හරක් කටා නැමැත්තාට සෘජුවම උදව් උපකාර කළ බව කියන තවත් පොලිස් කොස්තාපල්වරයකු අද හෙටම අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.Sri Lanka Latest News
මෙම කොස්තාපල්වරුන් දෙදෙනා සුඛෝපභෝගී දිවි පෙවෙතක් ගත කර ඇතැයිද මේ වනවිට අනාවරණය වී ඇති අතර දානමය පිංකමට සහභාගි වී ඇත්තේ හරක් කටා ලබාදුන් බෙන්ස් රථයකින් බවට මේ වනවිට අනාවරණය වී ඇත.
කොස්තාපල්වරයා විදේශ රටකට පලා ගොස් ඇති බවට හැඟවීම සඳහා නොයෙක් ක්‍රම මඟින් උත්සාහ ගත්ත ද ඔහු එලෙස පලා ගොස් නැති බවද උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.










