රාජ්‍ය නිලධාරීන්ට අද වනවිට ස්වාධීනව රාජකාරී කළ නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව ජාතික භික්ෂු පෙරමුණේ වකමුල්ලේ උදිත හිමියෝ පැවසූහ.
උන්වහන්සේ පෙන්වා දුන්‌නේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සිදුවීමෙන් එය මනාව පැහැදිලි වූ බවත්, අලුතෙන් පත්වන අධ්‍යක්ෂ ජනරාල්වරයාට පවා පාලකයන් කියන ආකාරයට කටයුතු කිරීමට සිදුවනු ඇති බවත්ය.
මේ ආකාරයට කටයුතු සිදුවුවහොත් රාජ්‍ය සේවයේ කිසිදු නිලධාරියෙක් රාජකාරී නිසි අයුරින් ඉටු නොකරනු ඇති බවද උන්වහන්සේ පෙන්වා දුන්හ.
Sri Lanka Latest News