පොදුජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ නායකත්වයට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පත් කිරීමට තීරණය කර තිබේ.Sri Lanka Latest News
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක තිසර ගුණසිංහ මහතා සඳහන් කළේ, පොදුජන එක්සත් පෙරමුණේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා ඊයේ (06) පැවති එහි විධායක සභා රැස්වීමේදී මේ තීරණයට එළඹි බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුළුල් සන්ධානයක් යටතේ පුටුව ලකුණින් ඉදිරි මැතිවරණයට තරග කිරීමට නියමිතව තිබේ.
පොදුජන පෙරමුණු ව්‍යවස්ථා සංශෝධනය යටතේ නායකත්ව මණ්ඩලයේ 25% ක නියෝජනයක් හා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ 50% ක බලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිවන බව ද තිසර ගුණසිංහ මහතා පැවසුවේ ය.
ඔහු සඳහන් කළේ, පොදුජන එක්සත් පෙරමුණේ නව නිලධාරී මණ්ඩලය ලබන 22 වැනි දා පත් කිරීමට ද තීරණය කළ බවයි.
ඒ අනුව පක්ෂයේ ලේකම් ධුරයට නව පුද්ගලයෙකු පත් කෙරෙනු ඇති.
චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය වරෙක මහඇමැතිවරියක, අගමැතිවරියක මෙන්ම දෙවරක් ජනාධිපතිවරියක ලෙස කටයුතු කර විශ්‍රාම ගිය අතර මේ වනවිට ඇගේ වයස අවුරුදු 79ක් වේ.










