“රණවිරුවන් පීඩාවට පත්කිරීම පිළිබඳව වන සැලකර සිටීමයි” යන මැයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අස්ගිරි පාර්ශවයේ මහා නායක පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් වෙත ලිපියක් යොමුකර තිබේ.Sri Lanka Latest News
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, මහලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතාගේ අත්සනින් යුතුව මෙම ලිපිය නිකුත් කර ඇත.
මෘතෘභූමියේ නිදහස වෙනුවෙන් දිවි හිමියෙන් කැපවුණු රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටීමේ වගකීම ඉතිහාසය විසින් තම පක්ෂය වෙත පවරා ඇති බව ද එම ලිපියේ සඳහන්ය.
එය අත්හළ නොහැකි වගකීමක් බවද අදාළ ලිපියේ වැඩිදුරටත් දැක්වේ.
දේශපාලන ව්‍යාපාරයක් ලෙසත් පොදු මහජනතාවගේ සැදුම්ලත් සමාජ ව්‍යාපාරයක් ලෙසත් එකී වගකීම ඉටුකිරීමට තම පක්ෂය බැදී සිටින අතර, ඒ සඳහා උත්තරීතර මහානායක ස්වාමීන් වහන්සේ ප්රමුඛ ගෞරවනීය මහා සංඝරත්නයේ ආශිර්වාදාත්මක සහයෝගය පාද නමස්කාර පූර්වකව අයැද සිටින බව අදාළ ලිපියේ වැඩිදුරටත් දැක්වේ.
සම්පූර්ණ ලිපිය පහතින්,












