අද ආණ්ඩුව නටවන නූල් ඇත්තේ පොහොට්ටුවේ බැසිල් රාජපක්ෂ මහතා අතේ බවත්, රනිල් වික්‍රමසිංහ මහතා යනු බැසිල් විසින් නටවන රූකඩයක් බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සදහන් කළේය. Sri Lanka Latest News
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සදහන් කර සිටියේ එදා සජිත් ප්‍රේමදාස මහතා පොහාට්ටුවෙන් තනතුරු නොගත්තේ මේ හේතුවෙන් නිසා බවත්, ඇතැමුන් ඊට ‘ආසයි බයයි’ යනුවෙන් කියා සිටි නමුත් සජිත් ප්‍රේමදාස මහතා කී දෙය අද සත්‍ය වී ඇති බවත්ය.










