එජාප සම්මේලනය සදහා සජබයට ආරාධනා කර ඇති බවක් තමන් නොදන්නා බවත්, තමන්ට එවැනි ආරාධනාවක් ලැබී නොමැති බවත් සජබ මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.Sri Lanka Latest News
අද පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේද කීය.
මනුස්සකම සහ දේශපාලන සම්බන්ධතා කියන්නේ එකක් නෙවෙයි දෙකක්. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධුරයේ සිටින කාලයේ අපි එතුමාව මුණගැහෙන්න ගියේ නැහැ. නමුත් ඔහුව රෝහල්ගත කරලා සිටි අවස්ථාවේ ඔහුගේ සුවදුක් බැලිමට අපි ගියා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහතා සමඟ තිබෙන දේශපාලන සම්බන්ධතාවය අනුව ඉදිරියේදී දේශපාලන ව්‍යාපාරයක් ලෙස සමගි ජනබලවේගයට එකතු වෙන්න ඉඩ තිබෙනවා. ඒ වගේම ආණ්ඩුවට විරුද්ධ සියලුම දේශපාලන පක්ෂ , සිවිල් සංවිධාන , වෘත්තියවේදින් ඇතුළු සියලුම බලවේග අපි ඒකාරාශි කරගන්නවා. රටේ ප්‍රධාන විපක්ෂය සමගි ජනබලවේගය. සමගි ජනබලවේගයේ නායකයා තමයි රටේ විපක්ෂ නායකවරයා. අපිටත් අවශ්‍යයි විපක්ෂය ශක්තිමත් කරන්න. ඒ වගේම විපක්ෂය ශක්තිමත් කරන්න කියලා රටේ ජනතාවත් නිතරම ප්‍රකාශ කරනවා. ඒ වගේම පාර්ලිමේන්තුව තුළත් විපක්ෂය ශක්තිමත් කරන්න සමගි ජනබලවේගයේ මන්ත්‍රි කණ්ඩායම අනෙකුත් විපක්ෂයේ මන්ත්‍රිවරු සමඟ එකතු වෙලා කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම සමගි ජනබලවේගය සමඟ එකඟවිමට හැකි දේශපාලන ව්‍යාපාර සමඟ අපි එකතු වෙනවා.‘‘










