• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවේ විකාශන අධිකාරී පනත පරද්දන්න පොදු විපක්ෂය වැඩ පටන් ගනී! සජිත්-ඩලස්-ජී.එල්.-චරිත ඇතුලු මන්ත්‍රීවරු මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ අදහස් විමසයි! කෙටුම්පතේ බරපතළ කරුණු 8ක් ජී.එල්. පැහැදිලි කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

June 8, 2023
in Exclusive
Reading Time: 12 mins read
A A
ආණ්ඩුවේ විකාශන අධිකාරී පනත පරද්දන්න පොදු විපක්ෂය වැඩ පටන් ගනී! සජිත්-ඩලස්-ජී.එල්.-චරිත ඇතුලු මන්ත්‍රීවරු මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ අදහස් විමසයි! කෙටුම්පතේ බරපතළ කරුණු 8ක් ජී.එල්. පැහැදිලි කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

යෝජිත විකාශන අධිකාරී පනත් කෙටුම්පත පිළිබඳ විද්‍යුත් මාධ්‍ය ආයතන නියෝජිතයින්ගේ අදහස් ලබා ගැනීම ඊයේ (07) විපක්ෂයේ පක්ෂ එකමුතුව විසින් සිදු කරනු ලැබීය.

ඒ,විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ය.

සාකච්ඡාවට දිවයිනේ බලපත්‍රලාභි සියලු විද්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ එහි නියෝජිතයින්,මාධ්‍ය සංවිධාන නියෝජිතයින් රැසක් සහභාගි වූ අතර යෝජිත විකාශන අධිකාරී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු කාරණා සාකච්ඡා කරනු ලැබීය.

යෝජිත විකාශන අධිකාරි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා වන විපක්ෂ එකමුතුවේ කමිටුව පත් කර ඇත්තේ, මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම හමුවේ දී ප්‍රකාශ කර සිටියේ අදාළ පනතට විරුද්ධ බවය. එම පනත හරහා මතුවන ගැටළු පිළිබඳවත්, එම පනත හරහා මාධ්‍ය ස්වාධීනත්වයට එල්ල වන බලපෑම පිළිබඳ වතෙහිදි විපක්ෂ නායක මා දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කරනු ලැබීය.

මාධ්‍ය ආචාරධර්ම වේවා, මාධ්‍ය නියාමන කරුණු කාරණා වේවා මාධ්‍ය සම්බන්ධ ඕනෑම දෙයක් රැගෙන ආ යුත්තේ රජයක් හෝ දේශපාලනඥයින් විසින් හෝ නොවන බව පැවසූ විපක්ෂ නායකතුමා එවැන්නක් ගෙන ආ යුත්තේ මාධ්‍ය විසින්ම බවද පැවසීය.

එබැවින්,ලෝකයේ දියුණු මාධ්‍ය සම්ප්‍රදායන් පවතින රටවල පනත් කෙටුම්පත් අධ්‍යයනය කොට සියලු දෙනාට පිළිගත හැකි ප්‍රශස්ත යෝජනාවලියක් සකස් කරන ලෙස විපක්ෂ නායකතුමා අදාළ නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටියේය.

ආණ්ඩුව උත්සාහ කරමින් සිටින්නේ විවිධ ප්‍රතිපාදන හරහා මාධ්‍ය මර්දනය කිරීමට බව පැවසූ විපක්ෂ නායකතුමා කිසිදු හේතුවක් මත මාධ්‍යයට වාරණ පැනවිය නොහැකි බවත් මාධ්‍ය නිදහස උපරිමයෙන් ක්‍රියාත්මක වීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අත්‍යවශ්‍ය කරුණක් බවත් අවධාරණය කළේය.

දැනට යෝජිත විකාශන අධිකාරි පනත් කෙටුම්පතේ පවතින බරපතළ ගැටලු අටක් පිළිබඳව මහාචාර්ය ජී එල් පීරිස් මහතා දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළ අතර සමස්තයක් වශයෙන් මෙම පනත ප්‍රතික්ෂේප කළ යුතු බවද පැවසීය. වැඩිදුරටත් අදහස් දැක් වූ මහාචාර්ය ජී ඇල් පීරිස් මහතා මේ පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා උල්ලංඝනය කරන බවද පැවසීය.

මාධ්‍යවේදීන්ගේ වෘත්තිමයභාවය ගොඩ නැංවීමේ වැදගත්කම ඩලස් අලහප්පෙරුම මහතා විසින් මෙහිදී  අවධාරණය කරනු ලැබීය.ඒ විදිහට සිදු කරමින් සිටින්නේ මාධ්‍ය නිදහසට එරෙහිව පිඹුරුපත් සකස් කිරීම බවද ඒ මහතා අවධාරණය කළේය.

1996 අංක 26 දරන ටී.ආර්.සී පනතත් යෝජිත පනතට ඇතුළත් කොට ඇති බවත්, එය අතිශයින්ම බරපතල බවත් මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.

පනතේ සාමාජිකයින් පත් කිරීම ද සංයුතිය ද අතිශය ගැටලු සහගත බව පැවසු ඒ මහතා එය ද අතිශය බරපතළ තත්ත්වයක් බව පැවසීය.

මෙම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය ජී එල් පිරිස්, ලක්ෂ්මන් කිරිඇල්ල, රංජිත් මද්දුම බණ්ඩාර, තිස්ස අත්තනායක, ඉමිටියාස් බාකීර් මාකර්, ගයන්ත කරුණාතිලක, ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න,නාලක ගොඩහේවා, චන්දිම වීරක්කොඩි, මහාචාර්ය චරිත හේරත්, වසන්ත යාපා බණ්ඩාර, ඇතුලු පිරිසක් ද එක්ව සිටියහ.

\opposition \Broadcasting Authority Act Sajith Dullas G.L. Charita media

SendShareShare
Previous Post

පළාත් පාලන ඡන්දය ඉල්ලා ජවිපෙ අද සිට පාරට බසී! මුලින්ම මැතිවරණ ‌කොමිසම ඉදිරිපිටට! පොලිසිය අනුරට එරෙහිව තහනමක් ගනී! I Sri Lanka Latest News

Next Post

මැතිඇමැතිවරුන්ගේ ආරක්ෂාවට අමතරව පොලිස් නිලධාරීන් 5400ක් විවිධ පුද්ගලයන්ගේ ආරක්ෂාවට යොදවලා! වැඩිම පිරිස හිමිවරුන්ට සහ විනිසුරුවරුන්ට! I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News
Exclusive

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Load More
දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

විපක්ෂය එකමුතු වූ දිනයේ බොහෝ පක්ෂ නායකයන් ආණ්ඩුවට විරෝධය පළකළ යුතු ආකාරය පිළිබඳ විවිධ යෝජනාද සිය කතාවන්වලදී ඉදිරිපත් කළ ආකාරය දැකගත...

Read more
බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.