ශ්‍රී ලංකාවට කිලෝමිටර 1,260ක් පමණ දුරින් වූ මුහුදු සීමාවේ ඊයේ (01) දහවල් රිච්ටර් පරිමාණ ඒකක 5.8ක භූ කම්පයනයක් සිදුව තිබුණි. (Sri Lanka Latest News)
එහි කම්පනය ගාල්ල, කොළඹ, අකුරැස්ස සහ ඇඹිලිපිටිය යන ප්‍රදේශවලට පවා දැනී තිබුණු අතර, ශ්‍රී ලංකාවේ භූ කම්පයනයක් සිදුවිය හැකි කලාප කිහිපයක් හඳුනාගෙන ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා,
මෙවැනි වූ කම්පන තවදුරටත් ඉදිරියේදී සිදුවෙන්න පුළුවන්. ඒ සිදුවන කම්පනවලින් අපිට හානියක් සිදුවෙන්නේ නැහැ. ලංකාවේ මේ වගේ කම්පන සිදුවෙන්න පුළුවන් කලාප කිහිපයක් අපි හඳුනාගෙන තියෙනවා. ත්‍රිකුණාමලයේ සිට උස්සන්ගොඩ දක්වා අක්‍රීය භූතල මායිම. ඒ වගේම මධ්‍යම කඳුකරයේ තිබෙන ජලාශ ආශ්‍රිතව. අපිට සූනාමි වගේ අනතුරක් වෙනවා නම් වෙන්න පුළුවන් වෙන්නේ සුමාත්‍රා කෙළවරේ භූ කම්පනයක් සිද්ධ වුණොත් එමෙහ අනිවාර්යෙන්ම අපිට සූනාමි තරංග අත්දකින්න පුළුවන් වෙනවා. නමුත් එවැනි තත්ත්වයක් මෑතකදී ඇතිවෙන්නට ඉඩක් නැහැ. මොකද හේතුව මෑතකදි එවැනි කම්පන රැසක් ඒ ප්‍රදේශයේ දී සිදුවුණ නිසා… යනුවෙන් පැවැසීය.
adaderana










