට ඉදිරියට ගෙන යාමට ජනාධිපතිතුමාට සියලු දෙනාගේ සහාය හිමි විය යුතුයි.
කතානායක මහින්ද යාපා අබේවර්ධන, අමාත්‍ය බන්දුල ගුණවර්ධන, සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක, හිටපු අමාත්‍යවරුන් වන ජෝන් අමරතුංග, රවි කරුණානායක, දයා ගමගේ, ආනන්ද කුලරත්න, එජාප ප්‍රතිපත්ති හා පර්යේෂණ කමිටුවේ සභාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු, හිටපු ඇමතිනි සහ දෙහිවල ගල්කිස්ස හිටපු නගරාධිපතිනි සුනේත්‍රා රණසිංහ, ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (දේශපාලන කටයුතු) ෂාමල් සෙනරත්, ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් කේ. පී. දයාරත්න, ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයේ පාලක මණ්ඩල සභික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය යූ. ජී. ඒ. පුස්වෙවල, ජේ ආර් ජයවර්ධන මහතාගේ මුණුපුරන් වන රුක්ෂන් ජයවර්ධන, අම්රික් ජයවර්ධන යන මහත්වරු ප්‍රමුඛ ජේ. ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයේ සභිකයින්, පවුලේ ඥාතීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

SendShareShare
Previous Post

හරක් කටාට සපෝට් කරපු කොස්තාපල්ගේ කල්ල මරේ! තවත් කොස්තාපල් කෙනෙක් අල්ලන්න නියමිතයි! දෙන්නාම සුපිරි ජීවිත ගත කරලා! ගමන් බිමන් ගිහින් තියෙන්නේ හරක් කටා දීපු බෙන්ස් එකකින්! I Sri Lanka Latest News

Next Post

EPF එක 30%ක පොලියට බැඳුම්කරවල ආයෝජනය කරලා 9%ක් සේවකයන්ට දෙන්නම්ලු! ඒක හරිද? ෆිච් රේටින්ග්ස්වලින් රට පහළ දාලා! IMF එක ආවා කියලා රට ගොඩයන්නේ නෑ! හිටපු මහබැංකු අධිපති අදත් ඉන්න ස්ථාවරය! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News
Exclusive

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News
Exclusive

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

තව ටික දවසකින් විමල්ට ටාං.. ටාං.. තමයි! ඇතුළට ගිහින් ජවිපෙන් ගලවන් ගිය ගෙඩිය අත ගගා තමයි ඉන්න වෙන්නේ..! විමල්ගේ යාළුවා ලාල්කාන්ත විමල්ට හෙට අනිද්දා වෙන්න යන දේ ගැන කියයි! VIDEO I Sri Lanka Latest News

Load More
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ බලයට පත් වූ අනුප්‍රාප්තික ආණ්ඩු විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA), සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත...

Read more
මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.