පාස්කු ඉරිදා ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ මෘදු පිටපත රජය විසින් ලබා දී තිබූ නමුත් එහි සාක්‍ෂි ඇතුළත් පිටු 1500කට අධික ප්‍රමාණයක් අතුරුදන්ව ඇතැයි කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. Sri Lanka Latest News
පසුගිය සතියේ කොළඹ අගරදගුරු මන්දිරයේ සම්මන්ත්‍රණ ශාලාවේ පැවති රැස්වීමේදී අදහස් දක්වමින් කාදිනල්තුමා ප්‍රකාශ කළේ රජය විසින් ජනාධිපති කොම්ෂන් වාර්තාවේ මෘදු පිටපත CD තැටි හයකින් ඔවුන්ට ලබා දී ඇති බවයි.
“අප සහ අපගේ නීතිඥයන් විසින් ඒවා පරීක්‍ෂා කිරීමෙන් පසු ජනාධිපති වාර්තාවේ පිටු 70,000කට ආසන්න ප්‍රමාණයක් තිබෙන බව අපට පෙනී ගියා. කෙසේ වෙතත්, රජය පිටු 1500 කට වඩා වැඩි ප්‍රමාණයක් තමන් වෙත තබාගෙන තියෙනවා. සහරාන් හෂීම්ගේ බිරිඳ හාඩියා සහ පාස්කු ඉරිදා ප්‍රහාරයේදී පිපිරුණු ත්‍රස්තවාදී කණ්ඩායම සමඟ ඉතා සමීපව ඇසුරු කළ ප්‍රධාන චරිතයක් වන සාරා ජෙස්මින් වැනි ප්‍රධාන සාක්ෂිකරුවන් විසින් ලබා දුන් සාක්ෂි මෙම අතුරුදහන් වූ පිටු වල අඩංගු වී ඇති බව පේනවා යැයි කාදිනල්තුමා පැවසීය.
“මෙම ඇමතිවරු සහ නිලධාරීන් දිගින් දිගටම පවසන්නේ විමර්ශනවලින් සියයට 99 ක් අවසන් බවත්, ජනාධිපති වාර්තාවේ අන්තර්ගතය පිළිබඳව පල්ලිය තක්සේරු කර ඇති බවත්. ඔවුන්ගේ ප්‍රකාශවල කිසිම සත්‍යතාවක් නැහැ. දැන් ඔවුන් සහරාන් සහ ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයන් දැන සිටි මුස්ලිම් ජාතිකයන් 23 දෙනෙකුට එරෙහිව නඩු පවරා තියෙනවා. රජයේ බලධාරීන් දැන් උත්සාහ කරන්නේ ඔවුන්ව බිල්ලන් බවට පත් කිරීමට සහ නඩුවේ සියලු පැති විමර්ශනය කිරීමට හිතාමතාම නොසලකා හහැරීමට ” යැයි කාදිනල්තුමා පැවසීය.
“මේ වසරේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ පස්වන සංවත්සරය සනිටුහන් වෙනවා. නැවුම්, සාධාරණ සහ ස්වාධීන පරීක්ෂණයක් සඳහා අපගේ අඛණ්ඩ ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන්, රජයේ බලධාරීන් මහජනතාව නොමඟ යැවීමේ කුමන්ත්‍රණ ඉදිරිපත් කර තියෙනවා. ඊට අමතරව ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ පෞද්ගලික ලේකම්වරයා වන සාක්‍ෂිකරු අසාද් මවුලානාගේ ප්‍රකාශය වැනි නඩුවේ මතුවන නව සාක්‍ෂි පිළිබඳව මේ දක්වා කිසිදු පරීක්‍ෂණයක් සිදු කර නෑ’ යනුවෙන්ද උන්වහන්සේ පැවසූ බව ද අයිලන්ඩ් පුවත්පත අනාවරණය කොට ඇත.