• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Rajya Rahas

ආණ්ඩුව ඇතුළේ මහා කුමන්ත්‍රණයක්! සුසිල් ගැනයි අලුත් ආණ්ඩුවක් ගැනයි බුද්ධි අංශ වාර්තා ‌කළාද? කැබිනට්ටුවේදී බැසිල් විමල්ගේ මූණටම බෑ කියයි! ආණ්ඩුවේ තුනෙන් දෙකට වෙන්න යන දේ! (රාජ්‍ය රහස්)

January 9, 2022
in Exclusive, Rajya Rahas
Reading Time: 16 mins read
A A
ආණ්ඩුව ඇතුළේ පිපිරුමක්! ගෝඨාගෙන් සිංගප්පූරුවේ සිට තහනමක්! බැසිල් අමෙරිකා ගියේ නොඑන්නමද? ප්‍රබල ඇමැති විපක්ෂයට දෙමළෙන් දුන් පණිවුඩය! (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

සුසිල්ට පළමු කෝල් එක දුන්නේ ආණ්ඩුවේම ප්‍රබලයෙක්!

මෛත්‍රීපාල ආයෙත් ආණ්ඩුව වට්ටන්න සූදානමින්!

සුසිල්ට ලන්සා දුන් ඩිනර් එකේදී තීන්දු රැසක් අරන්!

ජනපති මැදුරයි අරලියගහ මැදුරයි එකතු කරන්න සෙනරත්ට පූළුවන් වෙයිද?

දෙල්කඳ පොළේදී සුසිල්ට ස්වීප් එක ඇදෙයි!

ආණ්ඩුව ඇතුළේ කලක සිට පැවැති අළු යට ගිනි පුපුරු පසුගිය සතියේ කිසිවකු නොසිතූ වෙලාවක පුපුරා ගියේය. ඊට හේතු වූයේ අඟහරුවාදා උදෑසනම ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨතම නියෝජිතයකු මෙන්ම රාජ්‍ය අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කළ සුසිල් ප්‍රේමජයන්ත් මහතා එම තනතුරින් ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගැනීමය. මෙසේ සුසිල්ව අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම සඳහා බලපෑ ආසන්නතම හේතුව ලෙස කියැවුණේ සෙනසුරාදා දිනයේදී දෙල්කඳ පොළට ගොස් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගන්නා අවස්ථාවේදී සුසිල් මාධ්‍ය වෙත කළ ප්‍රකාශයකි. එහිදී සුසිල් ප්‍රසිද්ධියේම කියා සිටියේ භාණ්ඩ මිල ඉහළ යෑම හේතුවෙන් ජනතාව දැඩි පීඩාවට පත්ව සිටින බවත්, මීට අසමත් හෙවත් ‘ෆේල්’ වූ ඇමැතිවරුන් වගකිව යුතු බවත්ය. සුසිල් එහිදී ප්‍රසිද්ධියේම කියා සිටියේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්දත්, වෙළෙඳ කටයුතු අමාත්‍ය බන්දුල ගුණවර්ධනත් මෙහිදී අසමත්ව ඇති බවය. ඒ හේතුවෙන් ආණ්ඩුවේම අසමත්කම පෙනෙන්නට ඇති බවද සුසිල් දෙල්කඳ පොළේදී ප්‍රකාශ කර සිටියේය.

ඇතුළේ ඉදන් ආණ්ඩුවට ගැහුවේ සුසිල් විතරමද?

මේ ආකාරයට පසුගිය කාලසීමාවේදී ආණ්ඩුව ඇතුළේ සිටිමින් ආණ්ඩුවට එරෙහිව ප්‍රහාර එල්ල කළ එකම අමාත්‍යවරයා වූයේ සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා පමණක් නොවේ. සුසිල්ට අමතරව කැබිනට් අමාත්‍යවරුන් වන වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන්ද, රාජ්‍ය අමාත්‍යවරුන් වන විදුර වික්‍රමනායක, නිමල් ලන්සා වැනි මැති ඇමැතිවරුන්ද පසුගිය කාලයේ දැඩිව ආණ්ඩුව විවේචනය කිරීමට ප්‍රසිද්ධියේම පියවර ගෙන තිබිණි. නමුත් ඒ කිසිදු අවස්ථාවකදී ඔවුන් සම්බන්ධයෙන් කිසිදු විනය ක්‍රියාමාර්ගයක් හෝ දැඩි පියවරක් ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබුණේ නැත.

බන්දුල-මහින්දානන්ද ජනපතිට ගතු කියයි

කෙසේවෙතත් මේ ආකාරයට සුසිල් සෙනසුරාදා දින දෙල්කඳ පොළේදී ඇමැතිවරුන් ඉලක්ක කර සිදුකළ ප්‍රහාරයත් සමග මහින්දානන්දත්, බන්දුලත් වහාම ජනාධිපතිවරයාට කතාකොට ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයුතු කළහ. ඔවුන් මෙහිදී ජනාධිපතිවරයාට පෙන්වා දුන්නේ වහාම මේ සම්බන්ධයෙන් ඉක්මන් පියවරක් ගත යුතු බවත්, තවදුරටත් මේ ආකාරයෙන් ආණ්ඩුවට එරෙහිව ප්‍රසිද්ධියේ අදහස් දැක්වීමට ඉඩ නොදිය යුතු බවත්ය. මෙවැනි ක්‍රියා හමුවේ ඇමැතිවරුන් පමණක් නොව ආණ්ඩුවද අපහසුතාවට පත්වන බව මෙම ඇමැතිවරු ජනාධිපතිවරයාට පෙන්වා දුන්හ.

කැබිනට්ටුවේදී ප්‍රශ්නය ඇදෙයි!

ඒ අනුව ජනාධිපතිවරයා සඳුදා සවස පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගි වූයේ මහින්දානන්ගේත්, බන්දුලගේත් මේ පැමිණිල්ල හිතේ තියාගෙනය. එමෙන්ම කැබිනට් රැස්වීම ආරම්භ වීමෙන් පසු මහින්දානන්දත්, බන්දුලත් සුසිල්ගේ ප්‍රහාරය පිළිබඳ කැබිනට් මණ්ඩලයට අදහස් දැක්වීමටද පියවර ගත්හ. ඔවුන් දෙදෙනාගෙන් අනතුරුව ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායකවරයා වූ ජොන්ස්ටන් ප්‍රනාන්දුද ඒ පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ ආණ්ඩුව ඇතුළේ සිට විවේචනය කිරීම හරහා ආණ්ඩුව ජනතාව අතර අප්‍රසාදයට පත්වීම වැළැක්විය නොහැකි බවත්, මෙම තත්ත්වය වළක්වාලීම සඳහා ඉක්මන් ක්‍රියාමාර්ගයක් ගත යුතු බවත්ය.

ගෝඨාගේ මූඩ් එක වෙනස් වෙයි!

නමුත් ජනාධිපතිවරයා එම අවස්ථාවේදී ඊට ප්‍රතිචාර දැක්වීමට ඉක්මන් වූයේ නැතත්, ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය ස්ථාවරය පළ කිරීම ආරම්භ කළේ 49 වැනි කැබිනට් පත්‍රිකාව සාකච්ඡා කිරීමට ගැනීමත් සමගය. එම කැබිනට් පත්‍රිකාව 49 වැනි තැන තිබුණත් ජනාධිපතිවරයා එය ඊට කලින් සාකච්ඡාවට ගත්තේ සුසිල්ගේ සාකච්ඡාවට ඒ කැබිනට් පත්‍රිකාව සමග ප්‍රතිචාර දැක්වීමට සැලසුම් කරගෙනය. 49 වැනි කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කොට තිබුණේ මුදල් අමාත්‍යවරයා වශයෙන් බැසිල් රාජපක්ෂ මහතාය. එම කැබිනට් පත්‍රිකාවෙන් කියැවුණේ රජයේ සේවකයන්ට, විශ්‍රාමිකයන්ට, ආබාධිත හමුදා සෙබළුන්ට වැටුප් වැඩිකිරීමය. ඒ අනුව ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අදහස් දක්වද්දී සතුටින් ඉපිල ගොස් සිටි ඇතැම් ඇමැතිවරු ඊට අත්පොළසන් දෙමින් තම සතුට ප්‍රකාශ කරන ආකාරයක් දැකගන්නට ලැබිණි. කෙසේ වෙතත් ජනාධිපතිවරයාද ප්‍රීතිමත් මුහුණින් යුක්තව එම කරුණ කැබිනට් මණ්ඩලයට ප්‍රකාශ කළද, මොහොතක් යත්ම ජනාධිපතිවරයාගේ ප්‍රීතිමත් මුහුණ අඳුරු වී තරමක කේන්ති ගිය ආකාරයක් ඇමැතිවරුන්ට දැකගන්නට ලැබිණි. ඒ අනුව තරමක් කෝපයකින් යුතුවම ජනාධිපතිවරයා ආණ්ඩුව විවේචනය කරන මැති ඇමැතිවරුන් පිළිබඳ අදහස් දැක්වීම ආරම්භ කළේය.

ඉන්නවා නම් ඉන්න… බැරි නම් යන්න.. විමල්-වාසු-උදය හ්ම් නෑ…!

‘දැන් මේ අපේ පෙළක් ඇමැතිවරු ආණ්ඩුව ඇතුළෙ ඉඳගෙනම ආණ්ඩුව විවේචනය කරන එක පුරුද්දකට අරගෙන තියෙනවා. මේක දැන් සීමාව ඉක්මවලා ගිහිල්ලයි තියෙන්නේ. අපි ජනතාව වෙනුවෙන් මෙච්චර අමාරුකම් තියාගෙන මේ වගේ සහන දෙන්න කටයුතු කරනවා. ඒවා අපි කරන්නේ පුළුවන්කමකට නෙවෙයි. බොහොම අමාරුවෙන් තමයි අපි ඒවා කරන්නේ. හැබැයි අපේ සමහර ඇමැතිවරු එළියට ගිහින් කියන්නේ මෙච්චර අමාරුවෙන් ඉඳගෙනත් අපි ජනතාව වෙනුවෙන් කරන දේවල් නෙවෙයි. පහුගිය අවුරුද්දම අපි කොරෝනා අර්බුදයට මුහුණ දුන්නා. ඊට පස්සේ අපි මුළු රටම එන්නත් කරලා ඒ ප්‍රශ්නෙ පාලනය කරගත්තා. හැබැයි ඒවා ගැන කවුරුවත් කතා කරන්නෙ නෑ. ඒක නිසා මෙතැනින් එහාට මම තවදුරටත් ආණ්ඩුව ඇතුළෙ ඉඳගෙන ආණ්ඩුව විවේචනය කරන්න ඉඩ දෙන්නේ නෑ. දැන් සුසිල් ඇමැතිතුමා පොළේ ගිහින් ආණ්ඩුව විවේචනය කරලා තියෙනවා. මට ඒ ගැන ඇමැතිවරු පැමිණිලි කළා. එතුමා ඇමැති කෙනෙක්. ඇමැති කෙනෙක් විදියට ආණ්ඩුව ඇතුළෙ ඉඳගෙන ආණ්ඩුව විවේචනය කරන්න බෑ. විවේචනය කරන්න ඕනෙ නම් ඇමැතිකමෙන් අයින් වෙලා විපක්ෂයට ගිහින් විවේචනය කරන්න. ඒකට මගෙන් කිසිම බාධාවක් නෑ. හැබැයි තව දුරටත් මම ආණ්ඩුවෙ ඉඳගෙන ආණ්ඩුව විවේචනය කරන්න ඉඩ දෙන්නෙ නෑ. දැන් බලන් හිටියා හොඳටම ඇති. මේ ගැන මම තීන්දුවක් ගන්නවා…’ යනුවෙන් ජනාධිපතිවරයා කියද්දී සියලු ඇමැතිවරුන් එය අසා සිටියා විනා ඒ සම්බන්ධයෙන් වචනයක්වත් කියන්නට උත්සාහ කරන ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. විශේෂයෙන්ම පසුගිය කාලසීමාව පුරාම ආණ්ඩුව දැඩිව විවේචනය කළ විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල යන ඇමැතිවරුන් තිදෙනාම මෙම කැබිනට් රැස්වීමේ සිටියද ඔවුන් හෝ මේ සම්බන්ධයෙන් වචනයක් වත් ප්‍රකාශ කිරීමට කටයුතු නොකිරීම විශේෂ සිදුවීමක් විය.

බැසිල් විමල්ට බෑ කියයි!

මෙම අදහස් දැක්වීමෙන් අනතුරුව රටේ දැනට උද්ගතව ඇති ආර්ථික අර්බුදය සම්බන්ධව කිසියම් සාකච්ඡාවක් ඇමැතිවරුන් අතර ඇතිවිය. එහිදී මීට සති දෙක තුනකට පෙරාතුව සිටම මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාත්, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතාත් කැබිනට් මණ්ඩලයට කැඳවා ප්‍රශ්න කිරීමට යෝජනා වී තිබුණත් එවැන්නක් සිදුව තිබුණේ නැත. ඒ අනුව ඒ සම්බන්ධයෙන් මුලින්ම හඬ අවදි කළේ විමල්ය. විමල් කියා සිටියේ රටේ වත්මන් මුල්‍ය අර්බුදය සම්බන්ධයෙන් නිවැරැදි තොරතුරු දැනගැනීම සඳහා මොවුන් දෙදෙනා කැබිනට් මණ්ඩලයට කැඳවා ප්‍රශ්න කළ යුතු යැයි කියාය. නමුත් විමල්ගේ මෙම ඉල්ලීමට මුදල් අමාත්‍ය බැසිල්ගෙන් නම් පළවූයේ එතරම් යහපත් ප්‍රතිචාරයක් නොවේ. කොටින්ම කියනවා නම් විමල්ගේ කතාවෙන් බැසිල්ට කේන්ති ගිය ආකාරයක්ද දැකගන්නට ලැබිණි.

මඩවන්න ඉඩ දෙන්න බෑ!

‘එහෙම මේ මහ බැංකු අධිපතියි, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයයි මෙතනට ගෙනැල්ලා ප්‍රශ්න අහලා ඒ දෙන්නා මඩවන්න ඉඩ දෙන්න බෑ. ඒ අයගෙන් මොනව හරි දැනගන්න ඕනෙ නම් ඇමැතිවරුන්ට ඒ අයත් එක්ක සාකච්ඡාවක් ලෑස්ති කරන්න පුළුවන්. ඒකට ඕනෙ නම් ඇමැතිවරු දෙන්නෙක් හිටියාම හොඳටම ඇති…’ යනුවෙන් බැසිල් කියද්දී විමල් යළිත් වතාවක් කියා සිටියේ එසේ නම් තමන් බන්දුලත් සමග ගොස් කබ්රාල් සහ ආටිගල සමග ඒ පිළිබඳ සාකච්ඡා කරන්නම් යැයි කියාය.

ගම්මන්පිලට ගෝඨා දුන් උපදෙස!

කෙසේ වෙතත් කැබිනට් මණ්ඩලය අවසන් භාගයේදී ගම්මන්පිල කැබිනට් රැස්වීමෙන් ඉවත්ව යෑම සඳහා ජනාධිපතිවරයාගෙන් අවසර ඉල්ලා සිටියේ තමන්ට එදින රාත්‍රියේ රූපවාහිනී සංවාදයකට සහභාගි වීමට සිදුව ඇති බව කියමිනි. ජනාධිපතිවරයා ඊට අවසර දුන්නේ කිසියම් උපදෙසක්ද ගම්මන්පිලට ලබාදෙමිනි.

‘ඔබතුමාලා ටී.වී.වලට ගිහින් කතා කළාට කමක් නෑ. එහෙම කතා කරද්දී වෙන වෙන දේවල් විතරක් කියන්නෙ නැතිව ජනතාවට සහන දෙන්න අපි ගත්ත මේ තීන්දු තීරණත් කියන්න…’ යනුවෙන් එහිදී ජනාධිපතිවරයා සඳහන් කරනු දැකගත හැකි විය. කෙසේ වෙතත් ගම්මන්පිල කැබිනට් මණ්ඩලයෙන් ඉවත්ව ගිය පසු ඇමැතිවරුන් බැසිල්ට කියා සිටියේ ජනතාවට මෙම සහන ලබාදීම පිළිබඳ රටට නිල වශයෙන් ප්‍රකාශ කළ යුත්තේ ගම්මන්පිල නොව මුදල් අමාත්‍යවරයා වන බැසිල් විසින් යැයි කියාය. ඇමැතිවරුන්ගේ එම අදහස පිළිගත් බැසිල් කැබිනට් රැස්වීම අවසන් වූ වහාම ගියේ මුදල් අමාත්‍යාංශයටය. එසේ ගොස් හදිසි ප්‍රවෘත්ති සාකච්ඡාවක් කඳවා ජනතාවට ලබාදුන් සහන පිළිබඳ දීර්ඝ විස්තරයක් කිරීමටද පියවර ගත්තේය.

පන්නපු සුසිල්ට ආණ්ඩුවෙන් කෝල් පිට කෝල්!

කෙසේ වෙතත් මෙම සිදුවීම් මාලාවේ කූඨප්‍රාප්තිය දැකගන්නට ලැබුණේ ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේදී එළියේ කෑගසන ඇමැතිවරුන් පිළිබඳ අදහස් දක්වා පැය 24ක් ඉක්ම යෑමටත් මත්තෙන් එය ක්‍රියාවේ යෙදවීමට පියවර ගැනීම හරහාය. නැතහොත් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ දැක්වූ අදහස්වල පළමු ප්‍රතිඵලය අඟහරුවාද උදෑසනම නිකුත් වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ, සුසිල් ප්‍රේමජයන්ත මහතා අමාත්‍ය තනතුරෙන් ඉවත් කිරීමට පියවර ගැනීම හරහාය. ජනාධිපතිවරයාගේ මෙම තීන්දුව මොහොතක් යෑමට මත්තෙන් කෙටි පණිවුඩ ඔස්සේත්, මාධ්‍ය හරහාත් රටටම දැනගන්නට ලැබිණි. ඒත් සමගම දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ සියලු දෙනාගේම අවධානය සුසිල්ට යොමු වීමය. හතර වටින් සුසිල්ට එක දිගට ඇමතුම් ගලා ඒමට වූ අතර පක්ෂ විපක්ෂ භේදයකින් තොරව බොහෝ මැති ඇමැතිවරුන් සුසිල්ට සුබ පතන ආකාරයක්ද එහිදී දැකගන්නට ලැබිණි. මෙහිදී විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් වඩා සුසිල්ට කතා කොට ඔහුව දිරිමත් කළේ ආණ්ඩුවේම සහෝදර මැති ඇමැතිවරුන් වීම විශේෂ සිදුවීමක් විය.

පළමු ඇමතුම ජ්‍යෙෂ්ඨම මන්ත්‍රීගෙන්!

ඉන් පළමු ඇමතුම ලැබුණේ ආණ්ඩුවේ සිටින ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයකුගෙනි. පසුගිය ආණ්ඩු කිහිපයකම කැබිනට් ඇමැති තනතුරු දැරූ මෙම ජ්‍යෙෂ්ඨයා මේ වන විට සිටින්නේ කිසිදු තනතුරක් නොමැතිවය. එහිදී මෙම ජ්‍යෙෂ්ඨයා සුසිල්ට කතා කොට ඒ පිළිබඳ මුලින්ම විමසද්දී සුසිල් නොනවත්වා විනාඩි කිහිපයක් සිනාසෙමින් ප්‍රතිචාර දැක්වීම විශේෂ සිදුවීමක් විය. ඉන් පෙනී ගියේ අමාත්‍ය තනතුරෙන් ඉවත් කිරීම සුසිල් බලාපොරොත්තුවෙන් සිටි එකක් බවය.

‘ඒක නම් කියලවත් කරගන්න බැරි වැඩක්. ඔන්න දෙල්කඳ පොළෙන් ගත්ත ස්වීප් එක මට ඇදුණා…’ යනුවෙන් ස්වීප් කතාව පළමු වරට සුසිල් කියා සිටියේ එම ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයාටය.

අරුන් තුන්දෙනා ඔය ස්වීප් එක ඇදගන්න කොච්චර දඟලනවද?

අමාත්‍ය ධුරයෙන් ඉවත් කළද මෙම පිළිතුර හරහා සුසිල් ඉතා සැහැල්ලුවෙන් සිටින බව වටහා ගත් ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයාද කියා සිටියේ, ‘අරුන් තුන්දෙනා ඔය ස්වීප් එක ඇදගන්න කොච්චර දඟලනවද. හැබැයි ඔයාට තමයි ඒක ඇදුණේ. දැන් උන් තුන්දෙනා ඇතුළෙ ඉඳගෙන සවුත්තු වෙනවා…’ යැයි කියාය. මේ ජ්‍යෙෂ්ඨයා ‘අරුන් තුන්දෙනා’ යනුවෙන් සඳහන් කළේ වෙන කාටවත් නොව, වාසුටත්, විමල්ටත්, ගම්මන්පිලටත්ය. මේ ආකාරයට උදේ වරුවම සුසිල් ගත කළේ තමන්ට නොකඩවා ලැබුණු දුරකතන ඇමතුම්වලට පිළිතුරු ලබාදීමට කටයුතු කරමින්ය.

සුසිල් තීන්දු දෙකක් ගනී!

කෙසේ වෙතත් සුසිල් ඒ වන විටත් තමන්ගේ අනාගතය සම්බන්ධයෙන් දැඩි තීන්දු දෙකක් ගෙන තිබිණි. ඉන් පළමුවැන්න වූයේ වහාම අමාත්‍යාංශයට ගොස් තම බඩුබාහිරාදිය ඉවත් කරගෙන නිල රථ ආදිය භාරදීමය. දෙවැන්න වූයේ තමාට මෙතෙක් හුරු පුරුදු වෘත්තිය වූ උසාවියේ නඩු කතාකිරීමට යෑමය. ඒ අනුව උදෑසනම අමාත්‍යාංශයට ගිය සුසිල් සිය කාර්ය මණ්ඩලයටත්, අමාත්‍යාංශ ප්‍රධානීන්ටත් කතාකොට ආණ්ඩුවෙන් ලබාදී තිබූ සියලු නිල රථ සහ අනෙකුත් දෑ භාරදීමට කටයුතු කළේය. එසේ බඩු භාරදුන් සුසිල් යළි නිවෙසට පැමිණියේ පාරේ ගිය ත්‍රිරෝද රථයක් කුලියට අරගෙනය.

ලන්සාගෙන් සුසිල්ට රමාඩා එකේ ඩිනර් එකක්!

එදින දහවල් සුසිල්ට කතා කළ රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා රාත්‍රී භෝජන සංග්‍රහයකට ආරාධනා කළ අතර එම ආරාධනාව පිළිගැනීමට සුසිල් පියවර ගත්තේය. ඒ අනුව රාත්‍රී භෝජන සංග්‍රහය පැවැත්වුණේ ගාලු මුවදොර ආසන්නයේ පිහිටි රමාඩා හෝටලයේය. මෙය රාත්‍රී භෝජන සංග්‍රහයක් ලෙස කියැවුණද ඇත්තෙන්ම එය ඊටත් එහා ගිය දේශපාලන සාකච්ඡාවක් යැයි කිවහොත් එහි කිසිදු වැරැද්දක් නැත. මන්ද යත් මෙම භෝජන සංග්‍රහය අතරතුරදී ඒ තරමටම දේශපාලන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබීම නිසාය. මේ සම්බන්ධයෙන් මේ මොහොතේදී අප වැඩිදුර තොරතුරු වාර්තා කිරීමට කටයුතු නොකරන නමුත් ඉදිරියේදී මෙහි සාකච්ඡා වූ දේශපාලන කරුණු සහ ගැනීමට නියමිත ඉදිරි ක්‍රියාමාර්ග ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ පාඨකයන්ට ගෙන ඒමට අප සූදානම්ය.

කෙසේ වෙතත් දැන් ප්‍රශ්නය ඇත්තේ සුසිල්ව ඇත්තටම ඉවත් කළේ දෙල්කඳ පොළේදී ඔවු සිදුකරනු ලැබූ ප්‍රකාශය නිසාමද යන්නය.

සුසිල්ව පන්නපු ඇත්ත හේතුව මොකද්ද?

අප මීට පෙරද අවස්ථා කිහිපයකදීම ආණ්ඩුව ඇතුළේ යම් යම් පෙරළි, සිදුවීම්, සතරකන් මන්ත්‍රණ සිදුවෙමින් පවතින බව වාර්තා කර සිටියෙමු. ඒ අනුව යම් බුද්ධි අංශ වාර්තාවක් පදනම් කරගෙන සුසිල්ව එම තනතුරෙන් ඉවත් කළේද යන සැකය මේ වන විට ආණ්ඩුව ඇතුළේද සාකච්ඡාවට බඳුන් වෙමින් පවතින කරුණක් බවට පත්ව තිබේ. නිල නොවන ආරංචි මාර්ගයන්ගෙන් කියැවෙන්නේ මෙම බුද්ධි අංශ වාර්තා හරහා ආණ්ඩුව ඇතුළේ අර්බූදකාරී තත්ත්වයක් මතුව ඇති බවත්, එම තත්ත්වය මත ආණ්ඩුව ඇතුළෙන්ම යම් විකල්පයක් සොයාගැනීමේ ක්‍රියාමාර්ගයකට පිරිසක් යොමු වෙමින් පවතින බවත්, විවිධ ස්ථානවල ඊට සම්බන්ධ සාකච්ඡා පැවැත්වෙමින් ඇති බවත් ආණ්ඩුවේ ප්‍රධානීන්ට දැනුම්දී ඇති බවකි. එහි ප්‍රධාන කාර්යභාරයක් සුසිල් විසින් ඉටුකරනු ලැබුවේද යන්න පිළිබඳව මේ වන විට සැක මතුව ඇති අතර, එම සාකච්ඡාවල කිසියම් ප්‍රගතියක් සහ අවසානයක් පෙනෙන්නට ඔන්න මෙන්න කියා තිබියදී සුසිල්ව ඉවත් කළේද යන්න පිළිබඳ ආණ්ඩුවේම විවිධ පාර්ශ්ව අතර සාකච්ඡාවට බඳුන් වෙමින් පවතින බවක්ද පෙනෙන්නට ඇත.

තිස්ස කුට්ටිගෙන් එළියට පැන්න රහස!

මෙම සැකයට ප්‍රධාන වශයෙන්ම තුඩු දුන්නේ මේ වන විට ආණ්ඩුවේ සුවච කීකරු මන්ත්‍රීවරයකු බවට පත්ව සිටින තිස්ස කුට්ටිආරච්චි මහතා ඉකුත් බදාදා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක්ය. එහිදී තිස්ස කුට්ටිආරච්චි කියා සිටියේ සුසිල් අමාත්‍ය ධුරයෙන් ඉවත් කළේ දෙල්කඳ පොළේදී කී කතාවටත් වඩා බුද්ධි අංශ වාර්තා පදනම් කරගනිමින් යැයි කියාය. ආණ්ඩුවේ පසුපෙළ සිටින මන්ත්‍රීවරයකු ලෙසටත්, පළමු වතාවට පාර්ලිමේන්තුවට පත්ව ආ මන්ත්‍රීවරයකු ලෙසටත් සුසිල් වැනි ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු ඉලක්ක කරගෙන මෙවැනි ආන්දෝලනාත්මක කතාවක් තිස්ස කුට්ටිආරච්චිට තනිවම කළ නොහැක. එවැන්නක් කීමට නම් අනිවාර්යයෙන්ම මොන යම් හෝ රාජපක්ෂවරයකුගෙන් යම් පෙළඹවීමක් පැවැතිය යුතුය. තිස්සකුට්ටිආරච්චිද බියක් සැකක් නොමැතිව බුද්ධි අංශ කතාවක් එළියට අදිමින් සුසිල්ට පහර දුන්නේ එම හේතුව නිසා විය යුතුය.

ආණ්ඩුව ඇතුළේ අලුත් ආණ්ඩුවක කුමන්ත්‍රණයක්?

මේ අයුරින් තිස්ස කුට්ටිආරච්චි කී ආකාරයට සුසිල්ව අමාත්‍ය ධුරයෙන් දොට්ට දැම්මේ බුද්ධි අංශ වාර්තා පදනම් කරගෙන නම් සුසිල්ලා ආණ්ඩුව ඇතුළේ දියත් කර තිබූ රහස් මෙහෙයුම කුමක් විය හැකිද?

පසුගිය කාලය පුරාම ආණ්ඩුව ඇතුළේ විවිධ ඇමැතිවරුන් විවිධ තැන්වල තමන්ගේ කලකිරීම් සහ තමන්ගේ අප්‍රසාදය ප්‍රසිද්ධියේම ප්‍රකාශයට පත්කළ බව රහසක් නොවේ. එවැනි තැන්වලදී මෙම අර්බුදකාරී තත්ත්වයෙන් රට බේරාගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ගයන් පිළිබඳවද විවිධ යෝජනා ඉදිරිපත්ව තිබූ බවද රහසක් නොවේ. ඒ අනුව යම් යම් තැන්වල සිදුවී ඇති සාකච්ඡාවලදී ආණ්ඩුව ඇතුළේම අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන්ද කිසියම් සංවාදයක් සිදුව ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. වසරක කාලයක් සඳහා කිසියම් න්‍යායපත්‍රයකට අනුව මෙසේ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමටත්, විපක්ෂයේ සියලු පක්ෂ සමග ඒ පිළිබඳ සාකච්ඡා කොට යම් න්‍යායපත්‍රයක් සකස් කොට ඊට අනුව රට කිරීමටත් මෙහිදී යෝජනා වී ඇති බවක්ද ආරංචිය. විශේෂයෙන්ම එම අවුරුද්දක කාලසීමාව ඇතුළතදී නැවත වතාවක් ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමටත්, 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමටත්, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ පැවැති දුර්වලතා ඉවත් කොට තවදුරටත් එය ශක්තිමත් කිරීමටත් මෙහිදී සාකච්ඡා වී ඇති බවද දැනගන්නට ඇත. එපමණක් නොව එම අන්තර්වාර පාලනයේ ප්‍රධානියා ලෙස ආණ්ඩුවේ සිටින ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකුගේම නම් පවා යෝජනා වී ඇති බවද දැනගන්නට තිබේ. එම නම් කියැවෙන සියලු දෙනාම දූෂණයට සම්බන්ධ නැති, ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන, මානව අයිතිවාසිකම් අගය කරන පුද්ගලයන් වන අතර මේ මොහොතේ අප එම නම් හෙළි නොකරන නමුත් ඉදිරියේදී ඒවා හෙළිදරව් කිරීමට දඅප සූදානම්ය.

විපක්ෂයෙනුත් කොළ එළිය!

මෙසේ අවුරුද්දක් පුරා සිදුකරන නිශ්චිත වැඩපිළිවෙළකින් පසු රටේ පවතින අර්බුදය විසඳාගෙන මහ මැතිවරණයකට යෑමටද මෙහිදී පිරිස අතර සාකච්ඡා වී ඇති බවද කියැවේ. එහිදී ආණ්ඩුවේ ඇතැම් මැති ඇමැතිවරු විපක්ෂය සමගද මේ සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගෙන ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. එම අදහස් හුවමාරුවලදී විපක්ෂයේ ප්‍රධාන පක්ෂ සියල්ලම පාහේ ඊට කොන්දේසි සහිත එකඟත්වය පළකොට ඇති බවද දැනගන්නට ඇත. එහිදී ඔවුන් ඉදිරිපත් කොට ඇති කොන්දේසිය වන්නේ විපක්ෂයේ කිසිදු පක්ෂයක් මෙම අන්තර්වාර පාර්ලිමේන්තුවේ තනතුරු භාරගැනීමට කටයුතු නොකරන බවකි. ආණ්ඩුව ඇතුළෙන්ම කිසියම් පිළිගත් පුද්ගලයකු පෙරටු කොටගෙන අන්තර්වාර ආණ්ඩුව පිහිටුවන ලෙසට ඔවුන් එහිදී දැනුම්දීමක් කර ඇති බවද දැනගන්නට ඇත. පසුගිය සතියේදී සමගි ජන බලවේගයේ ඉදිරිපෙළ නායකයකු වූ හරින් ප්‍රනාන්දු මහතා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් යම් නිශ්චිත වැඩපිළිවෙළක් ආණ්ඩුව පැත්තෙන් ඉදිරිපත් වන්නේ නම් කෙටි කාලයකට ඊට විපක්ෂයක් ලෙස සහාය දීමට සූදානම් බව කියා සිටියේද මේ නිසා විය යුතුය.

ඒ අනුව සුසිල් හදිසියේ අමාත්‍ය ධුරයෙන් ඉවත් කරනු ලැබුවේ මෙම වැඩපිළිවෙළ පිළිබඳවත් එහි ප්‍රධාන කාර්යභාරයක් සුසිල් විසින් ඉටුකරමින් සිටි බවට බුද්ධි අංශ වාර්තා කිරීම නිසාද යන්නත් පිළිබඳ මේ වන විට බොහෝ දෙනාට විශාල සැකයක් මතුව ඇත්තේ ඒ නිසාය.

මෛත්‍රී උකුසු ප්‍රහාරය ආරම්භ කරයි!

කෙසේ වෙතත් සුසිල්ගේ මේ හදිසි ඉවත්කිරීමත් සමග ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කාර පක්ෂයක් වන ශ්‍රීලනිපයද ආණ්ඩුව ඉලක්ක කරගෙන බර අවි ප්‍රහාරයකට සූදානම් වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. වෙනදා නම් තැන් තැන්වල ඉඳහිට ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් ආණ්ඩුවට ප්‍රහාර එල්ල කළත් මෙවර ශ්‍රීලනිප නායකයා වන හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනම ආණ්ඩුවට ප්‍රහාර එල්ල කිරීමේ වගකීම පවරාගෙන තිබීම විශේෂ සිදුවීමක් විය. ඒ අනුව පසුගිය බදාදා මාතලේ පැවැති ශ්‍රීලනිප සමුළුවකදී රාජපක්ෂවරුන් ඉලක්ක කර දැඩි ප්‍රහාරයක් එල්ල කළ මෛත්‍රිපාල මින් ඉදිරියට කිසිදු තනි පක්ෂයකට මේ රටේ ආණ්ඩුවක් පිහිටුවිය නොහැකි බව කියා සිටියේය. ඉදිරියේදී එන්නේ තවත් සන්ධාන ආණ්ඩුවක් බව මෙහිදී කියා සිටි මෛත්‍රි, එවැනි ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රීලනිපය සූදානම් බවද ප්‍රසිද්ධියේම කියා සිටියේය. එමෙන්ම සුසිල් ඇමැතිකමෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් කතා කළ මෛත්‍රි, එසේ කොට ආණ්ඩුවේ පිපිරීම නවතාගත නොහැකි බවද පෙන්වා දුන්නේය. මෛත්‍රිගේ මේ කතාව හරහා එක දෙයක් පැහැදිලි විය. ඒ, 2022 අවුරුද්ද පුරාම ආණ්ඩුව ඇතුළේ මල් වෙඩි සංදර්ශනයන් දැකගත හැකි බවය.

තුනෙන් දෙකට මොකද වුණේ?

අනෙක් අතට සුසිල් ඉවත් කිරීමෙන් පසු ආණ්ඩුව ඇතුළේ දැකගන්නට ලැබුණු සිදුවීම් පුදුමසහගතය. සාමාන්‍යයෙන් වෙනදා නම් මෙවැනි බරපතළ තීන්දුවක් ආණ්ඩුවේ ප්‍රධානීන් විසින් ගත් පසු එය සාධාරණීකරණය කිරීම සඳහා මුළු ආණ්ඩුවම එක්වනු දැකගත හැකිය. නමුත් මෙවර සුසිල්ව ඉවත් කිරීමත් සමග එය සාධාරණීකරණය කිරීමට ආණ්ඩුව පැත්තෙන් ඉදිරිපත් වූයේ රෝහිත අබේගුණවර්ධන, එස්.එම්. චන්ද්‍රසේන, ගාමිණී ලොකුගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ආණ්ඩුවේ පසුපෙළ සිටින තවත් මන්ත්‍රීවරුන් දෙතුන් දෙනකු පමණි. ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන් ඒ සම්බන්ධයෙන් වචනයක්වත් නොකී අතර, ඩලස් ප්‍රසිද්ධියේම තමන් ඒ පිළිබඳ කනගාටු වන බව කියා සිටියේය. මාධ්‍යවේදීන් අවස්ථා දෙකකදීම දිනේෂ්ගෙන් ඒ පිළිබඳ විමසා සිටියද, ඔහු අවස්ථා දෙකේදීම ඊට පිළිතුරු නොදී මඟහැර යනු දැකගත හැකි විය. ඒ අනුව සුසිල්ගේ ඉවත්කිරීම හරහා ආණ්ඩුව ඇතුළේද යම් බෙදීමක් පිපිරුමක් සිදුව ඇති බව මේ හරහා පැහැදිලිය.

පුටු මාරුව අත ළග!

එමෙන්ම සුසිල්ගේ ඉවත්කිරීමත් සමග මේ වන විට ආණ්ඩුව ඇතුළේ අමාත්‍ය මණ්ඩල සංශෝධනය පිළිබඳ සාකච්ඡාවද යළි කරළියට පැමිණ තිබේ. මීට පෙර ඉකුත් අවුරුද්ද අවසන් වී අලුත් අවුරුද්ද උදාවීමත් සමග අමාත්‍ය මණ්ඩලයද සංශෝධනය කොට අලුත් මුහුණුවරකින් වැඩ ආරම්භ කළ යුතු බව ආණ්ඩුව ඇතුළේම මතය වී තිබිණි. දැනට පවතින තත්ත්වය යටතේ ඇමැතිවරුන් ගණනාවක්ම අසමත් බවට තහවුරු වීම හේතුවෙන් හරියට අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකරනවා නම් එවැනි ඇමැතිවරුන් කිහිප දෙනකුම අමාත්‍ය මණ්ඩලයෙන් එළියට විසිවී අලුත් ඇමැතිවරුන් එම තනතුරුවලට පත්විය යුතුය. නමුත් අපට ඇති ආරංචිවලින් නම් කියැවෙන්නේ එවැන්නක් සිදු නොවන බවත්, ඇමැති මණ්ඩලයේ දැනට සිටින ඇමැතිවරුන් අතරම අමාත්‍යාංශ මාරුවීමක් පමණක් සිදුවනු ඇති බවය. මේ වන විටත් ඇමැති ධුර දෙකක පුරප්පාඩුවක් පවතින නිසා ඊට අලුත් මුහුණු දෙකක් පමණක් හඳුන්වා දීමට නියමිත බවත් දැනගන්නට ඇත. මීට අමතරව රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනකුගේ අමාත්‍යාංශද මාරුවනු ඇති බව දැනගන්නට තිබේ. කෙසේ වෙතත් මෙවැනි අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් හරහා දැනට රට ඇතුළේ මතුව ඇති ප්‍රශ්න නිරාකරණය වේද එසේත් නැතිනම් එම ප්‍රශ්න තවදුරටත් ඔඩුදුවා අලුත් අර්බුදයකට අත වනනු ඇද්ද යන්න දැන්ම තියා කිව නොහැකිය.

සභාපතිවරුන්ට නම් ගෙදර යන්න වෙයි!

ඒ හැරුණු විට දැනට සිටින සභාපතිවරුන් 400ක ගෙන් 250ක් පමණ ඉවත් කිරීමටත් මේ වන විට ආණ්ඩුව පැත්තෙන් සැලසුම් සකසා අසන්ය. ඒ සම්බන්ධයෙන් දැනටමත් ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත්, මුදල් ඇමැතිවරයාත් එක්ව සාකච්ඡා කොට නම් ලැයිස්තුවක් සකස් කරමින් පවතින අතර, ඉදිරි දින කිහිපය ඇතුළ එම වෙනස්කම් සිදුවීමට නියමිත බව දැනගන්නට තිබේ. එමෙන්ම අමාත්‍යාංශ ලේකම්වරුන් කිහිප දෙනකුම ඉවත් කොට ඊට නව ලේකම්වරුන් පත්කිරීමටද ආණ්ඩුව මේ වන විට තීන්දු කොට අවසානය.

අලුත් අවුරුද්දේ පී.බී. නෑ!

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා සම්බන්ධයෙන් පසුගිය කාලයේ මතුවූ ආන්දෝලනය තවමත් පහව ගොස් නැත. ඊට හේතුවී ඇත්තේ තමන් ඉල්ලා අස්වන බවට සඳහන් කරමින් පී.බී. විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබුණත් එහි දිනය ලෙස ජනවාරි 31 වැනි දින යොදා තිබීමය. මේ නිසා අලුතෙන් ජනාධිපති ලේකම්වරයා ලෙස පත්වන බවට නම කියැවෙන අගමැති ලේකම්වරයා වූ ගාමිණී සෙනරත් මහතාට නව තනතුර ලබාගැනීම සඳහා ජනවාරි 31 වැනිදා තෙක් බලා සිටීමට සිදුවනු ඇත.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා නව වසරට වැඩ ආරම්භ කළ පසුගිය තුන්වැනි සඳුදා ආණ්ඩුවේ සියලු මැති ඇමැතිවරුන්ට ජනාධිපති ලේකම් කාර්යාලය මගින් දැනුම්දීමක් කර තිබුණේ පෙ.ව. 10 සිට සවස 3 වන තෙක් ජනාධිපතිවරයා ලේකම් කාර්යාලයේ රැඳී සිටින බැවින් ඕනෑම කෙනකුට එහි පැමිණ ජනාධිපතිවරයාට සුබ පතා අදහස් හුවමාරු කරගත හැකි බවකි. ඒ අනුව පෙ.ව. 10 සිට ජනාධිපති ලේකම් කාර්යාලයේ මැති ඇමැතිවරුන් බොහෝ දෙනකු රැඳී සිටි ආකාරයක් දැකගත හැකි විය.

ගාමිණී එළියට එයි!

මෙහිදී දැකගන්නට ලැබුණු සුවිශේෂම කාරණය වූයේ දැනට ජනාධිපති ලේකම්වරයා වශයෙන් කටයුතු කරන පී.බී. ජයසුන්දර මහතා ජනාධිපතිවරයා අලුත් අවුරුද්දට වැඩ අල්ලන පළමු දිනයේම පැමිණ නොසිටීමය. පී.බී.ගේ මුහුණ අලුත් අවුරුද්දේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දැකගන්නට නොලැබුණත් නව ලේකම්වරයා වශයෙන් වැඩ භාරගැනීමට නියමිත ගාමිණී සෙනරත් නම් එහි පැමිණ සියලු මැති ඇමැතිවරුන් සමග ඉතා සුහද ලීලාවෙන් කතාබස් කරමින් සිටි ආකාරයක් දැකගත හැකි විය.

මේ අතර ජනාධිපතිවරයා විසින් පී.බී.ට තවත් දැනුම්දීමක් කර ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඒ, ලබන 15 වැනිදාට ප්‍රථම ධුරයෙන් ඉවත් වීමට කටයුතු කරන ලෙසටය.

පාලම හදන්න ගාමිණීට පූලුවන්ද?

කෙසේ වෙතත් පී.බී. ඉවත් කර නව ජනාධිපති ලේකම්වරයා වශයෙන් ගාමිණී සෙනරත් පත්කර ගන්නා ලෙස අගමැතිවරයා කර තිබූ යෝජනාවට ජනාධිපතිවරයා කැමැති වූ හේතුවද මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ තැන් තැන්වල කතාබහට ලක්වෙමින් තිබේ. එහිදී බොහෝ දෙනා කියන්නේ පසුගිය කාලසීමාව පුරා ආණ්ඩුව ඇතුළේ එළියට නොපෙනෙන්නට තිබුණු බරපතළම ගැටලුව වූ ජනාධිපති මන්දිරය හා අරලියගහ මන්දිරය අතර සම්බන්ධීකරණ ප්‍රශ්නය නිරාකරණය කිරීම සඳහා මෙසේ ගාමිණී අරලියගහ මන්දිරයේ සිට ජනාධිපති කාර්යාලය දක්වා පැමිණෙන බවය.

පසුගිය කාලසීමාවේදී පී.බී. ජයසුන්දර ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට අගමැති කාර්යාලය හෙවත් අරලියගහ මන්දිරය නොසලකා කටයුතු කිරීම හේතුවෙන් දෙපාර්ශ්වය අතර සම්බන්ධීකරණයේ බරපතළ ගැටලුවක් මතුව තිබිණි. බොහෝ අවස්ථාවලදී අගමැතිවරයා ආණ්ඩුව ඇතුළේ පවතින ප්‍රශ්න නිරාකරණය කරගැනීම පිළිබඳ යම් යම් උපදෙස් ලබාදුන්නේද පී.බී.ටය. නමුත් පී.බී. කොයිම අවස්ථාවකදීවත් අගමැතිවරයාගෙන් ලැබුණු උපදෙස් පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කිරීමට කටයුතු කොට නොතිබිණි. මේ නිසාම ජනාධිපතිවරයාද පවතින තත්ත්වය පිළිබඳ දැනුවත් වීමේ අඩුපාඩුවක් මතුව තිබිණි. එහි ප්‍රතිඵලය වූයේ තමන් ලබාදෙන උපදෙස් ජනාධිපති කාර්යාලය මගින් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් අගමැතිවරයාද තමන්ගේ පාඩුවේ වැඩක් බලාගෙන පසෙකට වී සිටීමය. මේ නිසා බොහෝ ඇමැතිවරුන් දුටුවේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර දේශපාලන විරසකයක් මතුව ඇති බවකි.

අනෙක් අතට පී.බී. එතරම් සුහදශීලී චරිතයක් නොවන බැවින් ආණ්ඩුවේ ඇමැතිවරුන්ටද ජනාධිපතිවරයා හමුවී තමන්ගේ ප්‍රශ්න සාකච්ඡා කිරීමේ අවස්ථාවක් නොපැවතිණි. මේ හේතුව මත ජනාධිපතිවරයා හා ඇමැතිවරුන් අතරද පසුගිය කාලයේදී කිසියම් දුරස්ථභාවයක් හටගෙන තිබිණි. පී.බී.ව ජනාධිපති ලේකම් ධුරයෙන් ඉවත් කරන්නේ නම් ඊට ගාමිණී සෙනරත් පත්කළ යුතු බවට අගමැතිවරයා කළ යෝජනාවට ජනාධිපතිවරයාගේද එකඟතාව හිමිව තිබුණේ එම පසුබිම යටතේය.

ඒ අනුව මේ වන විට ගාමිණී සෙනරත්ගේ කර මත පැටවී ඇති පළමු කාර්යය වී ඇත්තේ ජනාධිපති මන්දිරයත්, අරලියගහ මන්දිරයත් අතර ශක්තිමක් සුහද පාලමක් සකස් කිරීමේ කටයුත්තය. එමෙන්ම ජනාධිපතිවරයා හා ඇමැතිවරුන් අතර සමීප සම්බන්ධතාවක් ඇතිකිරීමද ගාමිණී සෙනරත් හමුවේ ඇති ඊළඟ කාර්යයය. සාමාන්‍යයෙන් ගාමිණී සෙනරත් යනු සියල්ලන් සමග හොඳින් කතාබහ කරන, සියල්ලන්ටම සවන් දෙන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු බැවින් ඉදිරියේදී සියලු දෙනා සම්බන්ධීකරණය කරන සාම දූතයකුගේ චරිතයට ඇඳීම ගාමිණී සෙනරත්ට එතරම් අපහසු නොවනු ඇත.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

පීපල්ස් ලීසිං CA Sri Lanka වාර්ෂික වාර්තා සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මානයක් දිනාගනී…

Next Post

මිලියනපතියන් හතරදෙනෙක් බිහි කිරීමට කොමර්ෂල් බැංකුවෙන් ප්‍රවර්ධන වැඩසටහනක්…

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.