• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රෝහලෙන් ආපු රනිල් සුපුරුදු පරිදි ආයෙත් සජබෙටයි-සජිත්ටයි එරෙහිව ගේම් ගහන්න පටන් ගනී! UNP සංවත්සරයට ආරාධනා කරපු කතාව පට්ටපල් බොරුවක්! රනිල්ගෙ මස්සිනා වන රුවන් විජයවර්ධනගේ මාධ්‍යයෙන් දිගට හරහට සජිත්ට පහර දෙන ගමන් සජබය දෙකට කඩන ප්‍රවෘත්ති දාන්න පටන් ගනී! I Sri Lanka Latest News

September 2, 2025
in Exclusive
Reading Time: 8 mins read
A A
රෝහලෙන් ආපු රනිල් සුපුරුදු පරිදි ආයෙත් සජබෙටයි-සජිත්ටයි එරෙහිව ගේම් ගහන්න පටන් ගනී! UNP සංවත්සරයට ආරාධනා කරපු කතාව පට්ටපල් බොරුවක්! රනිල්ගෙ මස්සිනා වන රුවන් විජයවර්ධනගේ මාධ්‍යයෙන් දිගට හරහට සජිත්ට පහර දෙන ගමන් සජබය දෙකට කඩන ප්‍රවෘත්ති දාන්න පටන් ගනී! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඒ මහතා නිදහස් කරගැනීම සදහා සමගි ජන බලවේගය සහ එහි නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් දැරූ අවංක උත්සාහයෙන් පසු එම පක්ෂ දෙක එකමුතු වනු ඇති බවට පක්ෂ දෙකේම සාමාජිකයන් බලාපොරොත්තු වුවද මේ වනවිට සුපුරුදු පරිදි එක්සත් ජාතික පක්ෂ නායකත්වය විසින් එම එකමුතුව කඩාකප්පල් කිරීම සදහා කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.Sri Lanka Latest News

රනිල් වික්‍රමසිංහ මහතා ඇප ලබා නිදහස් වී එළියට පැමිණි දිනයේ සිටම යම් යම් පිරිස් සජබය දෙකඩ කිරීමට සහ සජබ නායකත්වය අපහසුතාවයට පත් කිරීම සදහා සුපුරුදු පරිදි වික්‍රමසිංහ මහතාගේ මස්සිනා වන රුවන් විජයවර්ධන මහතාට අයත් පුවත්පත් ජාලය උපයෝගී කොටගෙන ප්‍රවෘත්ති ‘පැළ’ කරමින් දේශපාලන ගේම් ගැසීම ආරම්භ කොට තිබීම ඊට හේතුව වී තිබේ.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලැබුණු දිනයේදීම යම් අයකු සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කොට අල්ලස් කොමිසම හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් කියා තිබුණේ ප්‍රේමදාස මහතා යහපාලන ආණ්ඩුවේ අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරද්දී ඉංජිනේරු සංස්ථාවේ සේවකයන් ඒ මහතාගේ බිරිය වූ ජලනි ප්‍රේමදාස මහත්මියගේ ව්‍යාපාරික ස්ථානයේ රාජකාරී කටයුතු සදහා යොදවා ගැනීම හරහා පොදු දේපොළ අවභාවිත කොට ඇති බවත්, එය වික්‍රමසිංහ මහතාට එල්ල වී ඇති චෝදනාව හා සමාන එකක් වන නිසා ඒ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කළ යුතු බවත්ය.

මෙම චෝදනාව ඉකුත් ඔක්තෝබර් මාසයේදී මේ ආකාරයටම සජිත් ප්‍රේමදාස මහතා අපහසුතාවයට සහ පරාජයට පත්කිරීම සදහා රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවය විසින්ම අල්ලස් කොමිසම වෙත ඉදිරිපත් කොට තිබූ එකක් බවත්, නැවත වතාවක් එය අලුත් පැමිණිල්ලක් ලෙස පෙන්වමින් විපක්ෂනායකවරයා අපහසුතාවයට පත්කිරීම සදහා වික්‍රමසිංහ මහතාගේ පාර්ශවය විසින් අල්ලස් කොමිසම වෙත සිදුකර ඇති එකක් බවත් සජබ මන්ත්‍රීවරුන්ගේ අදහස වී තිබේ.

එමෙන්ම වික්‍රමසිංහ මහතාගේ මස්සිනා වන රුවන් විජයවර්ධන මහතාට අයත් සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක මේ සතියේ මුල් පිටුවේම තවත් පුවතක් වාර්තා කරමින් කියා තිබුණේ ලබන 6 වැනිදා පැවැත්වීමට නියමිත එජාප සංවත්සරය සදහා සජබය ඇතුළු විපක්ෂයේ සියලුම පක්ෂවලට ආරාධනා පත් යැවීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කොට ඇති බවකි.

එමෙන්ම සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාගෙන් කළ විමසීමකදී ඊට අදාළ ආරාධනා පත්‍රය තමන්ට ලැබුණු බව ඒ මහතා විසින් පුවත්පතට තහවුරු කළ බවද එම පුවතේ සදහන්ව තිබිණ.

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් සජබ මන්ත්‍රීවරුන් රංජිත් මද්දුමබණ්ඩාර මහතාගෙන් විමසද්දී ඒ මහතා සදහන් කොට ඇත්තේ තමන්ට එවැනි ආකාරයේ කිසිදු ආරාධනා පත්‍රයක් එජාපයෙන් නොලැබුණු බවත්, තමන් කිසිදු අවස්ථාවකඑම පුවත්පතට ප්‍රකාශයක් ලබා නොදුන් බවත්ය. තමන්ගේ නම භාවිත කරමින් එම පුවත්පත අසත්‍ය පුවතක් පළ කොට ඇති බවද සජබ මහලේකම් මද්දුමබණ්ඩාර මහතා මෙහිදී තමන්ට කතාකළ සියලු දෙනාට දැනුම් දී ඇත.

මෙහිදී අපට ඇති තොරතුරුවලින් කියවෙන්නේ අද වනතුරු එජාප සම්මේලනයට සහභාගී වන ලෙසට වූ නිල ආරාධනාවක් එජාප පාර්ශ්වයෙන් සජබ ප්‍රධානීන් වෙත හෝ පක්ෂයේ මහලේකම්වරයා වෙත ලැබී නොමැති බවකි. ඒ අනුව එජාප සම්මේලනයට පාක්ෂිකයන් සහභාගී නොවනු ඇති බවට වූ බියෙන් මෙසේ සජබ නායකයන්ද ඊට සහභාගී වන බවට වූ අසත්‍ය පුවත් නිර්මාණය කොට පාක්ෂිකයන් ඊට ගෙන්වා ගැනීම මෙහි සැබෑ අරමුණ විය හැකි බව සජබ මන්ත්‍රීවරුන්ගේ අදහස වී තිබේ.

එමෙන්ම නැවත වතාවක් සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රහාර එල්ල කොට සජබය දෙකඩ කිරීම සදහා මෙසේ වික්‍රමසිංහ මහතා විසින් සිය මස්සිනා වූ රුවන් විජයවර්ධන මහතාට අයත් පුවත්පත් උපයෝගී කොටගෙන අසත්‍ය පුවත් පළ කරමින් සිටින බවද සජබ මන්ත්‍රීවරුන්ගේ අදහස වී තිබේ.

මීට අමතරව පසුගිය සදුදා දින රුවන් විජයවර්ධන මහතාට අයත් පුවත්පත් සමාගමේ සිංහල පුවත්පතක තවත් පුවතක් ‘පැළ’ කරමින් කියා තිබුණේ විපක්ෂයේ ප්‍රබලයෙක් අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි කියාය. ඉංජිනේරු සංස්ථාවේ සිදුව ඇතැයි කියන අක්‍රමිකතාවක් මුල්කරගෙන මෙම අත්අඩංගුවට ගැනීම සිදුකිරීමට නියමිතව ඇති බවද එහි සදහන්ව තිබිණ.

කෙසේවෙතත් අප කළ සොයාබැලීම්වලදී තහවුරු වූයේ එම පුවතද සම්පූර්ණයෙන්ම අසත්‍ය පුවතක් යැයි කියාය.

මෙහි ඇති හාස්‍යජනකම තරුණ වන්නේ මේ ආකාරයට මෙම පුවත්පත ඇතුළේ සිටිමින් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වයේ වුවමනාවට අසත්‍ය පුවත් ‘පැළ’ කරන පිරිස් අනෙක් අතට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට දිගට හරහට දුරකතන ඇමැතුම් ලබා දීමට කටයුතු කොට තිබීමය.

එමෙන්ම මෙවැනි ආකාරයේ අසත්‍ය පුවත් පළකරන්නේ කව්ද, ඒ පසුපස සිටින කණ්ඩායම් කව්ද යන්න පිළිබදව මේ වනවිට සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවය විසින් හදුනාගෙන ඇති බවද දැනගන්නට තිබේ.

කෙසේවෙතත් රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවේ සිටියදී සහ රෝහල්ගතව සිටියදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා දිනපතාම පාහේ උදේ සහ සවස වික්‍රමසිංහ මහතාගේ සුවදුක් විමසීමට බන්ධනාගාරයට සහ රෝහලට ගියද ඉකුත් ජනාධිපතිවරණ දෙකෙහිදීම ප්‍රේමදාස මහතා පරාජයට පත්කිරීම සදහා තිරය පිටුපස විශාල කාර්යභාරයක් වික්‍රමසිංහ මහතා විසින් සිදුකළ බව මේ වනවිට රටම දන්නා කරුණකි. පසුගිය ජනාධිපතිවරණයේදී වික්‍රමසිංහ මහතා ප්‍රසිද්ධ වේදිකාවේදී කියා සිටියේ අනුරව ජරාජයට පත්කිරීමට සජිත්ට නොහැකි බවත්, අනුර ජයග්‍රහණය කරන බවත්ය.

එසේ සජිත් ප්‍රේමදාස මහතා පරාජයට පත්කිරීම සදහා වික්‍රමසිංහ මහතාගේ පවුලට අයත් සිංහල, ඉංග්‍රීසි පුවත්පත් සමූහය විශාල වශයෙන් පාවිච්චි කළ බවද සියලු දෙනා දන්නා කරුණක් බවට පත්ව ඇත.

ඒ අනුව පසුගිය දින කිහිපයේ සිදුවූ සිදුවීම් හරහා නැවත වතාවක් දැකගැනීමට ඇත්තේ වික්‍රමසිංහ මහතා සහ ඔහුට සමීප කිහිප දෙනකු සජිත් ප්‍රේමදාස මහතා අපහසුතාවට පත්කිරීමට සහ සමගි ජන බලවේගය දෙකඩ කිරීම සදහා රුවන් විජයවර්ධන මහතාට අයත් පුවත්පත් සහ සහාය දක්වන වෙබ් අඩවි කිහිපයක් නිර්ලජ්ජිත ආකාරයට උපයෝගී කරගනිමින් සිටින බවකි.

රනිල්ගේ පවුලේ පත්තරය වෙච්ච ඉරිදා ලංකාදීපයේ දාලා තියෙනවා ‘විපක්ෂනායක මාරු කරන්න රහස් සාකච්ඡා යනවා කියලා! පට්ටපල් බොරුවක්! එහෙම කිසිම සාකච්ඡාවක් නෑ! කිසි දෙයක් කරගන්න බැරිව එළියේ ඉන්න පැරදිච්ච කට්ටියක් මඩ ගහන්න පටන් අරන්! සජබයෙන් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
සජබෙන් පක්ෂ කැඩෙනවා…-ඉරිදා ලංකාදීප! පට්ටපල් බොරුවක්..-සජබය! රුවන්ගේ ඉරිදා ලංකාදීපය සජබය කඩන්න තවත් බොරුවක් දමයි!
SendShareShare
Previous Post

පොහොට්ටුව අස්ගිරි මහනාහිමියන්ට අවනඩුවක් සැලකර සිටියි! Sri Lanka Latest News

Next Post

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.