• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විලියම් කුමරුයි සජිතුයි යාල කැලේ රැයක්! Sri Lanka Latest News

August 31, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
විලියම් කුමරුයි සජිතුයි යාල කැලේ රැයක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලයක් පුරා පවතින සමාජයීය අර්බුදයක් වන අලි – මිනිස් ගැටුම ගැන අප සැම දෙනකුම දැඩි අවධානය යොමුකළ යුතුයි. මෙරට තුළ දිනෙන් දින වර්ධනය වන අලි – මිනිස් ගැටුම නිසා ජීවිත හා ජෛව විවිධත්වය යන කාරණා දෙකටම තීරණාත්මක තර්ජනයක් ඇතිව තිබෙනවා. ආසියානු අලි ඇතුන් විශාලතම ගහනයක් ඇති ලෝකයේ රටක් ලෙස ශ්‍රී ලංකාව සැලකිය හැකියි. මෙම ගැටුම හේතුවෙන් වසරකට අලි ඇතුන් 400කට අධික සංඛ්‍යාවක් සහ මිනිස් ජීවිත 150කට අධික සංඛ්‍යාවක්ද අහිමිව යනවා. මෙවැනි වටපිටාවකදී තමයි මම මේ සුවිශේෂ ඉල්ලීම සිදුකරන්නේ. මහා බි්‍රතාන්‍යයේ (එංගලන්තයේ) වත්මන් විලියම් කුමාරයා යනු අලි ඇතුන් සම්පත රැකගැනීමට විශාල මෙහෙවරක් සිදුකරන අයෙක්. මම මේ ලිපිය මගින් ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකාවේ වන අලි ගහනය රැකගැනීම සඳහා විලියම් කුමාරයාට මැදිහත් වන ලෙසයි. ඒ දරන උත්සාහයන්ට ඔහුගේ සහාය ලබාදෙනු ඇතැයි මා විශ්වාස කරනවා. ශ්‍රී ලංකාවේ අලි ඇතුන් අපගේ ජාතික උරුමය පමණක් නොවෙයි. එම සම්පත ගෝලීය ජෛව විවිධත්වයේද නිධානයකි. දේශීය ප්‍රජාවන්, විශේෂඥයන් සහ ජාත්‍යන්තර හවුල්කරුවන් සම්බන්ධ කරගනිමින් දිගුකාලීන හා විද්‍යාත්මකව පදනම් වූ උපායමාර්ගක් වන ජාතික අලි සංරක්ෂණ සහ සහජීවන මුලපිරීමක් ස්ථාපිත කළ යුතුයි. මේ සඳහා බි්‍රතාන්‍යයේ රාජකීයයාගේ (විලියම් කුමරුගේ) නායකත්වය සහ සංරක්ෂණ ජාලය සමගින් වනජීවීන්ට සහ අපගේ ප්‍රජාවන්ට තිරසාර අනාගතයක් ගොඩනගාගත හැකියි….’Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ වනජීවී විෂයට අදාළව ඇසෙන මෙම කතාන්දරය කුමක්ද? මෙය කියා සිටින්නේ කවරකු විසින්ද? මෙම කතාව අපට ඇසුණේ මෙයට දින කීපයකට පෙරදීය. වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා තම කාර්යාලයේදී මෙරට සිටින බි්‍රතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෲ පැටි්‍රක් මහතා හමුවූ අවස්ථාවේදී ඉහත ප්‍රකාශය සිදුකරනු ලැබීය. එනම් මෙම හමුවේදී සුවිශේෂ සිද්ධියක් ලෙස සිදුවූයේ විපක්ෂ නායකවරයා විසින් බි්‍රතාන්‍ය මහකොමසාරිස්වරයාට එක්තරා ලිපියක් භාරදීමය. එනම් මෙම ලිපිය මගින් කියැවුණේ අලි – මිනිස් ගැටුමයි. එසේම වන අලි ඇතුන් ගහනය රැකගැනීමයි. මිනිස් ජීවිතද රැකගැනීමයි. මෙම සංකීර්ණ විෂයට අදාළව සජිත් ප්‍රේමදාස මහතා විසින් මහකොමසාරිස්වරයාට ලිපියක් භාරදුන්නේ එම ලිපිය බි්‍රතාන්‍යයේ විලියම් කුමරු වෙත ප්‍රදානය කිරීමටය. එනම් මෙරට බි්‍රතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය හරහා එම ලිපිය බි්‍රතාන්‍යයේ විලියම් කුමරුගේ කාර්යාලයට යොමුකෙරෙනු ඇතිය. එම සුවිශේෂ ලිපිය භාරදීමේ ක්‍රියාවලිය ඉදිරි දින කීපය ඇතුළත සිදුවනු ඇත.
පසුගියදා සිදුවූ මෙම හමුවේදී බි්‍රතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෲ පැටි්‍රක් මහතා මෙම පියවර සාදරයෙන් පිළිගත් අතර, මෙම මුලපිරීම ‘කාලෝචිත හා අවශ්‍ය’ බව පවසමින් ගෝලීය ජෛව විවිධත්ව ආරක්ෂාව සඳහා මහා බි්‍රතාන්‍යයේ අඛණ්ඩ සහයෝගය තහවුරු කළේය. එසේම සංරක්ෂණය සහ සහජීවනය සඳහා කල් පවතින විසඳුම් සෙවීමට විපක්ෂ නායකවරයා දක්වන කැපවීමද ඔහු අගය කළේය. එනම් ඔහුගේ පැසසුමට ලක්විය.

ශ්‍රී ලංකාවේ වත්මන් විපක්ෂ නායක ධුරය දරන සජිත් ප්‍රේමදාස මහතා දැනට 58 වැනි වියේ පසුවෙයි. ශ්‍රී ලංකාවේ වනසත්ව සංරක්ෂණය ගැන ඔහු දක්වන්නේ දැඩි කැපකිරීමකි. විශේෂයෙන් අලි ඇතුන් රැකගැනීම ගැන ඔහු මහත් වෙහෙසක් ගෙන කටයුතු කරන පරිසරවේදියෙකි. එසේම ඔහු දක්ෂ වනසත්ව ඡායාරූප ශිල්පියෙකුද වෙයි. ඔහු මෙම පසුගිය ජූලි මාසයේදී අලි ඇතුන් සංරක්ෂණය සහ අලි – මිනිස් ගැටුම උදෙසා විශේෂ දසවැදෑරුම් වැඩපිළිවෙළක්ද යෝජනා කළේය. රජයට සහ වගකිව යුතු අංශ සඳහා එම යෝජනා මාලාව ඉදිරිපත් කරනු ලැබුවේය. මෙහිදී ඔහු ප්‍රකාශ කළ එක් කරුණක් නම් මෙම අර්බුදය සඳහා ජනාධිපති කාර්යසාධක බළකායක්ද පිහිටුවිය යුතු බවයි. එසේම වන අලි ඇතුන් පිළිබඳ විද්‍යාත්මක සංගණනයක් සිදුකළ යුතු බවටද යෝජනා කළේය. කෙසේ හෝ මෑතකදී සිදුකළ සංගණනයකින් අලි ඇතුන් ගහනය 5,879ක් යැයිද ප්‍රකාශ වී තිබිණි. පරිසරයට අදාළ පොරොන්දු වත්මන් රජය විසින් ඉටුකළ යුතු බවටද ඔහු යෝජනා කර තිබුණේය.

මහා බි්‍රතාන්‍යයේ (එංගලන්තයේ) විලියම් කුමරු නොහොත් වේල්ස් කුමරු යනු බි්‍රතාන්‍ය රාජකීය සිංහාසනයේ හා ඔටුන්නේ හිමිකාරයා වෙයි. ඔහුගේ සම්පූර්ණ නාමය ලෙස හැඳින්වෙන්නේ විලියම් ආතර් පිලිප් ලුවීය. 1982 ජුනි 21 වැනිදා උපත ලැබූ ඔහු දැනට 43 වැනි වියේ පසුවෙයි. විලියම් කුමරුගේ පියා වන්නේ මහා බි්‍රතාන්‍යයේ සහ අනෙකුත් පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍යයන් 14ක බලයට හිමිකම් කියන තෙවැනි චාල්ස් මහ රජුය. ඔහුගේ මව වන්නේ දැනට ජීවතුන් අතර නැති, මුළුමහත් ලෝකයේම ආදරයට පාත්‍ර වූ වේල්සයේ ඩයනා කුමරියයි. එහෙයින් ඉදිරි අනාගතයේදී මහා බි්‍රතාන්‍යයේ ඔටුන්නට හිමිකම් කියන නොහොත් මහරජු ලෙස පත්වීමට නියමිත වේල්ස් කුමරු යනු ලෝකයේ ඉතා බලගතු පුද්ගලයෙකි. එසේ වුවද මෙහිදී මෙම සුවිශේෂ මිනිසා ගැන හෙළිවන්නේ ඉතා රසබර අපූරු පුවත්ය. එනම් ඔහු සහ ඔහුගේ බිරිඳ කැතරින් මිඩ්ල්ටන් වේල්ස් කුමරිය යනු ඉතා සරල ජීවිතයක් ගතකරන රාජකීය යුවළක් වෙයි. මොවුන් තම දරුවන් සමග වින්ඩ්සර් රජ මාලිගයේ ජීවත් වුවද බොහෝ විට මෙම රාජකීයයන් සාමාන්‍ය සමාජයේ විවිධ සුබසාධන කටයුතුවල නිරත වන ආකාරය දක්නට හැකිය. මෙහිදී මෙම යුවළගේ ප්‍රධාන කැපකිරීමක් වන්නේ ලෝකයේ වන සත්ව ජීවිතය රැකගැනීම සඳහා තම කාලය කැපකිරීමය. එහිදී ඔවුන් අලි ඇතුන් සංරක්ෂණය සඳහා දැඩි මෙහෙවරක් සිදුකරන ආකාරය දක්නට හැකිය. මෙම රාජකීය යුවළ ඒ සඳහා ලොව පුරා සංචාරය කරමින් එම සත්කාරය සිදුකරන ආකාරය අතිශය විශිෂ්ටය.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

සජිත් තමුසෙ මාර මිනිහෙක් ඕයි…! Sri Lanka Latest News

Next Post

වලව්වේ බංගලි රෝස පඳුරු යටින් මොනරකුඩුම්බිය මල් හිනාවෙනවා! Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.