චෝදනාවලින් තොර රටටත් ජනතාවටත් පිළිගත හැකි නිලධාරියකු පොලිස්පති ධුරයට පත්කිරිමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුවිය යුතුයැයි ගැටඹේ රාජෝවනාරාමාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියෝ කියති. Sri Lanka Latest News
රටේ නීතිය හා සාමය සුරකින පොලීසිය මේවනවිට අරාජික තත්වයක් පෙන්නුම් කරන අතර එය නරක පුර්වාදර්ශයක් බවද අනුනාහිමියෝ පෙන්වා දෙති.
පසුගිය කාලය පුරා පොලිසියට විවිධ චෝදනා එල්ලවු බවත් පොලිසියට අවශ්‍ය වන්නේ කීර්තිමත් වර්තමානයක් බවත් ,අනුනාහිමියෝ පෙන්වා දෙති.
මේ නිසා මොන බලපෑම් ආවත් පොලිස්පති ධුරයට චෝදනා නැති, ජනතාවට පිළිගත හැකි නිලධාරියකු පත්කළ යුතුයි.මෙම උසස් තනතුරට හුදෙක් ජනප්‍රියකම් මතම නිලධාරින් පත් නොකළ යුතුයි.එසේ පත්කිරිමෙන් පොලිසිය අපකීර්තියට පත්වු අවස්ථාද තිබෙනවා.මේ නිසා කාටත් පිළිගත හැකි නිලධාරියකු වහාම පත්කළ යුතුයි.එසේ නොමැතිව තවදුරටත් මේ තනතුර හිස්ව තැබිම නරක පූර්වාදර්ශයක් වේවි.යැයිද කැප්පෙටියාගොඩ සිරිවිමල අනුනාහිමියෝ වැඩිදුරටත් පැවසුහ.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ කඩිනම් අවධානය යොමුකළ යුතුයැයිද අනුනායක හිමියෝ කියති.