සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු තුන් දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ සංශෝධිත අධි චෝදනා පත්‍ර භාරදී ඇත.
ඒ ඔහු ධීවර ඇමති ධුරය දරන 2014 වසරේදී මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට අඩු මුදලකට බදුදීම තුළින් රජයට පාඩුවක් කළේ යැයි එල්ල වන චෝදනාව මතයි.
අල්ලස් කොමිසම විසින් ලබාදිය යුතු ලේඛන සම්පූර්ණ වශයෙන් ලබාදී නැතැයි විත්තියේ නීතීඥයන් අධිකරණය හමුවේ පෙන්වා දුන් අතර ඒ පිළිබද පරීක්ෂා කර නැවත දැනුම් දෙන ලෙස විත්තියේ නීතිඥවරුන්ට කල් දුන්නේය.
නඩුව වැඩිදුර විභාගය ජුනි මස 16 වනදා කැදවීමට නියම කර ඇත.










