• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝලීය උතුරට චෝදනාවක් කරමින් රනිල් බාලිවලදී ලෝක ජල සමුලුව අමතයි! I Sri Lanka Latest News

May 20, 2024
in Exclusive
Reading Time: 8 mins read
A A
Share on WhatsAppShare on Facebook

යුක්‍රේනයේ මරණ හා විනාශය සඳහා අරමුදල් සැපයීමට ගෝලීය උතුර කැමැත්තෙන් සිටින නමුත් දේශගුණික විපර්යාස නිසා ඇතිවන මරණ හා විනාශය වළක්වා ගැනීමේ ක්‍රියාමාර්ග සඳහා අරමුදල් සැපයීමට අකමැත්තක් දක්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. Sri Lanka Latest News

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ඉන්දුනීසියාවේ, බාලි ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අද (20) පෙරවරුවේ ආරම්භ කෙරුණු 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසිය අමතමිනි.

ගෝලීය බදු පැහැර හැරීම ආශ්‍රිත වත්කම්වල වාර්ෂික ලාභය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.4 ක් ලෙස ගණන් බලා ඇති බවත් දේශගුණික විපර්යාසයන් වෙනුවෙන් අරමුදල් යෙදවීම සඳහා එම ලාභයෙන් 10% ක බද්දක් අය කිරීමට ශ්‍රී ලංකාව යෝජනා කර ඇති බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

“සාමුහික සෞභාග්‍ය සඳහා ජලය” යන තේමාව යටතේ ලෝක ජල සමුළුව පසුගිය මැයි 18 වනදා ඉන්දුනීසියාවේ බාලි නගරයේ දී ආරම්භ වූ අතර ලෝක රාජ්‍ය නායකයන්, විශේෂඥවරුන්, විද්වතුන්, ව්‍යවසායකයන් සහ ප්‍රතිපත්ති සම්පාදයකයන් මීට එක්ව සිටිති. සැමට ජලය සැපයීම සහතික කිරීමේ කාර්යක්ෂම හා ඒකාබද්ධ උපායමාර්ග වෙනුවෙන් ලොව පුරා විවිධ ජාතීන් පෙළගැස්වීම මෙම සමුළුවේ අරමුණයි.
1997 වසරේ සිට සෑම වසර තුනකට වරක්ම පැවැත්වෙන ජලය පිළිබඳ ප්‍රමුඛ සමුළුවක් වන ලෝක ජල සමුළුවේදී ලොව සියලු රටවලට අත්දැකීම් සහ ජල කළමනාකරණය සඳහා සුදුසුම භාවිතයන් පිළිබඳ දැනුම බෙදා හදා ගැනීමේ අවස්ථාව උදා වන අතර ජලය, සනීපාරක්ෂක අභියෝග සහ තිරසර සංවර්ධන ඉලක්ක සම්බන්ධව පාර්ශ්වකරුවන් අතර සංවාද පැවැත්වීම එහි වැදගත් පියවරකි
ලෝක ජල සමුළුව සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආසියානු සහ පැසිෆික් කලාපයේ ආර්ථික හා සමාජ කොමිසම, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පාරිසරික වැඩසටහන, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංවර්ධන වැඩසටහන, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධ්‍යාපන, විද්‍යා හා සංස්කෘතික සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජාත්‍යන්තර ළමා අරමුදල, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්මික සංවර්ධන සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාළගුණ සංවිධානය එක්වී සිටී.
10 වන ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසිය ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ (Joko Widodo) මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) පෙරවරුවේ ආරම්භ කෙරුණු අතර ලොව රටවල් රැසක් රාජ්‍ය නායකයන්, අදාළ ආමත්‍යවරු සහ විශේෂ නියෝජිතයන් ඊට එක්ව සිටියහ.

සමුළුට එක්ව සිටී රාජ්‍ය නායකයන් ඇතුළු නියෝජිතයන් ඉන්දුනිසියානු ජනාධිපතිවරයා විසින් ඉතා මිත්‍රශිලීව පිළිගනු ලැබීය.

මෙම සමුළුව අමතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ සම්පූර්ණ කතාව මෙසේය,

10 වැනි ලෝක ජල සමුළුව බාලි හිදී පැවැත්වීම සඳහා සත්කාරකත්වය ලබාදීම වෙනුවෙන් ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මහතා වෙත පළමුවෙන්ම මාගේ ස්තූතිය පිරිනැමීමට කැමතියි.

“සාමූහික සෞභාහ්‍ය සඳහා ජලය” යන තේමාව, සියලු ජීවීන්ගේ ජීව රුධිරය වන ජල සම්පත් සහ පරිසර පද්ධති සේවාවන් කළමනාකරණය කිරීමේ සාමූහික වගකීම කෙරෙහි අවධානය යොමු කරවන්නක් බව කිවයුතුයි.

ඒ වගේම මෙය ඉන්දුනීසියාව විසින් එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ පස්වන සැසිවාරයේදී (UNEA-5) යෝජනා කරන ලද “තිරසර විල් කළමනාකරණය” යන යෝජනාවට ද අනුකූල වෙනවා. එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හයවන සැසිවාරයේදී (UNEA-6) යුරෝපා සංගමය ශ්‍රී ලංකාව සමඟ එක්ව “6/13 දේශගුණික විපර්යාස, ජෛව විවිධත්වයේ අඩුවීම හා පරිසර දූෂණය යන කරුණු සම්බන්ධයෙන් තිරසර සංවර්ධනයක් ඇති කිරීම වෙනුවෙන් ජල ප්‍රතිපත්ති ශක්තිමත් කිරීම සඳහා ඵලදායී හා සියල්ල ඇතුළත් විසඳුම්” යන යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවා.

G20 සංවිධානයේ සභාපතිත්වය තුළ ගෝලීය මිශ්‍ර මූල්‍ය සන්ධානය ආරම්භ කිරීම සඳහා මුලපිරීම පිළිබඳ ඉන්දුනීසියානු රජයට සුබ පැතීමට මා මෙය අවස්ථාවක් කර ගන්නවා. ශ්‍රී ලංකාව එහි පුරෝගාමී සාමාජිකයෙකු වීමට කැමැත්ත පළ කරනවා.

දේශගුණික විපර්යාස සහ ජල ගැටළුව එකම කාසියක දෙපැත්තක්. අද පවතින ජල සම්පත් අර්බුදය ඇතිවීමට ප්‍රධාන හේතුව ද දේශගුණික විපර්යාසයන් නිසා ඇතිවන බලපෑම් බව සඳහන් කළයුතුයි.

දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය (IPCC) විසින් 2090 දක්වා පුරෝකතනය කර ඇති දේශගුණික තත්ත්වයන්ට අනුව, ශ්‍රී ලංකාවේ වියළි කලාපය තවදුරටත් වැඩි වියළි ස්වභාවයකට පත්වන අතර තෙත් කලාපය පෙර නොවූ විරූ ආකාරයෙන් තෙත් තත්ත්වයට පත් වනු ඇත. මුහුදු මට්ටම ඉහළ යාම, වෙරළබඩ ප්‍රදේශවලට ලවණ ජලය කාන්දු වීමට හේතු වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ගොඩබිම ලවණීකරණයට ලක් වෙනවා.

මා ශ්‍රී ලංකාව උදාහරණයට ගෙන මේ පිළිබඳ සඳහන් කළේ ලෝකය පුරාම සිදුවන්නේ ද මෙය බව සඳහන් කිරීමටයි.

ගෝලීය වශයෙන් ගත් විට, ජල අර්බුදයට විසඳුම, දේශගුණික විපර්යාස අවම කිරීම සහ ඒ සඳහා අනුවර්තනය වීම මත රඳා පවතිනවා. ජලය ඉලක්ක කරගත් නිශ්චිත ක්‍රියාමාර්ග සමඟ ත්‍රිත්ව ග්‍රහලෝක අර්බුදයට එරෙහිව සටන් කළ යුතුයි.

ජාතික වශයෙන් නිර්ණය කරන ලද දායකත්වය තුළ, ජලය, අනුවර්තන අංශ යටතේ වර්ගීකරණය කර තිබෙනවා. අනෙක් අතට, විමෝචනය මූලික හේතුව වන බැවින් දේශගුණික විපර්යාස අවම කිරීම සමානව වැදගත් වෙනවා. දේශගුණික විපර්යාස හේතුවෙන් ජල සම්පතට එල්ල වන තර්ජනවලට එරෙහිව සටන් කිරීම සඳහා දැවැන්ත මූල්‍ය සම්පත් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා.

දේශගුණික විපර්යාස සඳහා මූල්‍ය සම්පත් ලබා දීමේ වැඩසටහන්වලට අනුගත වීමේදී ගෝලීය උතුර අවාසනාවන්ත ලෙස අසමත් වී තිබෙනවා. ග්ලාස්ගෝ හි පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුව අවසන් වීමෙන් පසුව මේ සඳහා පවතින දේශපාලන කැමැත්තෙහි සැලකිය යුතු අඩුවක් දක්නට ලැබෙනවා.

දේශගුණික විපර්යාස ප්‍රතික්ෂේප කිරීම බටහිර රටවල ප්‍රචලිත වෙමින් පවතිනවා. දිගු කලක් තිස්සේ ප්‍රමාද වී පවතින හානි හා පාඩු අරමුදල ස්ථාපිත කිරීම ඵලදායී ලෙස ක්‍රියාත්මක කළහොත්, මෙම පරතරය පියවා ගැනීමට එය උපකාරී වෙනවා වගේම එය විශාල පියවරක් වෙනවා.

නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුව මේ වසරේ සැප්තැම්බර් මාසය වන විට අවසන් වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. එසේ වුවත්, එහි අවසන් ප්‍රතිඵලය නොවැම්බර් මාසයේ පැවැත්වෙන ඇමෙරිකානු ජනපතිවරණයේ ප්‍රතිඵල මත රඳා පවතිනු ඇතියි.

2021 දී ආර්ථික සහයෝගිතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය (OECD) විසින් 2030 වසරේදී ගෝලීය වශයෙන් ජලය ආශ්‍රිත යටිතල පහසුකම් සඳහා ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 6.7 ක් සහ 2058 වසරේදී ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 22 ක් ආයෝජනය කිරීමට ඇස්තමේන්තු කළා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරිසර වැඩසටහනෙහි 2023 වසරේ (UNEP) “අඩු මුල්‍ය – අඩු සුදානම්” වාර්තාව අනුව දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීම සඳහා අවම මූල්‍ය පරතරය වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 194 සිට 366 දක්වා වන බව තක්සේරු කර තිබෙනවා.

යුක්‍රේනයේ මරණ සහ විනාශය සඳහා අරමුදල් සැපයීමට ගෝලීය උතුර කැමැත්තෙන් සිටිනවා. නමුත් දේශගුණික විපර්යාස නිසා සිදුවන මරණ සහ විනාශය වළක්වා ගැනීම සඳහා අරමුදල් සැපයීමට අකැමැත්තක් දක්වනවා.

අපේක්ෂිත ප්‍රමාණවලින් සහ අපේක්ෂිත වේගයකින් අප වෙත අරමුදල් නොපැමිණෙන නිසා සම්පත් පරතරය මඟහරවා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව COP 28 සමුළුව වෙත නිවර්තන කලාපීය මුලපිරීම (Tropical Belt Initiative) ඉදිරිපත් කළා.

එය ත්‍රිත්ව ග්‍රහලෝක අර්බුදයට මුහුණ දීම සඳහා නිවර්තන කලාපයේ ස්වභාවික වනාන්තර, කඩොලාන, වගුරු බිම්, තෘණ බිම්, ජල මූලාශ්‍ර සහ අනෙකුත් ස්වාභාවික සම්පත් සඳහා වාණිජ ආයෝජන උපයෝගී කර ගැනීමේ නව සංකල්පයක් වෙනවා.

මෙම කලාපය ආරම්භයේ සිටම සමස්ත ලෝකයටම ආරක්ෂක පලිහක් බවට පත්වුණා. එය වර්තමානයේ පවතින ත්‍රිත්ව ග්‍රහලෝක අර්බුදයට විසඳුම් ලබා දීමේ උත්ප්‍රේරක වේගකාරකයක් වෙනවා. නිවර්තන කලාපයේ ආයෝජනය කිරීම, ත්‍රිත්ව ග්‍රහලෝක අර්බුදයට එරෙහිව සටන් කිරීම සඳහා පරිවර්තනීය වෙනස්කම් ගෙන එනු ඇතියි.

මෙම සන්දර්භය තුළ, ගෝලීය මිශ්‍ර මූල්‍යකරණය පිළිබඳ වැඩසටහන මගින් ගෝලීය දකුණට අවශ්‍ය මූල්‍ය සම්පත් සකස් කර ගැනිමට හැකියාව ලැබෙනවා. මෙම අරමුදල ආරම්භ කිරීම සඳහා පවතින ඇමෙරිකානු ඩොලර් බිලියන 9.4 සහනදායී මූල්‍යකරණය සඳහා හොඳ උදාහරණයක් වෙනවා.

නිවර්තන කලාපීය මුලපිරීමට ද මෙම පහසුකම ප්‍රයෝජනවත් වනු ඇතියි. මෙම සන්දර්භය තුළ බදු පාරාදීසයන්හී තැන්පත් කර ඇති ගෝලීය බදු පැහැර හැරීම් ආශ්‍රිත වත්කම්වල වාර්ෂික ලාභය මත 10% ක බද්දක් පැනවීම සඳහා ශ්‍රී ලංකාව යෝජනා කරනවා.

එම වාර්ෂික ලාභය ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.4ක් ලෙස ගණන් බලා තිබෙනවා. මෙම බද්ද ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වන බැංකු සහ මූල්‍ය ආයතනවලට රුසියානු බැංකුවලට පැනවූ සම්බාධකවලට සමාන ආකාරයේ සම්බාධක පැනවීමෙන් මෙම බද්ද ක්‍රියාත්මක කළ හැකියි.

දේශගුණික විපර්යාසයන්ට අනුවර්තනය වීම සහ ඒවා අවම කිරීම වෙනුවෙන් වන මිශ්‍ර මූල්‍ය ව්‍යාපෘති සඳහා භාවිතා කිරීමට මෙම බදු මඟින් අරමුදල් ලබා ගත යුතුයි.

ගෝලීය මිශ්‍ර මූල්‍යකරණ මුලපිරීම, හානි හා පාඩු පිළිබඳ අරමුදල්වලට අතිරේකයක් මිස විකල්පයක් නොවෙයි. මෙම ක්‍රියාමාර්ග දෙක එකට ක්‍රියාත්මක කළ යුතුයි.

එබැවින් සන්ධාන ලේකම් කාර්යාලය පිහිටුවීම සහ G20 සමුළුවේදී මෙම වැඩසටහන පිළිබඳ යෝජනා කිරීම සම්බන්ධයෙන් ඉන්දුනීසියාව විසින් සිදු කරන ලද භාරදූර කාර්යය වෙනුවෙන් මෙම සමුළුවේදී අපගේ ප්‍රශංසාව පළ කරමු.

ජල සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් මෙන්ම ගෝලීය මිශ්‍ර සන්ධානය එකට එක්ව ගෙන ඒම සඳහා ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මහතා දැක්වූ දායකත්වය වෙනුවෙන් නැවතත් අපගේ ස්තූතිය පිරිනමනවා.

මේ අතර ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ (Joko Widodo) මහතා විසින් සමුළුවට සහභාගී වූ රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් වෙනුවෙන් බාලි සංස්කෘතික උද්‍යානයේ දී ඊයේ (19)
පිරිනමන ලද රාත්‍රී භෝජන සංග්‍රහයටද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් විය.

ජනාධිපති මාධ්‍ය අංශය
2024-05-20

SendShareShare
Previous Post

ඉරාන ජනපතිගේ අවසන් කටයුතු හෙට! ඉරානයට දින 5ක ශෝක කාලයක්! I Sri Lanka Latest News

Next Post

විගණකාධිපති වාර්තාවෙන් හෙළිවූ බිලියන ගණනක බෙහෙත් ගැහිලි ! Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.