අමාත්‍යවරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අමතරව ස්වාමීන් වහන්සේලාට සහ විනිසුරුවරුන්ගේ ආරක්ෂාව සඳහා සැලකිය යුතු පොලිස් නිලධාරීන් පිරිසක් යොදවා ඇති බව පොලිසිය ප්‍රකාශ කළේය.
මැති ඇමතිවරුන්ගේ ආරක්ෂාවට යොදවා ඇති පොලිස් නිලධාරීන්ට අමතරව විවිධ පුද්ගලයින්ගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 5400ක් පමණ යොදවා ඇති බව අනාවරණය වීමත් සමඟ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අඟහරුවාදා (6) ප්‍රකාශ කළේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය ඒ පිළිබද සමාලෝචනයක් පවත්වා හැකි සෑම විටම එම ආරක්ෂක නිලධාරීන් ඉවත් කරීමට පියවර ගන්නා බවකි.
මෙලෙස ආරක්‍ෂාවට අනුයුක්ත කර ඇති පුද්ගලයන් කාණ්ඩ පිළිබඳව ඩේලි මෝර්නින් පුවත්පත පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සහ නීතීඥ නිහාල් තල්දූවගෙන් විමසා ඇති අතර, මැති ඇමතිවරුන්ගේ සහ පූජ්‍ය පක්‍ෂයේ ආරක්‍ෂාවට පොලිස් නිලධාරීන් යොදවා ඇති බවද පැවසීය. බෞද්ධ භික්ෂූන් වහන්සේලා, විනිසුරුවරුන්, විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇතුළු විවිධ තර්ජන හේතුවෙන් ආරක්ෂාව ඉල්ලා සිටින පුද්ගලයන් හට පොලිසිය ආරක්ෂාව සපයා ඇති බවද තල්දූව මහතා කියා සිටියේය.
Police security clergy Judges