කෝටි ගාණක් වියදම් කරලා යාපනේ හදපු දැවැන්ත මාලිගාවක් වගේ ගෙය කාගේද?
බිල් ගේට්ස් ගැන ප්‍රධාන පත්තරයක් ගහපු අතේ පත්තු වෙන බොරුව!
ඉන්දීයාවට එල්ල වූ සයිබර් ප්‍රහාරයෙන් පසුව ඉන්දීය ලොක්කන් ලංකාවට ආවේ ඇයි?
ගෝඨාගේ ඩුබායි ගමන පසුපස රහස!
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතා අරගලය ඉදිරියේ බියට පත්ව ලංකාවෙන් පලාගිය මොහොතේ සිටම ඒ මහතා සම්බන්ධයෙන් සියලු තොරතුරු වරින් වර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අපි රටට අනාවරණ කළෙමු. එහිදී සියලු මාධ්‍ය මුණිවත රකිද්දී අප පමණක් වාර්තා කර සිටියේ ගෝඨා රටින් පලා යෑමට තීරණය කළ මොහොතේ සිටම ඇමෙරිකාවට යෑමට දැඩි වුවමනාවකින් පසුවූවා යැයි කියාය. ගෝඨාගේ පුතාත්, ලේලියත්, මිණිපිරියත් ඇමෙරිකාවේ වාසය කිරීම ඊට හේතුව විය. අනෙක් අතට ගෝඨාගේ බිරිය වූ අයෝමා රාජපක්ෂද ඇමෙරිකානු ද්විත්ව පුරවැසිභාවය හිමි අයකු වීම හේතුකොට ගෙන ගෝඨාගේ එකම ඉලක්කය වූයේ කෙසේ හෝ ඇමෙරිකාවට පැනගැනීමය. ඒ අනුව ඇමෙරිකාවට වීසා අයැදුම් කළත් එය ප්‍රතික්ෂේප වීම හේතුවෙන් මුල් වටයේදී ගෝඨාගේ ඇමෙරිකානු හීනය බොඳ වුවත් සිය උත්සාහය අත් නොහළ ගෝඨා විවිධ රාජ්‍යතාන්ත්‍රික ක්‍රමවේද ඔස්සේ සහ පෞද්ගලික හිතවත්කම් හරහා ඇමෙරිකාවට යෑමට මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය හරහා අවස්ථා ගණනාවකදීම උත්සාහ දැරුවද ඒ සියලු අවස්ථාවලදී ලැබුණේ කලින් ලැබුණු ප්‍රතිඵලයමය.
අපි සියල්ල කලින්ම වාර්තා කළා!
මේ නිසා වරක් ඇමෙරිකානු ග්‍රීන් කාඩ් ක්‍රමවේදය ඔස්සේද ඇමෙරිකාවට යෑමට ගෝඨා අයැදුම් කර තිබූ බව අපි වාර්තා කළෙමු. නමුත් එයද අසාර්ථක වූ බව එහිදී අපි පෙන්වා දුන්නෙමු. එමෙන්ම මෙරට තානාපති කාර්යාලය හරහා සංචාරක වීසා පහසුකම යටතේ දින කිහිපයකට හෝ ඇමෙරිකාවට යෑමට ගෝඨා වරෙක උත්සාහ කළේය. ඒ සඳහා ආණ්ඩුවේ ඉහළම තැනකින් පවා තානාපති කාර්යාලයට කතාකොට උදව් ඉල්ලූ බවද අපට ආරංචිය. නමුත් අවසානයේදී එයද තානාපති කාර්යාලයෙන් ප්‍රතික්ෂේප වීම හේතුකොටගෙන ගෝඨා පසුව එක්සත් රාජධානියට හෝ යුරෝපා රටකට යෑමට උත්සාහ කළ බවද අපි මෙම තීරයෙන් අනාවරණ කර සිටියෙමු. නමුත් එම උත්සාහයන්ද අවසානයේ ගඟට කැපූ ඉනි මෙන් අසාර්ථක වී ගියේය.
ගෝඨා අමෙරිකාවෙ ඉඳන් ආපු පුතාට දුක කියයි!
මෙ තත්ත්වය යටතේ ගෝඨාට සිදුව තිබුණේ කිසිදු රටකට යාමට නොහැකිව ගෙදරටම හිරවී සිටින්නටය. වෙනදා මෙන් ගෝඨාව බැලීමට දේශපාලනඥයන් හෝ හිතවතුන් නොපැමිණිම නිසා ඒකාකාරී ජීවන රටාවකට කොටුවී සිටින්නට ගෝඨාට සිදුව තිබිණි. මෙහිදී යම් තරමක හෝ අස්වැසිල්ලක් දනවන සිදුවීමක් වූයේ වසර අවසාන නිවාඩුව ගතකිරීම සඳහා ගෝඨාගේ පුතා වූ මනෝජ් සිය බිරිය හා දියණිය සමග ඇමෙරිකාවේ සිට ලංකාවට පැමිණිමය. මෙහිදී ‘රාජ්‍ය රහස්’ තීරයට ඇති ආරංචිවලින් කියැවෙන්නේ සිය පුත්‍රයා ලංකාවට පැමිණි පසුද ගෝඨා ඇමෙරිකාවට යෑම සඳහා විසා ලබාගැනීමට උත්සාහ කොට ඇති බවත්, ඒ වෙනුවෙන් මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය වෙත කතාකොට ඇති බවත්ය. නමුත් එහිදීද ගෝඨාට ලැබී ඇත්තේ පරණ පුරුදු උත්තරයමය. මේ නිසා ගෝඨා සිය පුතා ඉදිරියේ අතිශය සංවේදීව ‘මට මේ ගේ ඇතුළෙ ඉඳලා ඇතිවෙලා…’ යැයි කියා ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
චන්ග් ගෙදරටම ඇවිත් ගෝඨාට ෂොක් වෙන්න දුන් පණිවුඩය!
මෙහිදී තවත් එක් විශේෂ සිදුවීමක්ද සිදුවිය. කිසිදු මාධ්‍යයක් මගින් අනාවරණ නොවුණු මෙම සිදුවීම පළමු වතාවට රටට හෙළිදරව් කරනු ලබන්නේද ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප විසිනි. ඒ, මෙරට ඇමෙරිකානු තානාපතිනිය වූ ජූලි චන්ග් මහත්මිය ගෝඨා රැඳී සිටින මලලසේකර මාවතේ පිහිටි සුවිසල් නිවෙසට පැමිණීමය. ඇය එසේ පැමිණියේ ගෝඨාට ලබාදීමට විශේෂ පණිවුඩයක්ද අතේ තබාගෙනය. ඇය ආවේ අන් කිසිවක් සඳහා නොව තවදුරටත් ඇමෙරිකාවට යෑම සඳහා වීසා ලබාගැනීමට උත්සාහ නොකරන ලෙස ගෝඨාට දැනුම් දීමටය. කාලයක් පුරා එක දිගට මේ සඳහා උත්සාහ කිරීම හේතුවෙන් ගැටලු ගණනාවක් මතුවී ඇති බවත්, කිසිදු ආකාරයකින් හෝ ගෝඨාට ඇමෙරිකාවට ඇතුළු වීමට අවස්ථාවක් නොලැබෙනු ඇති බවත්, එම නිසා තවදුරටත් ඊට උත්සාහ නොකරන ලෙසත් ජූලි චන්ග් මෙහිදී ගෝඨාටත්, ඔහුගේ පවුලේ උදවියටත් දැනුම් දී ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. චන්ග්ගේ මෙම දැනුම්දීමත් සමග ගෝඨාගේ පවුලම ‘ෂොක්’ වී ගිය ආකාරයක්ද දැනගන්නට තිබේ.
ඔක්කොම වෙබ් අඩවි බොරු කියයි!
මෙම සිදුවීමත් සමග සිය පියා පත්ව ඇති තත්ත්වය වටහාගත් පුත් මනෝජ් කෙටි නිවාඩුවක් සඳහා කුමන හෝ රටකට සිය පියාත්, මවත් රැගෙන යෑමට සැලසුම් කළේය. ඒ අනුව යෑමට හැකිව තිබූ එකම රට වූයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි රට පමණි. ඒ අනුව දින 9ක කාලයක් සඳහා ගෝඨාත්, බිරියත්, පුත් මනෝජුත්, ලේලියත්, මිනිබිරියත් ඩුබායි බලා පිටව යෑමට පසුගිය සඳුදා කටයුතු කළහ. නමුත් මේ කිසිවක් නොදත් මෙරට මාධ්‍ය එදින දහවල් වාර්තා කළේ ගෝඨා ඇමෙරිකාව බලා පිටව ගිය බවත්, මුලින්ම ඩුබායි බලා ගොස්, එතැනින් ඇමෙරිකාව බලා පිටව යෑමට සැලසුම් කොට ඇති බවත්ය. එහිදී දැනගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ මෙරට ජාතික යැයි කියාගන්නා සිංහල, ඉංග්‍රීසි සියලු වෙබ් අඩවි ගෝඨා ඇමෙරිකාව බලා පිටත්ව ගිය බොරු පුවත මහ ඉහළින් වාර්තා කොට තිබීමය.
ඩුබායි මිරකල් ගාඩ්න් බලන්න යයි!
නමුත් ගෝඨාට ඇමෙරිකාවට ඇතුළු වීමට නොහැකි බව හොඳහැටි දැන සිටි අප වහාම ඒ පිළිබඳ තවදුරටත් සොයා බලද්දී අපට දැනගන්නට ලැබුණේ දින 9ක නිවාඩුවක් සඳහා ගෝඨා ඇතුළු පවුලේ පස්දෙනා ඩුබායි බලා ගොස් ඇති බවකි. ඒ අනුව අප සඳුදා පෙරවරුවේ මෙම පුවත අතිවිශේෂ පුවතක් ලෙස අපගේ www.mawratanews.lk වෙබ් අඩවියේ පළකිරීමට පියවර ගත්තෙමු. එපමණක් නොව ඊට පසු දින අප ගෝඨා සහ පවුලේ සියලු දෙනා ඩුබායිහි අතිසුන්දර ස්ථානයක් වූ ‘මිරැකල් ගාර්ඩ්න්’ බැලීමට ගොස් සිටි ආකාරය දැක්වෙන ඡායාරූපයක්ද සමගින් අප වෙබ් අඩවියේ පළ කිරීමටද පියවර ගත්තෙමු.
බිල් ගේට්ස් ගැන ගහපු බොරුව!
ගෝඨා ඇමෙරිකා ගිය බොරු පුවත හා සමානම තවත් ලොකු බොරුවක් පසුගිය සතියේ මෙරට ජාතික යැයි කියන, විශ්වසනීයත්වයෙන් ඉහළින්ම සිටින බව කියන, වෘත්තීය මට්ටමින් ඉහළ යැයි කියන එක්තරා මාධ්‍යයක් වාර්තා කළේය. ඒ, ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවේ පළමු 5 දෙනා අතර සිටින බිල් ගේට්ස් ලබන වසරේ ලංකාවට පමිණෙන බවට වූ පුවතක් පළකිරීම හරහාය. ඇත්තටම එම මාධ්‍ය මෙම පුවත පළ කළා නොව ‘පැළ කළා’ යැයි කිවහොත් එය 100%ක්ම නිවැරැදිය. මන්ද යත් එම පුවත කියවගෙන යද්දී එහි කිසිදු තැනක බිල් ගේට්ස් ලංකාවට පැමිණෙන බවට වූ සඳහනක් නොවීමය. එහි තිබූ එකම කාරණය වූයේ දේශගුණික සමුළුවක් සංවිධාන කිරීමට ජනාධිපතිවරයා විසින් හිටපු මන්ත්‍රී රුවන් විජයවර්ධනට දැනුම්දී ඇති බවත්, ඒ පිළිබඳ පැවැති සාකච්ඡාවේදී ලෝක දේශගුණ විපර්යාස පිළිබඳ සමීපව අධ්‍යයනය කරන බිල් ගේට්ස් හට එම සමුළුවට සහභාගී වන ලෙසට ආරාධනා කිරීමට තීරණය කළ බවත්ය. නමුත් රුවන් විජයවර්ධනට අයත් සිංහල, දෙමළ මාධ්‍යවල එම පුවත පළකොට තිබුණේ බිල් ගේට්ස් ලබන වසරේ ලංකාවට පැමිණෙනවා යැයි කියාය.
ජාතික කියන පත්තර ගහපු ඒ බොරුවත් අපි හෙළිකළා!
ඒ අනුව අපද මෙම පුවතේ සත්‍ය අසත්‍යතාව බිල් ගේට්ස් පදනම පැත්තෙන් විමසා සිටියෙමු. එහිදී අපට දැනගන්නට ලැබුණේ එම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත්, බිල් ගේට්ස්ට ලංකාවට පැමිණීමට ආරාධනාවක් හෝ ලැබී නොමැති බවත්ය. ඒ අනුව එදිනම එම පුවතද අසත්‍යයක් බව www.mawratanews.lk අප වෙබ් අඩවිය ඔස්සේ රටට අනාවරණ කළෙමු. වගකීමක් ඇති මාධ්‍යයක් ලෙස අප එසේ කළේ කරුණු කිහිපයක් මුල් කරගෙනය. ඉන් එකක් වන්නේ තවදුරටත් බොරු පුවත් දමමින් මේ රටේ ජනතාව මෝඩයාට ඇන්දවීමට කටයුතු කරන මාධ්‍ය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහාය. අනෙක් ජාතික යැයි කියාගන්නා මෙම මාධ්‍යවල හෙළුව රටට පෙන්වීම සඳහාය. එසේ නොමැති වුවහොත් මේ ජාතික යැයි කියන මාධ්‍ය හෙට දිනයේදී ‘ඊලොන් මස්ක්’ වැනි ලොව අංක එකේ ධනවතුන් පවා ලංකාවට එන බව පවසමින් ජනතාව රැවටීම සඳහා හෙට දිනයේ පුවත් මවනවාට සැකයක් නැත.
රාජරත්නම් ලංකාවට රහසින්ම ආවේ ඇයි!
බිල් ගේට්ස් කෙසේ වෙතත් ලොවම දන්නා තවත් විශේෂ පුද්ගලයෙක් පසුගිය සතියේ මෙරටට පැමිණියේය. ලොවම දන්නා විශේෂ පුද්ගලයෙක් යැයි කීවාට මේ පුද්ගලයා ගමේ භාෂාවෙන් කියන්නේ නම් ‘මරු බඩුවකි’. ලංකාවේ ඉපදී ඇමෙරිකාවේ හිරේ ගිය අයෙකි. ඔහු නමින් රාජ් රාජරත්නම්ය. යාපනේ උපත ලැබූ ඔහු පසුව ඇමෙරිකාවට ගොස් සමාගම් කිහිපයක්ම ආරම්භ කළ අයෙකි. පසුව ඔහුට මුදල් විශුද්ධිකරණය යටතේ සහ වෙනත් චෝදනා යටතේ ඇමෙරිකානු අධිකරණය මගින් වැරැදිකරු කොට සිරගෙට යැවීමට පවා කටයුතු කර තිබිණි. එමෙන්ම එකල කොටි සංවිධානයට උදව් උපකාර කළ බවටද රාජරත්නම්ට චෝදනා එල්ල විය. ‘ටී.ආර්.ඕ.’ හෙවත් දෙමළ පුනරුත්ථාපන සංවිධානයට හෙතෙම ඩොලර් ලක්ෂ ගණන් පරිත්‍යාග කොට තිබූ බව හෙළිවිය. එමෙන්ම වරෙක ලංකාවේ බැංකුවක් මිලදී ගැනීම සඳහා විශාල මුදලක් ලංකාවට එවීමටද හෙතෙම කටයුතු කොට තිබිණි. ඒ වෙනුවෙන් ලංකාවේ නඩුවක්ද ඔහුට එරෙහිව ගොනුවූයේ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේය. එම සිදුවීමට මෙරට එක්තරා දේශපාලනඥයෙකුටද චෝදනා එල්ල විය.
යාපනයේ සුවිසල් මන්දිරයක්!
කෙසේ වෙතත් මේ කියන රාජ් රාජරත්නම් ඇමෙරිකාවේ සිරගෙදරින් නිදහස්ව පසුගිය සතියේ හදිසියේම ලංකාවට පැමිණි හේතුව පිළිබඳ අපිද සොයාබැලීමක් කළෙමු. එහිදී අපට දැනගන්නට ලැබුණේ කලක් තිස්සේ සිය උපන් ගම වූ යාපනයේ රාජරත්නම් විසින් දැවැන්ත මාලිගාවක් වැනි නිවෙසක් ඉදිකරමින් සිට ඇති බවකි. මේ වන විට එම දැවැන්ත මාලිගාවේ ඉදිකිරීම් අවසන් අදියරට පැමිණ ඇති බවත්, එහි පදිංචි වීමේ අරමුණෙන් රාජරත්නම් මෙසේ ලංකාවට පැමිණ ඇති බවත් අප හට දැනගන්නට ලැබිණි. එමෙන්ම මෙම සංචාරයේදී මෙරට ප්‍රධාන පෙළේ දේශපාලනඥයන් කිහිප දෙනකු හමුවීමටද රාජරත්නම් සූදානමින් සිටින බවද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
නෝනත් එක්ක වලියක් දාගනී!
මෙම ගෙය පසුපසද එක්තරා රසවත් කතාවක් තිබේ. එනම් මීට පෙර රාජත්නම් සතුව කොළඹහතේ රාජකීය විද්‍යාලයට යාබදව ඇති ගිල්ෆ්‍රඩ් ක්‍රෙසන්ට්හි සුවිල් නිවෙසක් තිබිණ. නමුත් රාජරත්නම් අමෙරිකානු සිරගෙට නියම වීමත් සමග ඔහුගේ බිරිය කළේ කොළඹ පිහිටි මෙම සුවිසල් නිවෙස විකුණා දැමීමය. එය මිලට ගත්තේ මෙරට ප්‍රධාන රෝහල් ජාලයක හිමිකරුවකු විසිනි. ඔහු කළේ එම ඉඩමේ තිබූ නිවෙස කඩා දමා නවීන තෙමහල් නිවෙසක් ඉදිකිරීමය. පසුව රාජරත්නම් සිරගෙදරින් පිටතට පැමිණි පසු කළේ සිය උපන්ගම වූ යාපනයෙන් විශාල ඉඩමක් ගෙන නිවසක් ඉදිකිරීමට පියවර ගැනීමය. එහි නිවස ඉදිකිරීමට බාර දී තිබුණේ සිංහල ගෘහනිර්මාණ ශිල්පියෙකුටය. ඒ අනුව නිවස ඉදිකරගෙන යද්දී රාජරත්නම්ගේ බිරියට නිවසෙහි වෙනස්කම් රැසක් සිදුකිරීමට අවශ්‍යව තිබිණ. ඇය ඒ බව අමෙරිකාවේ සිට ගෘහනිර්මාණ ශිල්පියාට දැනුම් දුන්නද ඊට ඔහුගේ විරෝධය පළවීමත් සමග මතගැටුමක් මතුවූ ආකාරයක් දැකගත හැකි විය. එහි අවසන් ප්‍රතිපලය වූයේ අදාළ ගෘහ නිර්මාණ ශිල්පියාට රැකියාව අහිමි වීමය. පසුව වෙනත් අයකු ලවා සුවිසල් නිවෙසේ ඉදකිරීම් අවසන් කෙරුණු අතර දැන් රාජරත්නම් සහ බිරිය සැලසුම් කොට ඇත්තේ යාපනයේ මෙම නිවසේ ස්ථිර පදිංචියට යාමටය.
රාම් මාධව් ලංකාවට ආවා ගියා!
මීට අමතරව පසුගිය සතියේදී අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ විශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේ ඉන්දීය පාලක පක්ෂය වූ භාරතීය ජනතා පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයකු වූ රාම් මාධව් මහතා ආණ්ඩුවේ විශේෂ ආරාධනාවක් මත ලංකාවට පැමිණීමට සූදානමින් සිටිනවා යැයි කියාය. එමෙන්ම මුල් කාලයේදී රාම් මාධව් ඉන්දීය මෝදි රජයේ ප්‍රබල චරිතයක් බවට පත්ව සිටි බවත්, මේ වන විට මෝදි රාජය සමග රාම් මාධව් හට ප්‍රබල සබඳතා නොමැති බවත්, රාම් මාධව් ගෝඨාභයගේද සමීප හිතවතකු බවත් අපි එහිදී සඳහන් කර සිටියෙමු. ඒ අනුව අප කී ආකාරයටම පසුගිය සති අන්තයේ රාම් ලංකාවට පැමිණ, සීතල නුවරඑළියට ගොස් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග විශේෂ සාකච්ඡාවක නිරත වූ බවත්, ඉන් අනතුරුව ලංකාවෙන් පිටව ගිය බවත් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
ඉන්දීය නියෝජිතයන්ගේ ලංකා ගමන පසුපස ඇති කතාව!
කෙසේ වෙතත් පසුගිය දිනවල ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන විවිධ සාකච්ඡා දෙස බලන විටදීත්, ඉන්දියාවෙන් ලංකාවට පැමිණෙන විශේෂ නියෝජිතයන් දෙස බලන විටදීත් වෙනදාට වඩා කිසියම් දෙයක් තිරය පිටුපස සිදුවෙමින් පවතින ආකාරයක් දැකගන්නට පුලුවන. සාමාන්‍යයෙන් එළියට පෙනෙන්නට ඇති කාරණයක් වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර ලබාගැනීම සඳහා ලංකාව හා ඉන්දියාව අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ වී ඇති බවකි. නමුත් ගැටලුව ඇත්තේ පසුගිය දින කිහිපයේ ලංකාවට පැමිණියේ ආර්ථිකය සම්බන්ධ ඉන්දීය විශේෂඥයයන්ට වඩා ආරක්ෂාව සම්බන්ධ ඉන්දීය විශේෂඥයන් වීමය. උදාහරණයක් ලෙස මිට සති කිහිපයකට ඉහතදී ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් හොර රහසේම ලංකාවට පැමිණ ගිය බවක් මාධ්‍ය වාර්තා කළේය. එමෙන්ම ඉන්දීය ජාතික රහස් ඔත්තු සේවය වූ ‘රෝ’ සංවිධානයේ ප්‍රධානියා හොර රහසේම ලංකාවට පැමිණි බවද මාධ්‍ය වාර්තා කළේය. මීට අමතරව ඉන්දීය නාවික හමුදාපති අද්මිරාල් එච්. හරිකුමාර්ද ලංකාවට පැමිණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ බවට මාධ්‍ය ඡායාරූප සහිතව පළ කළේය. ඒ අනුව ආර්ථික කරුණුවලට එහා ගිය යමක් මෙහි සැඟව ඇති බවක් පැහැදිලිවම දැකගන්නට තිබිණ.
ආරක්ෂාව ගැන ප්‍රශ්නයක්!
ලබන වසර සැලකෙන්නේ ඉන්දියාවේ මහ මැතිවරණය පැවැත්වීමට නියමිත වසර ලෙසය. ඒ අනුව දැන් තියාම ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සියලු බර මැතිවරණය කෙරෙහි යොමුකොට ඇති ආකාරයක් දැකගන්නට පුළුවන. එම මැතිවරණයේදී තීරණාත්මක සාධකය වී ඇත්තේ රටේ ආර්ථිකය සහ ජාතික ආරක්ෂාවය. එම නිසා ඉන්දියාවේ ආරක්ෂාව පිළිබඳ අසල්වැසි රටක් වන අපටද නොතකා හැරිය නොහැක. එමෙන්ම එය සුළුවෙන් තැකිය නොහැක. ඉන්දීය මැතිවරණය ජයග්‍රහණය කිරීමට නම් මෝදි ලබන වසරේදී සිය රටවැසියන්ට ජාතික ආර්ථික ජයග්‍රහණ මෙන්ම ආරක්ෂක ජයග්‍රහණද ලබාදිය යුතුව තිබේ. එම නිසා ලංකාව සම්බන්ධයෙන් වන ඉන්දීය අවධානය ඉදිරි මාස කිහිපය ඇතුළත මෘදු එකක් වනු ඇතැයි කෙසේවත් සිතිය නොහැක. එම නිසා ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල්ගේත්, ඉන්දීය රෝ ඔත්තු සේවයේ ප්‍රධානියාගේත්, ඉන්දීය ගුවන් හමුදාපතිවරයාගේත් ලංකා සංචාරයන් සහ ඒවායේදී පැවැත්වූ සාකච්ඡාවන් ඉතා තීරණාත්මක සහ සංවේදී මාතෘකා වූවා නිසැකය.
දරුණු සයිබර් ප්‍රහාරයක් එල්ල වෙයි!
මේ සියල්ල අතරේ අප වෙත ලැබුණු අතිවිශේෂ වාර්තාවකින් කියැවෙන්නේ ඉන්දීය සාගරය පදනම් කරගෙන මේ වන විට මතුව ඇති ඉන්දු චීන සාගර ගැටුම කූඨප්‍රාප්තියට පත්වෙමින් ඇති බවකි. මාධ්‍ය මගින් වැඩිදුර තොරතුරු එළියට නොආ නමුදු ඉන්දියාව පසුගිය සති කිහිපය පුරාම සිය නාවික ආරක්ෂාව දැඩි කරමින් ඉන්දීය සාගර කලාපය අවට ආරක්ෂාව ඉතා ඉහළ මට්ටමකට ගෙන ඒමට පියවර ගෙන තිබිණි. මේ සඳහා බලපෑ එක් ප්‍රධාන හේතුවක් තිබිණි. ඒ, පසුගිය 14 වැනි දින ඉන්දියාවේ ඒ.අයි.අයි.එම්.එස්. නමින් හඳුන්වන නවදිල්ලියේ පිහිටි වෛi පර්යේෂණ ආයතනයකට දරුණු සයිබර් ප්‍රහාරයක් එල්ල වීමය. මෙම සයිබර් ප්‍රහාරය එල්ල වූ වහා ඉන්දීය රජය කළේ දිල්ලි පොලිසිය සහ සී.බී.අයි. ආයතනය දැනුවත් කොට ඒ පිළිබඳ සොයා බලන ලෙස දැනුම් දීමය. එහිදී සී.බී.අයි. ආයතනය වහාම මෙම සයිබර් ප්‍රහාරයට අදාළ අයි.පී. ලිපිනයන් සහ ඊමේල් ලිපිනයන් සොයාගත් අතර එම ලිපිනයන් කුමන රටවලට අදාළ දැයි සොයා බැලීම සඳහා 18 වැනි දින ජාත්‍යන්තර පොලිසිය හෙවත් ඉන්ටර්පෝල් ආයතනයට ලිපියක් යොමුකරමින් දැනුම් දීමට පියවර ගත්තේය. එහිදී ඔවුන්ට ලැබුණු තොරතුරුවලින් කියැවුණේ මෙම ලිපිනයන් සියල්ල චීන සහ හොංකොං රටවලට අදාළ අයි.පී. ලිපිනයන් සහ ඊමේල් ලිපිනයන් බවය.
දැවැන්ත මෙහෙයුමක් ඇරඹේ!
පසුව වැඩිදුරටත් කළ විමර්ශනවලදී ඔවුන්ට දැනගන්නට ලැබුණේ මෙම සයිබර් ප්‍රහාරය හරහා කිසිවකු විසින් ඉන්දියාවේ රෝහල්වලට අදාළ පරිගණක ජාල දහසකට පමණ අනවසරයෙන් ඇතුළු වී තොරතුරු ලබාගෙන ඇතැයි කියාය. ඒ අනුව මෙය ඉන්දියාව කෙතරම් බරපතළ තර්ජයක් ලෙස ගත්තාද කියනවා නම් ඉන්දීය විiුත් සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශ්‍ය, තාක්ෂණික අමාත්‍යාංශය, බුද්ධි අංශය ඇතුළු ආරක්ෂක සහ තාක්ෂණික ක්ෂේත්‍රවලට සම්බන්ධ සියලු අමාත්‍යාංශ ඒකාබද්ධව මෙම ප්‍රහාරයේ අලගිය මුලගිය තැන් සොයා සම්පූර්ණ ශක්තිය යෙදවූ ආකාරයක් දැකගත හැකි විය. ඉන්දියාව හදිසියේම සිය ආරක්ෂාව දැඩි කිරීමට බලපෑ මූලිකම සිද්ධිය මෙයය.
නැවට එන්න දීමේ ප්‍රතිවිපාක!
අනෙක් අතට මීට මාස කිහිපයකට ඉහතදී චීන ‘යුවාන් වැන්ග් 5’ නෞකාව හම්බන්තොට වරායට පැමිණීම සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි ලෙස කලබලයට පත්ව සිටියේය. කොපමණ කලබලයට පත්වූවාද කියනවා නම් ඉන්දියාව නිල වශයෙන් මෙම චීන නැවට විරෝධය පළකොට ඊට ලංකා මුහුදු සීමාවට පැමිණීමට ඉඩ නොදෙන ලෙස ලංකා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කොට තිබිණි. යම් හෙයකින් වැන්ග් 5 නෞකාව ලංකා මුහුදු සීමාවට පැමිණියහොත් එය ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජනයක් යැයි එහිදී ඔවුන් කියා සිටියේය. මෙම නැව පැමිණෙන්නේ ඉන්දීය ආරක්ෂක කටයුතු නිරීක්ෂණ කිරීමට බවට බරපතළ චෝදනාවක් එල්ල කළ ඉන්දියාව දිගින් දිගටම කියා සිටියේ ඊට ලංකා මුහුදු සීමාවට ඇතුළු වීමට ඉඩ නොදිය යුතු යැයි කියාය. නමුත් ඒ අවස්ථාවේදී ඉන්දීය විරෝධය නොතකා නියමිත දිනට දින කිහිපයක් පමා කොට චීන යුවාන් වැන්ග් 5 නෞකාවට හම්බන්තොට වරායට ඇතුළු වීමට ආණ්ඩුව ඉඩ ලබාදුන්නේය. මීට අමතරව ඉකුත් නොවැම්බර් මාසයේදී ‘යුවාන් වැන්ග් 6’ නමැති අතිනවීන සන්නිවේදන නෞකාවද ලංකාවේ මුහුදු සීමාවට ඇතුළු වී ඇති බවට මේ වන විට ඉන්දියාව වෙත තොරතුරු ලැබී ඇති බවක් වාර්තා වේ.
රෝ ලොක්කාත් ආවේ ඒ අතරතුර!
එමෙන්ම මීට මාසයකට ඉහතදී අප මෙම තීරය ඔස්සේ අනාවරණ කර සිටියේ ඉන්දියාව විසින් රාජස්ථානයේ නවීන තාක්ෂණික මිසයිල රැසක් අත්හදාබැලීමේ යුද මෙහෙයුමක නිරත වී සිටි බවකි. ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකවරයා මෙන්ම ‘රෝ’ ප්‍රධානියාද ලංකාවට පැමිණ තිබුණේ මෙම යුද මෙහෙයුම අතරතුරදීය. ඉන්දීය වාර්තා පෙන්වා දෙන්නේ යුවාන් වැන්ග් 6 නෞකාව ලංකා මුහුදු සීමාවට පැමිණ ඇත්තේද රාජස්ථානයේ මෙම යුද මෙහෙයුම සිදුකරමින් පවතින අතරවාරයේ බවය.
හමුදාපති කතා කළේ ඒ ගැනද?
මෙම පසුබිම හේතුවෙන් ඉන්දියාවට එල්ලවූ සයිබර් ප්‍රහාරය පසුපස මෙම යුවාන් වැන්ග් 5 සහ යුවාන් වැන්ග් 6 අධි තාක්ෂණික නෞකා පැමිණීම ඇති බවට වන බරපතළ සැකය ඉන්දීය විමර්ශකයන් විසින් බැහැර කර නොමැත. මෙම ගැටුමේදී ලංකාවට බලපාන ලොකුම ගැටලුව බවට පත්ව ඇත්තේ එම සිදුවීමය. එම නිසා ලංකාව මේ වන විට ඇත්තේ අසීරු විකට්ටුවකය. ඉන්දියාව සිතන්නේ සිය ඉන්දීය මුහුදු සීමාවේ ආරක්ෂාව පිළිබඳ දැඩි ස්ථාවරයක පිහිටා තීන්දු තීරණ ගත යුතු යැයි කියාය. මීට දින කිහිපයකට ඉහතදී ඉන්දීය නාවික හමුදාපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය හරහා සිදුවූයේ මෙයය. ඉන්දිය නාවික හමුදාපතිවරයා ලංකාවට පැමිණ මෙරට නාවික ක්ෂේත්‍රයේ ප්‍රධානීන්ට අමතරව ජනාධිපතිවරයාද හමුවී සාකච්ඡා පැවැත්වීමට පියවර ගෙන තිබිණි. එහිදී නාවික හමුදාපතිවරයා මෙම චීන ප්‍රශ්නය පිළිබඳ ජනාධිපතිවරයාගෙන් විමසද්දී ජනාධිපතිවරයා ඊට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ඉදිරියට දමා පිළිතුරු ලබාදී ඇති බවක් ආරංචිය. නමුත් එම පිළිතුරෙන් ඉන්දියාව සෑහීමකට පත්ව නැති බවද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. මීට අමතරව යුවාන් වැන්ග් 5 සහ යුවාන් වැන්ග් 6 නෞකා ලංකා මුහුදු සීමාවට ඇතුළු වීම සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි ස්ථාවරයක සිටින බවද, වහාම ඉන්දීය මුහුදු කලාපයේ නාවික සහයෝගිතාව ඉහළ නංවා කලාපීය ආරක්ෂාව තහවුරු කළ යුතු බවද ඉන්දීය නාවික හමුදාපතිවරයා ජනාධිපතිවරයාට දැනුම්දී ඇති බවද ආරංචිය.
ත්‍රිකුණාමලයට ඇහැ ගහයි!
අප මේ සියලු කරුණු වාර්තා කළේ දැනට මතුව ඇති බරපතළ තත්ත්වය සම්බන්ධයෙන් කිසියම් පැහැදිලි කිරීමක් සිදුකිරීම සඳහාය. එමෙන්ම මෙම පසුබිම යටතේ ඉන්දියාව දැඩි තීන්දු තීරණ කිහිපයක් ගැනීමට නියමිත බවද අපට දැනගන්නට ලැබී තිබේ. ඉන් එක් තීන්දුවක් වී ඇත්තේ ත්‍රිකුණාමලය කේන්ද්‍ර කොට ගෙන දැඩි ආරක්ෂක වැටක් යෙදීමට ඉන්දියාව තීරණය කොට තිබීමය. ඒ අනුව ත්‍රිකුණාමලය තෙල් ටැංකි ව්‍යාපෘතිය කඩිනම් කිරීමට ඉන්දියාව මේ වන විට තීන්දු කොට ඇති බව දැනගන්නට තිබේ. මීට අමතරව දැනට ලබාගෙන ඇති කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමේ කටයුතු ඉක්මන් කිරීමටද ඉන්දියාව සැලසුම් කර ඇති බවක් ආරංචිය.
බලය බෙදීම මාතෘකාවක්ද?
පසුගිය සති කිහිපය පුරාම ලංකාවේ මාධ්‍ය ආණ්ඩුව උතුරු – නැගෙනහිර ප්‍රදේශවලට බලය බෙදාහැරීම සඳහා යළිත් වතාවක් උතුරේ දෙමළ පක්ෂ සමග සාකච්ඡා ආරම්භ කොට ඇති බවට බොහෝ පුවත් පළ කළත් කිසිදු මාධ්‍යයක් තිරය පිටුපස සිදුවෙමින් පවතින මෙම සිදුවීම් දාමය පිළිබඳ වාර්තා කොට තිබුණේ නැත. එම මාධ්‍ය පුවත් පළ කළේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා 13 ඉක්මවා යන බලතල බෙදීමක් පිළිබඳ මෙම සාකච්ඡාව තුළදී අදහස් හුවමාරු වී ඇතැයි කියාය. නමුත් මේ වන විට අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ ඉන්දීය ප්‍රමුඛතා ලේඛනයෙහි ලංකාවේ බලය බෙදීමට වඩා ඉන්දීය ආරක්ෂාව සම්බන්ධයෙන් වන කාරණාව ඉදිරියටම පැමිණ ඇති බවය. එසේ තිබියදී ලංකාවේ බලය බෙදීම සම්බන්ධ කාරණාව කරළියට ගෙන ඒම හරහා මේ මොහොතේ තවත් අර්බුදයක් මතුවීමේ ඉඩකඩක් ඇද්ද යන්න කීමට තවම කල් වැඩිය.
චීනයත් පොටකට ලෑස්ති වෙයි!
මෙම පසුබිම යටතේ චීනයද ලංකාව සම්බන්ධයෙන් වන සිය සැලසුම් කිසියම් ආකාරයකට වෙනස් කොට ඇති ආකාරයක් දැකගන්නට තිබේ. මීට දින කිහිපයකට ඉහතදී මෙරට චීන තානාපතිවරයා වන ලී ෂෙං හොන්ග් මහතා චීනය බලා පිටත්ව ගොස් තිබීම හේතුවෙන් මේ වන විට එම කටයුතු ආවරණය කරනු ලබන්නේ නියෝජ්‍ය තානාපතිවරයාය. මෙම නියෝජ්‍ය තානාපතිවරයා පසුගිය සතියේදී මඩකළපුව සහ යාපන දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වී විවිධ ක්ෂේත්‍රවල පිරිස් හට ආධාර බෙදාදීමේ වැඩසටහන් කිහිපයකට සහභාගි වී සිටියේය. ඒ අනුව චීනය මේ වන විට තීන්දු කොට ඇත්තේ ලංකා ආණ්ඩුවට ඍජුව ආධාර කරනවාට වඩා තෝරාගත් ඒ ඒ ක්ෂේත්‍රවලට ආධාර කිරීමටය. නිවාස නොමැති පුද්ගලයන්ට නිවාස ලබාදීම, ධීවර ජනතාවට සහන සැලසීම, සිසුන්ට නිල ඇඳුම් සැපයීම, ඒ ඒ පළාත් ඉලක්ක කොට උදව් උපකාර කිරීම ආදී වශයෙන් ලංකාවේ හැම නිවෙසක් තුළටම ඇතුළු වීමට චීනය මේ වන විට සැලසුම් කර ඇති බවක් දැනගන්නට තිබේ. ඒ සඳහා ඔවුන් ප්‍රධාන වශයෙන්ම තෝරාගෙන ඇත්තේ සිසුන්ට නිල ඇඳුම් ලබාදීමය. මේ වන විට ඔවුන් 76%ක ප්‍රමාණයක රටේ නිල ඇඳුම් අවශ්‍යතාව සපුරාලීමට තීන්දු කර ඇති බව වාර්තා වේ. එමෙන්ම ගොවි ජනතාවට පොහොර ලබාදීමටද ඔවුන් මේ වන විට තීන්දුවක් ගෙන ඇත. මේ සියලු කරුණු හරහා දැකගන්නට ඇත්තේ චීනය ආණ්ඩුවට මුදල් ලබා නොදී ඒ ඒ ක්ෂේත්‍රවලට උදව් උපකාර කිරීමට තීන්දු කර ඇති බවකි. ඒ හරහා ආණ්ඩුවද යම් අර්බුදයකට ලක්වීමට ඉඩ ඇති බවක්ද මේ වනවිට පෙනෙන්නට ඇති කරුණකි.
ඡන්ද ගුණ්ඩු ඉවරයි!
ආණ්ඩුව කෙසේ හෝ පළාත් පාලන මැතිවරණය කෙසේ හෝ කල් දැමීමට සැලසුම් සකස් කරමින් සිටින්නේ මෙම පසුබිම මධ්‍යයේය. ඒ සඳහා ආණ්ඩුව පසුගිය කාලයේ උත්සාහයන් කිහිපයක්ම දැරීය. එක් අවස්ථාවක පළාත් පාලන ආයතනවල සභිකයන් සංඛ්‍යාව වැඩි යැයි කීවේය. තවත් අවස්ථාවක පළාත් පාලන ආයතනවල තරුණ නියෝජිතයන් 25%කට අවස්ථාව ලබාදිය යුතු යැයි කීවේය. තවත් අවස්ථාවක පළාත් පාලන ආයතන වෙනුවට කරු ජයසූරියගේ ජනසභා සංකල්පය පෙරට ගෙන ආ යුතු බව කීවේය. තවත් අවස්ථාවක ව්‍යවස්ථාදායක සභාව හැකි ඉක්මනින් පත්කොට ස්වාධීන මැතිවරණ කොමිසම ඇතුළු කොමිෂන් සභා විසුරුවා හැර ඊට සිය නියෝජිතයන් පත්කිරීම හරහා මැතිවරණය කල්දමා ගැනීමට ආණ්ඩුව සැලසුම් සකස් කළේය. අවසානයේදී ආණ්ඩුව සැලසුම් කර තිබුණේ කොමිසම විසින් මැතිවරණය කැඳවූවද මුදල් නොමැතිකම පෙරට දමා මැතිවරණය කල්දමා ගැනීමටය. මේ සියලු සිදුවීම් අප මුල සිටම මෙම ‘රාජ්‍ය රහස්’ තීරයේ එකින් එක පෙළගැස්වීමට කටයුතු කළෙමු. අප කළ අනාවරණයන් හමුවේ විපක්ෂයද ආණ්ඩුව මැතිවරණය කල්දැමීමට ගන්නා මේ සෑම ක්‍රියාමාර්ගයකටම එරෙහිව වහ වහා පියවර ගන්නා ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව ආණ්ඩුවේ සැලසුම් එකින් එක ව්‍යර්ථ වී ගිය ආකාරයක්ද පසුගිය කාලයේ දැකගත හැකි විය.
පුංචිහේවා කියපු බොරුව!
කෙසේ වෙතත් මීට පෙර අවස්ථා ගණනාවකදී අප මෙම තීරය ඔස්සේ කියා සිටි කරුණක් වූයේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වූ නිමල් පුංචිහේවා මහතා ලවා මැතිවරණය කල්දමා ගැනීමට ආණ්ඩුව සැලසුම් කරමින් සිටින බවකි. වරක් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දෙසැම්බර් මස අවසන් සතියේදී පළාත් පාලන මැතිවරණය කැඳවීමේ ගැසට් නිවේදනය නිකුත් කරන බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළේය. බොහෝදුරට දෙසැම්බර් 26 එම ගැසට් නිවේදනය නිකුත් වනු ඇති බව සියලු දෙනාගේම අදහස විය. නමුත් අවසන් මොහොතේදී දෙසැම්බර් 26 එම ගැසට් නිවේදනය නිකුත් නොකළ සභාපතිවරයා තමන් පළමුව කළ ප්‍රකාශය අසත්‍යයක් බව තහවුරු කරමින් ජනවාරි 05 වැනිදා දක්වා ගැසට් නිවේදනය නිකුත් කිරීම කල් දැම්මේය. ඒ සමගම ආණ්ඩුව පැත්තෙන් ගෙන ගිය ප්‍රචාරයකින් කියැවුණේ සභාපතිවරයා මැතිවරණය ප්‍රකාශයට පත් කළද, මුදල් නොමැතිකම හේතුවෙන් මැතිවරණය තවත් වසරකින් කල් යනු ඇතැයි කියාය.
පොහොට්ටුවට අලියට අපේක්ෂකයන් නැති වෙයි!
ඒ අනුව අපද මේ පිළිබඳ සොයාබැලීමක නිරත වීමු. එහිදී අපට අනාවරණ වූ කරුණ වූයේ එක්සත් ජාතික පක්ෂයත්, පොහොට්ටුවත් විසින් මෙම ප්‍රකාශය හිතාමතාම ප්‍රචාරය කර යවන බවකි. ඊට හේතු වී ඇත්තේ මෙම පක්ෂ දෙකටම අපේක්ෂකයන් සොයාගැනීමට නොහැකි පසුබිමක් මේ වන විට නිර්මාණය වෙමින් පැවැතීමය. පොහොට්ටුවේ අපේක්ෂකයන් 60%කට වැඩි පිරිසක් මේ වන විට දැනටමත් පොහොට්ටු ප්‍රධානීන් වෙත දැනුම් දී ඇත්තේ තමන් මෙවර පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කොට ඇතැයි කියාය. මෙම තත්ත්වය යටතේ එජාප සහ පොහොට්ටු අපේක්ෂකයන් බොහෝ පිරිසක් සජබය සහ වෙනත් පක්ෂවලින් මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින බවට මෙම පක්ෂ දෙකේම ප්‍රධානීන් වෙත තොරතුරු ලැබී තිබිණ. ඒ අනුව එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා මෙම පක්ෂ දෙක විසින් සැලසුම් සහගතව මැතිවරණය වසරකින් කල් යන බවට ප්‍රචාරයක් ගෙන යමින් සිටින බවට ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
මේ තත්ත්වය හොඳින්ම වටහාගෙන ඇති බැසිල්ද ලහිලහියේම මැතිවරණයට අවශ්‍ය නාමයෝජනා කැඳවමින් ඔවුන්ගෙන් දිවුරුම් ප්‍රකාශ පවා ලබාගෙන ඇත්තේ එම තත්ත්වය වළක්වා ගැනීම සඳහාය. එහිදී පොහොට්ටුව සිය අපේක්ෂකයන්ට දැනුම්දී ඇත්තේ නාමයෝජනා සඳහා පොහොට්ටුවෙන් අස්සන් නොකරන්නේ නම් මන්ත්‍රීකමෙන් ඉවත් කිරීමට කටයුතු කරනවා යැයි කියාය.
කතානායකත් සටනට පිවිසෙයි!
මේ අතර මැතිවරණ කොමිසමේ සභාපති පුංචිහේවා රාජපක්ෂවරුන්ට අතිශය හිතවතකු බව ක්ෂේත්‍රයේ ප්‍රකට රහසකි. 20 වැනි සංශෝධනය හරහා ගෝඨාභය බැසිල්ගේ උපදෙස් අනුව පුංචිහේවාව මැතිවරණ කොමිසමේ සභාපති වශයෙන් පත් කළේම තමන්ට අවශ්‍ය ආකාරයට මැතිවරණ පැවැත්වීමේ පසුබිම සකස් කරගැනීම සඳහාය. නමුත් දැනට පවතින නීතිරීති අනුව පුංචිහේවාද සිටින්නේ ඡන්දය කල්දැමීම සම්බන්ධයෙන් කිසිවක් කරකියාගත නොහැකි තත්ත්වයකට පත්වය. එජාපයේ පිරිස් මුදල් නැති බව කියමින් ඡන්දය කල් දැමීමට සැලසුම් කළද, බොහෝ පිරිස් පෙන්වා දෙන්නේ දැනට පවතින ආර්ථික අර්බුදය හමුවේ ලංකාවට මුදල් නොමැති වීම හේතුවෙන් එජාපය කියන ආකාරයට ඉදිරියේදී ජනාධිපතිවරණ හෝ මහ මැතිවරණ පැවැත්වීමේ හැකියාවක් පවා නොමැති වනු ඇති බවකි. එමෙන්ම එය මැතිවරණ නීතිය ඉදිරියේ කිසිසේත්ම වලංගු නොවන තර්කයකි. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු අනෙකුත් රටවල්ද බලා සිටින්නේ ලංකාවට උදව් උපකාර කිරීම සඳහා ජනවරමක් සහිත ආණ්ඩුවක් පත්වන තුරුය. ඔවුන් නිතරම කියන්නේ ජන වරමක් සහිත ආණ්ඩුවක් පත්කිරීමට නොහැකි නම් ලංකාවට ආධාර දීම සම්බන්ධයෙන්ද නැවත වතාවක් සිතාබැලිය යුතු යැයි කියාය.
ඉන්න ගාණෙන් ඉස්සරහට යන්න සැලසුමක්!
කෙසේවෙතත් පුංචිහේවා මැතිවරණය ප්‍රකාශයට පත්කරන දින ජනවාරි 05 වැනිදා දක්වා කල්දමන බවට කළ ප්‍රකාශයත් සමග මෙම මෙහෙයුමේ ඊළඟ පියවර එළියට ආ ආකාරයක් දැකගත හැකි විය. ඒ, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් බ්‍රහස්පතින්දා (29) වන විට ව්‍යවස්ථාදායක සභාව පත්කොට අවසන් කළ යුතු බවට ප්‍රකාශ කිරීමය. අප මීට පෙර මෙම තීරය ඔස්සේම වරෙක අනාවරණ කර සිටියේ ව්‍යවස්ථාදායක සභාව පත්කිරීම හරහා අලුත් කොමිෂන් සභාවක් පත්කොට ඒ මගින් මැතිවරණය පැවැත්වීම කල්දැමීමේ සැලසුමක් ආණ්ඩුව සතුව ඇතැයි කියාය. මේ බව අප අනාවරණ කිරීමෙන් පසු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ පිළිබඳ විපක්ෂයේ අනෙකුත් සියලු පක්ෂ සමග සාකච්ඡා කොට තීන්දු කළේ ආණ්ඩුව පළාත් සභා මැතිවරණය ප්‍රකාශයට පත් කරන තුරු ව්‍යවස්ථාදායක සභාව පත්කිරීමට කටයුතු නොකරන බවකි. පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක එස්.එම්. මරික්කාර් මහතා මේ බව පාර්ලිමේන්තුවේදී ප්‍රසිද්ධියේම කියා සිටීමට පියවර ගත්තේය. නමුත් කෙසේ හෝ ජනවාරි 05 වැනි දිනට ප්‍රථම ව්‍යවස්ථාදායක සභාව පත්කිරීමේ කටයුතු භාරගැනීමට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පියවර ගෙන තිබිණි. ඒ අනුව කෙසේ හෝ බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්වීමේදී ව්‍යවස්ථාදායක සභාව පත්කර ගැනීම ආණ්ඩුවේ සැලැස්ම වී තිබිණ. යම් හෙයකින් විපක්ෂය ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයන් තිදෙනා පත් නොකරන්නේ නම් ආණ්ඩුව සැලසුම් කොට තිබුණේ දැනට පත්කොට සිටින නියෝජිතයන්ගෙන් ව්‍යවස්ථාදායක සභාව ඉදිරියට පවත්වාගෙන යෑමටය.
සජිත් ඉතිහාසය මතක් කරයි!
ඒ අනුව බ්‍රහස්පතින්දා දින පාර්ලිමේන්තුවේදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ආරම්භ වූ අතර, ඊට අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාද, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද එක්ව සිටියහ. මෙහිදී දිනේෂ් ගුණවර්ධන මහතා මෙම තර්කය ඉදිරියට දමමින් ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයන් පත් නොකරන්නේ නම් දැනට පත්කොට සිටින නියෝජිතයන් සමග සභාවේ වැඩකටයුතු ආරම්භ කරන බව කියද්දී සජිත් ඊට විරෝධය පළ කළේය. එහිදී සජිත් දිනේෂ්ට පෙන්වා දුන්නේ ව්‍යවස්ථාදායක සභාව ආරම්භයේදීම සියලු දෙනාම එකඟ වූ තත්ත්වයක් ඇති බවත්, එය ලිඛිතව වාර්තා කොට ඇති බවත්ය. එම එකඟතාව නම් ව්‍යවස්ථාදායක සභාවේ සියලු නියෝජිතයන් පත්කිරීමෙන් පසුව පමණක් සභාවේ කටයුතු ආරම්භ කළ යුතු බවය. එම ලිඛිත වාර්තාව අගමැතිවරයාට පෙන්වා දුන් සජිත්, ඒ අනුව පළමුව සිවිල් නියෝජිතයන් පත්කිරීමට ප්‍රථම ව්‍යවස්ථාදායක සභාවේ සුළු පක්ෂ නියෝජිතයා නම් කර සිටිය යුතු බව පෙන්වා දුන්නේය. දැනට ඒ සඳහා නම් දෙකක් ඉදිරිපත්ව ඇති අතර, එකක් වී ඇත්තේ උතුරේ පක්ෂ වෙනුවෙන් සිද්ධාර්තන් මහතාගේ නමය. දෙවැනුව දකුණේ සුළු පක්ෂ විසින් උදය ගම්මන්පිල මහතාගේ නමද යෝජනා කර ඇත. මොවුන් දෙදෙනාගෙන් එක් නියෝජිතයකු ව්‍යවස්ථාදායක සභාවට පළමු තෝරා පත්කරගත යුතු බව සජිත් මෙහිදී අගමැතිවරයාට පෙන්වා දුන්නේය. සජිත් ගෙනා මෙම තර්කය සමග එම රැස්වීම අවසන් කිරීමට පියවර ගත් අතර, අවම වශයෙන් නැවත රැස්වන දිනක් හෝ යොදාගැනීමට කටයුතු කළ ආකාරයක් දැකගන්නට නොලැබිණි. ආණ්ඩුව ව්‍යවස්ථාදායක සභාව හරහා ඡන්දය කල්දමා ගැනීමට ගැසූ අවසන් තුරුම්පුවද ව්‍යර්ථ වී ගියේ ඒ ආකාරයටය.