• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

භික්ෂූන් වහන්සේගේ අනුශාසනා පිළිගෙන සරු දේ සහ නිසරු දේ අවබෝධ ‌කරගෙන ජනතා කේන්ද්‍රීය ගමන ආරම්භ කරන්න අපි සූදානම්! කොළඹදී රැස්වූ 700කට අධික භික්ෂූන් වහන්සේ ඉදිරියේ සජිත්ගෙන් ප්‍රතිඥාවක්! ධම්ම පදයේ ගාථා උපුටා දක්වමින් රට හදන හැටිත් කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

June 30, 2023
in Exclusive
Reading Time: 23 mins read
A A
භික්ෂූන් වහන්සේගේ අනුශාසනා පිළිගෙන සරු දේ සහ නිසරු දේ අවබෝධ ‌කරගෙන ජනතා කේන්ද්‍රීය ගමන ආරම්භ කරන්න අපි සූදානම්! කොළඹදී රැස්වූ 700කට අධික භික්ෂූන් වහන්සේ ඉදිරියේ සජිත්ගෙන් ප්‍රතිඥාවක්! ධම්ම පදයේ ගාථා උපුටා දක්වමින් රට හදන හැටිත් කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ වන විට රට තීරණාත්මක අවධියකට එළඹ ඇති බවත් රජය විසින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ නැහැ යනුවෙන් මීට පෙර පැවසුවත් එම තීරණය වෙනස් කර දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සිදු කිරීමට සූදානම් නිසා හෙට සහ අනිද්දා යන දෙදින අප රටට විශාල වැදගත් දවස් බවත් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා සේ සරු දේ සහ නිසරු දේ තෝරා බේරා ගැනීමේ තීරණාත්මක අවස්ථාවක් උදා වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (30) විනය ගරුක පරපුරක් උදෙසා වූ භික්ෂූ උපදේශක සභාව අමතමින් පැවසීය. Sri Lanka Latest News

වැඩ කරන ජනතාවගේ පොඩි මිනිසාගේ, මධ්‍ය පාන්තිකයාගේ සාමාන්‍ය ජනතාවගේ අර්ථ සාධක අරමුදලට පවා මේ රජය බලපෑම් කරමින් සියලු බර මේ රටේ වැඩ කරන ජනතාව මත පටවා ඇති බැවින් මේ අවස්ථාවේ හරි දේ හරි ආකාරයෙන් තේරුම් ගැනීම අතිශය වැදගත් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තව ද සමගි ජන බලවේගය ගෞරවනීය භික්ෂුන් වහන්සේලාගේ අවවාද අනුශාසනා පිළිඅරගෙන සරු දේ සහ නිසරු දේ හරිහැටි අවබෝධ කර ගෙන ඇති බවත් ස්වාමීන් වහන්සේලාගේ අවවාද අනුශාසනා පිළිගෙන සෑම අවස්ථාවකදී ම නිර්ව්‍යාජව නිවැරදිව අධිෂ්ඨානශිලීව ජනතා කේන්ද්‍රීය ගමන ක්‍රියාත්මක කරන්න සූදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ සම්පත් හොරා කමින් වංචා දූෂණය ක්‍රියාත්මක කරමින් පසුගිය කාලයේ ගෙන ගිය පාලනය නිසා අප රට මේ වන විට අන්ත අසරණ දුක්ඛිත තත්ත්වයකට පත්ව ඇති බැවින් මේ තත්ත්වයෙන් රට මුදවා ගැනීමට සමගි ජන බලවේගය සූදානම් බවත් දශ රාජ ධර්මය අනුගමනය කරමින් රට ගොඩ ගැනීමට සූදානම් මේ ගමනේ දී නිරන්තරයෙන් ගෞරවනීය මහා සංඝරත්නයේ මෙන්ම සෙසු ආගමික නායකයන්ගේ අවවාද අනුශාසනා පිළිගැනීමට සහ පිළිපැදීමට ද සුදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (30) භික්ෂු උපදේශක සභාවේ සමාරම්භක උත්සවය අමතමින් සිදු කළ සම්පූර්ණ කතාව.

අද දින මේ උතුම් වැදගත් අවස්ථාවට වැඩමවා කරනු ලැබූ ගෞරවනීය වන්දනීය අති පූජනීය මහා සංඝරත්නයේ අවවාද උපදෙස් අනුව අනාගත රාජ්‍ය පාලන ගමනත් වර්තමාන ප්‍රතිපක්ෂ ගමනත් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළට අවතීරණ වන මේ අවස්ථාවේ ගෞරවනීය මහා සංඝරත්නය ගෞරව පූර්වකව දේශනා කරනු ලැබූ ඒ අවවාද උපදෙස් පිළිපදින්න අපි බැදී සිටිනවා.

බොහෝ දේශනාවල මහා සංඝරත්නය සැකයක් මතු කළ විපක්ෂයේ සිටින විට මහා සංඝරත්නයට සවන් දෙනවා බලයට ආවිට ඒ ප්‍රතිපත්තියට අනුකුලව නොව ඊට පරස්සපරව වැඩ කරනවා කියන එක. ඇත්ත වශයෙන්ම පහුගිය කාල වකවානුව තුළ 75 වසරක ඉතිහාසය තුළ ඉදිරිපත් කළ දේශනාවල බොහෝ සත්‍යයක් තිබෙනවා. ගෞරවනීය වන්දනිය ස්වාමීන් වහන්ස අප උත්සාහ දරන්නේ ඒ ආපු පිළිවෙතේ පැහැදිලි සංශෝධනයක් කරන්න. අපි අනුගමනය කරන්නේ දානය, පරිත්‍යාගය, ශීලය, තපස, අහිංසාව, අක්‍රෝධය, සෘජු බව, මෘදු බව, ඉවසීම, අවිරෝධය යන දශරාජ ධර්මය. ඒ අනුව අපේ ගමන ඉදිරියට ක්‍රියාත්මක කරනවා.

බුදුරජාණන් වහන්සේ දේශනා විටෙක මෙසේ දේශනා කළා.

සහස්සම්පි චේ වාචා
අනත්ථ පද සංහිතා
ඒකං අත්ථ පදං සෙයියෝ
යං සුත්වා උපසම්පති

කෙලෙස් දුරලන එක වචනය කෙලෙස් නිර්මාණය කරන වචන 1000කට වැඩිය වැදගත් බව දේශනා කළා. ඒ නිසා කෙලෙස් දුරලන වචන භාවිතය පමණක් නොව ඒ ක්‍රියාවෙත් නිරත වෙන්න අප සූදානම්.

අත්තානමේව පඨමං
පතිරූපේ නිවේසයේ
අතඤ්ඤ මනුසාසෙය්‍ය
න කිලිස්සෙය්‍ය පණ්ඩිතො

ඒ වගේම අනුන්ට බණ දේශනා කරන්න පෙර තමන් සුදුසු ගුණයේ පිහිටිය යුතුයි. අපි ජනතාවාදී වැඩපිලිවෙලක් ලෙස ජනතාවදී ව්‍යාපාරයක් ලෙස තමන් සුදුසු ගුණයේ සිට අනුන්ට උපදෙස් දෙන වැඩපිළිවෙලක් ඇති කරන්න. අද අපේ රට අමාරු තත්ත්වයක තිබෙන්නේ. ගසාගැම හොරකම වංචාව පවුල් වාදය තුළ අපේ රටේ කඩා වැටිලා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ විටෙක මෙහෙම දේශනා කළා.

සුජීවං අහිරිකේන
කාකසුරෙන ධංසිනා
පක්ඛන්දිනා පගබ්හෙන
සං කිලිමි‍ෙඨිසේන ජීවිතං

ගසා කන ලැජ්ජාවට බය නැති කිලිටි දිවි පෙවතක් ගත කරන ස්ථාවරය වෙනස් කරන තැනින් තැනට පනින අයට යහතින් ජීවත් වෙන්න පුළුවන්. ඒක අද සත්‍යයක් වෙලා. රට විනාශ කළ හොරා කාපු බංකොලොත් කළ අභිමානවත් දේශයේ පෞරුෂත්වය කුඩුපට්ටම් කරමින් හිගන රටක් හිගන ජාතියක් බිහි වෙලා. ඒත් රට විනාශ කළ අය සුරසැප විදිනවා. ලක්ෂ 220ක අහිංසක අසරණ ජනතාව පීඩනයට අසහනයට ලක් වෙලා.

ඇති වශයෙන්ම බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදු වදන් බුද්ධ ධර්මය දේශනාව අකුරටම පිළිපදින්න හරි දේ හරි විදිහට වැරදි දේ වැරදි විහිහට පිලිගන්න සුදානම්.

අසාරේ සාර මතිනෝ –
සාරේචා සාර දස්සිනෝ
තේ සාරං නාධි ගච්ඡන්ති –
මිත්‍යා සංකප්ප ගෝචරා

සරු දේ සරු ලෙස දකින්න අපි අධිෂ්ඨාන කරලා තිබෙනවා. නිසරු දේ නිසරු ලෙස අවබෝධ කර ගන්න සූදානම්. අපි හොදින් දන්නවා යමෙක්ම යම් ආකාරයක නිගමනයකට ආ යුත්තේ තමන්ගේ උපත නිසා නොව ක්‍රියාව නිසා යි. තමන් වසලයෙක් ද බ්‍රාහ්මනයෙක් ද කියා තේරුම් ගත යුත්තේ ක්‍රියාවෙනි.

නජච්ඡා වසලෝ හෝති – නජච්ඡා හෝතී බ්‍රාහ්මණෝ
කම්මනා වසලෝ හෝති – කම්මනා හෝති බ්‍රහ්මණෝ

ඒ නිසා මේ අවස්ථාවේ අපි හැම විටම ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද උතුම් ධර්මය අනුගමනය කරමින් එහි සාරවත් බව ප්‍රතිපත්ති අනුගමනය කරමින් කඩාවැටුණු අපේ දේශය නැවත වරක් අභිමානවත් පෞරුෂත්වයෙන් හෙබි ශක්ති සම්පන්න දේශයක් බිහි කිරීමේ ගමන යන්න සූදානම්.

බුදුරජාණන් වහන්සේ දේශනා කළා අනුන් කියන දේ ගැන වැඩි අවධානයක් යොමු කරන්න එපා. තමන් කරන දේ හරියට කරන්න. තමන්ගේ නිවැරදි භාවය සාක්ෂාත් කර ගන්න කටයුතු කරන්න.

නපරේසං විලෝමානී
නපරේසං කථා කතං
අත්තතෝව අවෙක්ඛ්‍යෙ
කථා නී අකතානීච

අනුන්ගේ රළු වචන හැසිරීම් රටා අපට වැඩක් නැහැ. අපි අපේ ගමන නිවැරදිව යනවා. අපි අපේ ගමන පිරිසිදුව ක්‍රියාත්මක කරනවා.

සමාජයේ බොහෝ ඊර්ෂයාවන් අසත්පුරුෂයන් මසුරන් ජීවත් වෙනවා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව

අක්කෝධේන ජිනේ කෝධං
අසාධුං සාධුනා ජිනේ
ජිනේ කධරියං දානේන
සච්චේන අලිකවාදිනං

ක්‍රෝධ කරන්නා ක්‍රෝධ නොකිරීමෙන් අසත්පුරුෂයා සත් පුරුෂ භාවයෙන් මසුරා දීමෙන් බොරුව සත්‍යයෙන් අපි ජය ගත යුතු යි.

අද සමාජය සැබෑ බෞද්ධයනි ප්‍රායෝගික බෞද්ධයනි පිරිසිදු බෞද්ධයන්ව, අබෞද්ධයන් ලෙස හදුන්වනවා. මම වජිරාම දහම් පාසලේ දහම් පරිසරය තුළ කුඩා කාලයේ සිටම බෞද්ධ ප්‍රතිපත්ති මගේ චරිතය නිර්මාණය කළා. විදේශ ගතව අධ්‍යාපනය ලබන කොටත් ඒ බෞද්ධ පරිසරය අමතක කළේ නැහැ. ගෞරවනීය වල්පොල රාහුල නායක ස්වාමීන් වහන්සේ එක්සත් රාජාධනියේ ඉන්නකොට සැම ඉරිදාම ගිහින් අපි අවවාද අනුශාසනා ලබා ගන්නවා.

මම කියන්න කැමතියි මම අතිශයින්ම විශ්වාස කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළ දේවල්.

සේලෝ යථා ඒකඝ නෝ – වා තේ නන සමීරති
ඒව නින්දා ප සංසා සු-න සමිඤ්ජන්ති පණ්ඩිතා

ජන සමාජයේ පණ්ඩිතයෝ ප්‍රශංසා ඉදිරියේ නින්දා ඉදිරියේ සැලෙන්නේ නැහැ. සෙලවෙන්නේ නැහැ. නිවැරදි ගමනේ යනවා. සතරවටින් හමන ඝන සුළග ඉදිරියේ මහා පර්වතයක් නොසැලි සිටිනවාද ඒ ආකාරයෙන්ම ජන සමාජයේ ප්‍රජා සේවයේ නියැලි සිටින අපි ඒ නිවැරදි ගමන කුමන අභියෝග විවේචන ආවත් නොසැලි ඉදිරියට යන්න අදහස් කරනවා.

අද දවසත් හෙට දවසත් අනිද්දා දවසත් අපිට බොහෝම වැදගත්. ඇයි ඒ ? අපි තෝරා බේරා ගත යුතුයි සරු දේ සහ නිසරු දේ ගැන. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නැ කියලා රටට ලෝකෙට කියලා දැන් කියනවා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න ඕන කියලා. අපි දැන් සරු දේ සහ නිසරු දේ වටහා ගෙන. අර්ථ සාධක අරමුදලට අත තියන්නැ කියලා, දැන් කරන කියන සුපිරි පොහොසත අධි පොහොසතා පැත්තකින් තබා වැඩ කරන ජනතාවට පොඩි මිනිසාට සාමාන්‍ය ජනතාවගේ කර පිට විශාල බරක් පටවලා.

අද හෙට අනිද්දා සරු දේ නිසරු දේ හොදට අවබෝධ කර ගන්න පුලුවන්.

අසාරේ සාර මතිනෝ –
සාරේචා සාර දස්සිනෝ
තේ සාරං නාධි ගච්ඡන්ති –
මිත්‍යා සංකප්ප ගෝචරා

අපි දැනටමත් සරු දේ සහ නිසරු දේ තෝරා ගෙන අවසන්. ඔබවහන්සේලාගේ අවවාද අනුශාසනා පරිදි හැම අවස්ථාවකදීම නිර්ව්‍යාජව නිවැරදිව අධිෂ්ඨානශිලීව ජනතා කේන්ද්‍රීය ගමන ක්‍රියාත්මක කරන්න අපි සූදානම්. ඔබවහන්සේලා දුන් අවවාද උපදෙස් ගැන අපි සතුටු වෙනවා. හදපත්ලෙන්ම සතුටු වෙනවා.

ගෞරවනීය මහා සංඝරත්නය ප්‍රශංසා කරන්න ඕන වෙලාවට ප්‍රශංසා කිරීම අවවාද කිරීමට සුදුසු වෙලාවට අවවාද කිමත් සහ දොස් කියන්න සුදුසු වෙලාව දොස් කීමේ අයිතියක් තිබෙනවා. ඒවා ගෞරවනීය ලෙස බාර ගන්නවා. ඔබ වහන්සේලාගේ අවවාද අනුශාසනා ප්‍රමුඛව අනෙකුත් ආගමික නායකයන්ගේ අවවාද උපදෙස් පිළිගෙන සැවොම අත්වැල් බැදගෙන ජාති ආගම් කුල මල පන්ති පක්ෂ භේදයකින් තොරව අපි අපේ මාතෘ භූමිය ගොඩ නගමු.

මේ වැඩසටහන සාර්ථක කරන්න උග්ගොඩ ධම්මින්ද නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ස්වාමින් වහන්සේලා විශාල පිරිසක් උදව් උපකාර සේවා කලා. විශේෂයෙන් සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා සහ ගයන්ත කරුණාතිලක මැතිතුමා ඇතුළු පිරිස සිදු කළ විශිෂ්ට සේවාව අමතක කරන්න බැහැ. සදහම් යාත්‍රා වැඩසටහන තුළින් තිස්ස අත්තනායක මැතිතුමා කරපු කාර්යය අමතක කරන්න බහැ. සමගි ජන බලවේගය තුළ සම්බුද්ධ ශාසනයේ සුරක්ෂිත භාවය මෙන්ම සෙසු ආගම්වලට ද සුදුසු නිසි තැන ලබා දෙමින් අපේ මාතෘ භූමිය නොබෙදෙනු සෛරී ශ්‍රී ලංකාව සුරක්ෂිත කරන්න අපි කටයුතු කරමු.

තෙරුවන් සරණයි

SendShareShare
Previous Post

EPF එකට අත තියලා ආණ්ඩුව චණ්ඩිපාට් ගේමක් ගහන්නයි යන්නේ! එදා ‌ගෝඨා පොඩි මිනිහට බදු ගහලා පෝසතුන්ට බදු සහන දුන්නා වගේ මේ ආණ්ඩුවත් දුප්පතාගේ සල්ලිවලට ගහලා පෝසතුන්ට සහන දෙන්නයි යන්නේ! VIDEO I Sri Lanka Latest News

Next Post

මුලු බරම කර ගහන්න වෙන්නෙ අර්ථසාධක අරමුදලටයි! මුදල් කමිටුව ඉවර වෙලා එළියට ආපු හර්ෂ මුල්වරට මාධ්‍ය ඉදිරියේ පිළිගනී! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

Load More
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

මේක ඇත්ත කතාවක්… ගොඩක් දේවල් මඟහැරුණා… ! රත්නපුරේ ගොඩකවෙලින් පාසල් ගිහින් ටවර්හෝල් එකෙන් රංගනය උගත් ඇය, අද තමන්ගේම සිනමා නිර්මාණයකින්...

Read more
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.