රනිල් අවුරුදු ගණනාවක් එජාප නායකයා වෙලා ඉඳලා මැතිවරණ ගණනාවක් පරාද වෙලා ඉඳ්දි යූ.ඇන්.පී. එකේ ඉන්න මන්ත්‍රීවරු 90%ක් සජිත්ට නායකකම දෙන්න කියලා ඉල්ලද්දිත් රනිල් ඒක සජිත්ට දුන්නෙ නෑ. අන්තිමට රනිල් කළේ සජිත්ට සපෝර්ට් කරපු දයාසිරිලා වගේ නැගීගෙන ආපු මන්ත්‍රීවරුන්ව පක්ෂෙනුත් එළවගත්ත එක.
2018 මෛත්‍රීපාල රනිල් එක්ක වැඩකරන්න බැහැ කියලා සජිත්ට අගමැතිකම භාරගන්න කියලා 62 වතාවක් (මෛත්‍රීපාලම කියපු විදියට) කතා කළත් සජිත් අගමැතිකම භාරගත්තෙ නෑ. ඒ වෙලාවෙ සජිත් කළේ ව්‍යවස්ථා විරෝධී විදියට අගමැති විදියට පත්කරපු මහින්දව එළවන්න රනිල් එක්ක එකතුවෙලා විශාල සටනක් කරපු එක. අන්තිමට මෛත්‍රීට ආයෙ රනිල්වම අගමැති කරන්න වුණේ ඒ සටනෙ ප්‍රතිඵලයක් නිසා.Sri Lanka Latest News
2019 ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකකම සජිත්ට දෙන්න කියලා පක්ෂෙ ඇතුළෙන් විශාල බලපෑමක් රනිල්ට එල්ලවුණු වෙලාවෙ රනිල් බැලුවෙ කොහොම හරි කරු ජයසූරියව දාන්න. හැබැයි අන්තිමට පක්ෂෙ ඇතුළේ තිබ්බ බලපෑම නිසාම සජිත්ට අපේක්ෂකකම දෙන්න රනිල් එකඟ වුණත් රනිල් කළේ සජිත්ව පරද්දන්න කකුලෙන් ඇදපු එක. ඒක ඒ කැම්පේන් එක පුරාම දැක්කා. මොකද සජිත් දිනුවනම් රනිල්ට පක්ෂ නායකකම නැතිවෙනවා කියලා රනිල් දැනන් හිටපු නිසා.
රනිල් එදා ඉඳලම සජිත් එක්ක හිටපු හැම මන්ත්‍රීවරයෙක්ගෙන්ම පළිගත්තා. රනිල් ආශ්‍රය කළේ සාගල, අකිල, මලික්, වජිර වගේ ඉතා සීමිත මන්ත්‍රීවරු පිරිසක් විතරයි.
මහින්දලා ආපහු බලයට ආවට පස්සෙ සජිත්ට ගහන්න සංස්කෘතික අරමුදලේ දූෂණ කියලා ෆයිල් හදලා දුන්නෙ රනිල්. මොකද සජිත් ඊළඟට රාජපක්ෂලට ලොකු අභියෝගයක් වෙනවා කියලා රාජපක්ෂලා විතරක් නෙවේ රනිලුත් දැනන් හිටියා. අන්තිමට ඒ ෆයිල්වලින් සජිත් වැරදිකාරයෙක් නෙවෙයි කියලා ඔප්පු වුණා.
2024 ජනාධිපතිවරණයෙදි රනිල්ට දිනන්න බැහැ කියලා හොඳටම දැනන් හිටියත් රනිල් ඡන්දෙට ආවෙ සජිත්ව පරද්දන්න. රනිල්ගෙ මුළු කැම්පේන් එකේම කළේ සජිත්ට ගහලා සජිත්ගෙ ඡන්ද කඩපු එක මිසක් අනුරව පරාද කරන්න හදපු එක නෙවෙයි. රනිල් හැම වෙලාවකම පාක්ෂිකයට ඒත්තු ගැන්නුවෙ අනුර තමන්ගෙ යාළුවා ඒ නිසා අනුරට දෙවැනි මනාපෙ දෙන්න කියලා.
අන්තිමට රනිල්ගෙ ප්ලෑන් එක හරි ගිහින් සජිත් පැරදිලා අනුර ජනාධිපති වුණා. ඒ වෙලාවෙ මොන කැපිලි කෙටිලි තිබ්බත් සජිත් ලක්ෂ 42ක් ගන්නකොට රනිල්ට ගන්න පුළුවන් වුණේ ලක්ෂ 22ක් විතරයි.
සජිත් රනිල්ගෙ ගේම් හමුවෙ දෙවැනි පාරටත් පරදිනකොට රනිල් හිතුවෙ මහින්දලා එක්ක ඩීල් දැම්මා වගේ අනුර එක්කත් දිගටම ඩීල් දදා ඉන්න පුළුවන් කියලා. හැබැයි අනුර තමන්ගෙ කාඩරය සතුටු කරන්න නොහිතපු වෙලාවක රනිල්ව අත්අඩංගුවට ගත්තා. ඒ වෙලාවෙ අනුර හිතන්නත් නැතුව ඇති ඔච්චර රනිල්ගෙන් ගැරහුම් ලබපු සජිත් ඇතුළු සජබ මන්ත්‍රීවරු රනිල්ව රැකගන්න ඉදිරිපත් වෙයි කියලා.
අන්තිමට වුණේ සජිත් නිසා ආණ්ඩුවට මේක පාරාවළල්ලක් වීම. දැන් මේක ආණ්ඩුවට ලොකු කැළලක් වෙලා ඉවරයි. දැන් ආණ්ඩුව වුණත් උත්සාහ කරයි සජිත්ව හිරකරන්න බලන්න. ඒ මොනවා වුණත් මට සජිත්ට කියන්න තියෙන්නෙ ‘සජිත් තමුසෙ මාර පොරක්’ කියලා. ඔච්චර රනිල්ගෙන් ගැරහුම්, අපහාස, කැපිලි කෙටිලි ලැබිලත් රනිල් අමාරුවෙ වැටුණු වෙලාවෙ උදේ හවස හොස්පිට්ල් එකටත් ගිහින් රනිල්ව රැකගන්න මන්ත්‍රීවරු පාක්ෂිකයො ඔක්කොම එකපෙළකට පෙළගැස්සුවා.
එහෙම හිතක් සාමාන්‍ය මනුස්සයෙක්ට නෑ. සජිත් ඇත්තටම තමුසෙ මාර මිනිහෙක් ඕයි…
(‘ඇඩ්‍රස් නෑ’ ෆේස්බුක් පිටුවෙනි)










